BREAKING
Top Ad
විදේශ

සිංහ පැටවෙක් වීදි සංචාරය කළ කතක් අත්අඩංගුවට : රියදුරු ලාංකිකයෙක්

T

The Leader

January 26, 2024 • 3:31 AM

සිංහ පැටවෙක් වීදි සංචාරය කළ කතක් අත්අඩංගුවට : රියදුරු ලාංකිකයෙක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුරතලයට ඇතිකරන සිංහ පැටවෙක් මෝටර් රථයක නංවාගෙන තායිලන්තයේ පතායා නුවර වීදි සංචාරයේ යෙදවූ කතක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
  •   මෙම මෝටර් රථය රථය ධාවනය කර ඇත්තේ ලාංකිකයෙක් බවත් සිදුවීමෙන් පසුව ඔහු රටින් පිටව ගොස් ඇති බවත් BBC පුවත් සේවය වාර්තා කරයි.
  • ඔහු අත්අඩංගුවට පත්වූ කාන්තාවගේ මිතුරකු බවට විශ්වාස කෙරේ.  තායිලන්තය තුළ සිංහයකු ඇතිකිරීම නීති විරෝධී නොවන නමුත් නිළ ලියාපදිංචියක් තිබිය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

සමාජ මාධ්‍යයේ වයිරල් වූ වීඩියෝවේ දැක්වෙන්නේ දම්වැලකින් ගැටගැසූ සිංහ පැටවෙක්, වහලය විවෘත සුදු පැහැති බෙන්ට්ලි වර්ගයේ මෝටර් රථයක පිටුපස ආසනයේ වාඩි කරවා කාන්තාවක් සහ පුරුෂයෙක් එම මෝටර් රථයේ ඉදිරිපස ආසනවල ගමන් කරන ආකාරය යි.

 

මෙම මෝටර් රථය රථය ධාවනය කර ඇත්තේ ලාංකිකයෙක් බවත් සිදුවීමෙන් පසුව ඔහු රටින් පිටව ගොස් ඇති බවත් BBC පුවත් සේවය වාර්තා කරයි. ඔහු අත්අඩංගුවට පත්වූ කාන්තාවගේ මිතුරකු බවට විශ්වාස කෙරේ. 

තායිලන්තය තුළ සිංහයකු ඇතිකිරීම නීති විරෝධී නොවන නමුත් නිළ ලියාපදිංචියක් තිබිය යුතුය.  

cfeafbf7886dcd45037bcb234dce84bf
අදාළ කාන්තාවට මෙම සිංහ පැටවා තායි පුද්ගලයෙක් ගෙන් මිලදී ගෙන ඇති බවත් ඒ අනුව, ඔහු සිංහ පැටවා පතායා නුවරට ගෙනවිත් දී ඇති නමුත් ඊට ප්‍රථම නීතිමය අවසරය ලබාගැනීමට අපොහොසත්ව ඇති බැවින් මෙම සත්වයා ප්‍රවාහනය සහ හිමිකාරිත්වය නීති විරෝධීව සිදුව ඇති බවට බලධාරීහු පවසති. ඒ අනුව, අවසරයකින් තොරව වන සතෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත බාත් ලක්ෂයක දඩයකට සහ වසරක සිර දඬුවමක් ඇයට නියම වී ඇත. 

එසේම, කුලියට ගත් නිවාඩු නිකේතනයේ සිංහ පැටවා රඳවා ගෙන සිටි බවට පැවසෙන ශ්‍රී ලාංකිකයා සොයා ද පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ඔහුට මාස 6ක සිර දඬුවම් සහ බාත් පනස් දහසක දඩ මුදලකට යටත් වීමට සිදුවනු ඇති බවත් වාර්තා වේ.

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...