BREAKING
Top Ad
විදේශ

තුන්වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාලිගය පවසයි

T

The Leader

February 6, 2024 • 12:42 AM

තුන්වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාලිගය පවසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇතැයි බකිංහැම් මාලිගය පවසයි.
  • රජුට වැලඳී ඇති පිළිකා තත්ත්වය කුමක්ද යන්න පිළිබඳව අනාවරණය කර නැත.
  • එහෙත් රජු සඳුදා දිනයේදී සිය නිත්‍ය ප්‍රතිකාර ආරම්භ කළ බව මාලිගය පවසයි.
  • 75 හැවිරිදි රජු ඔහුගේ පොදු මහජන කටයුතුවලින් ඉවත් වනු ඇති අතර රජු ප්‍රතිකාර ලබා ගන්නා කාලසීමාව තුළ කැමිලා රාජ මෙහෙසිය සහ විලියම් කුමරු රජු වෙනුවෙන් පෙනී සිට රාජකාරි කටයුතු සඳහා සහයෝගය ලබාදීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):


විශාල වූ පුරස්ථි ග්‍රන්ථිය සඳහා රජුට සිදුකළ මෑතකාලීන ප්‍රතිකාරවලදී එය සොයා ගෙන ඇතත්, එය පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් නොවේ.

රජුට වැලඳී ඇති පිළිකා තත්ත්වය කුමක්ද යන්න පිළිබඳව අනාවරණය කර නැත. එහෙත් රජු සඳුදා දිනයේදී සිය නිත්‍ය ප්‍රතිකාර ආරම්භ කළ බව මාලිගය පවසයි.

75 හැවිරිදි රජු ඔහුගේ පොදු මහජන කටයුතුවලින් ඉවත් වනු ඇති අතර රජු ප්‍රතිකාර ලබා ගන්නා කාලසීමාව තුළ කැමිලා රාජ මෙහෙසිය සහ විලියම් කුමරු රජු වෙනුවෙන් පෙනී සිට රාජකාරි කටයුතු සඳහා සහයෝගය ලබාදීමට නියමිතය.

පිළිකාව පවතින අදියර හෝ වෛද්‍ය මතයන් පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණ කර නැත.

රජු ' මුළුමනින්ම ධනාත්මකයි'

නමුත් රජු ඔහුගේ ප්‍රතිකාර පිළිබඳව "මුළුමනින්ම ධනාත්මකව සිටින අතර හැකි ඉක්මනින් පූර්ණ වශයෙන් මහජන සේවයට පැමිණීමට බලාපොරොත්තු වන බවත්" බකිංහැම් මාලිගය පවසයි.

මාලිගය නිකුත් කළ ප්‍රකාශය

WhatsApp Image 2024 02 06 at 11.07.41 AM
රජු සිය පොදු මහජන කටයුතු සඳහා විරාමයක් තැබුවද, රාජ්‍ය නායකයා ලෙස ව්‍යවස්ථාපිත කටයුතු අඛණ්ඩව සිදු කරනු ඇත.

රජු ඉරිදා දිනයේදී සැන්ඩ්‍රින්හැම් හි පල්ලියේ පැවැති දේව මෙහෙයකදී දැකගත හැකි විය. එහිදී ඔහු අවට රැස්ව සිටි පිරිසට අත දිගු කරමින් ප්‍රතිචාර දැක්විය.

රජු දැනට සතියකට අධික කාලයකට පෙර ලන්ඩනයේ පිහිටි පෞද්ගලික රෝහලකදී පුරස්ථි ග්‍රන්ථියේ සැත්කමක් සිදු කර ඇත. ඔහු ඉන් සුවය ලබමින් සිටියේය.

පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් නොවේ

පුරස්ථි ග්‍රන්ථි පරීක්‍ෂා කර ගැනීම සඳහා ඉදිරිපත් වන ලෙස පිරිමින් පුද්ගලයින් දිරිමත් කිරීමේ අරමුණින් රජු තම පුරස්ථි ග්‍රන්ථි ප්‍රතිකාර පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ඉදිරිපත්ව තිබුණි.

බ්‍රිතාන්‍යය ජාතික සෞඛ්‍ය සේවා වෙබ් අඩවිය පුරස්ථි ග්‍රන්ථියේ ගැටලු ඉහළ යාමක් වාර්තා කිරීමත් සමඟ ඒ පිළිබඳව දැනුවත් කිරීමට ලැබිම පිළිබඳව රජු ද සතුටට පත් වූ බව පැවසෙයි.

එය පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවක් නොවන බව හඳුනාගෙන ඇති නමුත් විශාල වූ පුරස්ථි ග්‍රන්ථිය සඳහා ඔහුට මෑතකදී සිදුකළ ප්‍රතිකාර කිරීමේදී මෙය සොයා ගන්නා ලදී.

පිළිකාව මුල් අවධියේදී හඳුනාගෙන ඇති බවට විශ්වාස කෙරෙන අතර, රජු ප්‍රතිකාර ලබමින් සිටියි.

camila 1

පුරස්ථි ග්‍රන්ථිය විශාල වීම සඳහා ප්‍රතිකාර කිරීමෙන් පසු චාල්ස් රජු ලන්ඩන් රෝහලෙන් පිටව ගිය අයුරු

පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට රසායනික චිකිත්සාව (chemotherapy) ඇතුළත් විය හැක. පිළිකා සෛල විනාශ කිරීමට භාවිතා කරන ඖෂධ; විකිරණ චිකිත්සාව (radiotherapy) පිළිකා සෛල විනාශ කිරීමට විකිරණ භාවිතා කරන ප්‍රතිකාරයක් හෝ පිළිකා සෛල සොයාගෙන කඩිනමින් සාර්ථක ප්‍රතිචාර දැක්විය හැකි ඉලක්කගත පිළිකා ඖෂධ යොදා ගනු ඇත.


Article information
ෂෝන් කොග්ලන්
රාජකීය වාර්තාකරු

(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...