BREAKING
Top Ad
විදේශ

ගොවි විරෝධතාකරුවන් විසුරුවා හැරීමට දෙවැනි දිනයේත් කඳුළු ගෑස්

T

The Leader

February 14, 2024 • 6:24 AM

ගොවි විරෝධතාකරුවන් විසුරුවා හැරීමට දෙවැනි දිනයේත් කඳුළු ගෑස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිය භෝග සඳහා අවම මිලක් ඉල්ලා විරෝධතාවයේ නිරත වන දහස් සංඛ්‍යාත ගොවීන් දිල්ලි නුවරට පාගමනින් යෑම වැළැක්වීම සඳහා
  • බහුතරයක් පන්ජාබ් ප්‍රාන්තයෙන් පැමිණි ගොවීහු තවමත් හර්යානා ප්‍රාන්තයේ ෂම්බු දේශසීමාවේ එනම්, දිල්ලියට කිලෝමීටර් 200ක් පමණ දුරින් සිටිති.
  • විරෝධතා මැඩපැවැත්වීමේ අරමුණින් රේසර් කම්බි, සිමෙන්ති කුට්ටි ආදිය යොදා අගනුවර පැති තුනකින් වැටවල් වලින් වට කර ඇත.
  •   අද (14) දිනයේ දී ගොවීන් මාර්ග බාධක ඉවත් කිරීමට පටන් ගැනීමත් සමඟ හර්යානා ප්‍රාන්ත පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙවැනි දිනටත් ඉන්දීය පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.


බහුතරයක් පන්ජාබ් ප්‍රාන්තයෙන් පැමිණි ගොවීහු තවමත් හර්යානා ප්‍රාන්තයේ ෂම්බු දේශසීමාවේ එනම්, දිල්ලියට කිලෝමීටර් 200ක් පමණ දුරින් සිටිති.

විරෝධතා මැඩපැවැත්වීමේ අරමුණින් රේසර් කම්බි, සිමෙන්ති කුට්ටි ආදිය යොදා අගනුවර පැති තුනකින් වැටවල් වලින් වට කර ඇත.

 

 132637475 gettyimages 2001184067 594x594
අද (14) දිනයේ දී ගොවීන් මාර්ග බාධක ඉවත් කිරීමට පටන් ගැනීමත් සමඟ හර්යානා ප්‍රාන්ත පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

බදාදා උදෑසන වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කළේ විරෝධතාකරුවන් මැඩ පැවැත්වීම සඳහා කැරලි මර්දන පොලිසිය සහ හමුදා භටයන් දහස් ගණනක් දිල්ලි දේශසීමාවේ යොදවා ඇති අයුරුයි.

 


2020 වසරේ දී සිදුවූ දේ නැවත සිදුවනු ඇතැයි ඉන්දීය රජය බියට පත්ව ඇත. වසරක් පුරා පැවති විරෝධතාවලින් පුද්ගලයින් රැසක් මිය ගිය අතර එය අවසන් වූයේ මතභේදාත්මක කෘෂිකාර්මික නීති අවලංගු කිරීමට ඇමතිවරුන් එකඟ වීමෙන් පසුව පමණි. එහෙත් වසර තුනක් ගතවී ඇතත් අනෙකුත් ඉල්ලීම් ඉටුවී නොමැති බව ගොවීහු පවසති.

 

 132629030 gettyimages 1988741176 594x594


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...