BREAKING
Top Ad
විදේශ

ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවළකගේ සිරුරු සොයාගනී

T

The Leader

March 13, 2024 • 11:01 AM

ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවළකගේ සිරුරු සොයාගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වොරන්ඩයිට් ප්‍රදේශයේ නිවසක් ආසන්නයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත
  • එක් සිරුරක් යුවළට අයත් බවට පැවසෙන මෝටර් රථය තුළ සහ අනෙක් සිරුර ඒ ආසන්නයෙන් සොයා ගෙන තිබුණි.
  • මෙලෙස මිය ගොස් ඇත්තේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වැඩිහිටි යුවළක් බව අනාවරණ වී තිබේ.
  • ඔවුන් වයස අවුරුදු 70-80ත් අතර පසුවන ඩොයින් කැස්ප්ර්ස් සහ මාර්ලීන් කැස්පර්ස් ලෙසයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

වැඩිහිටි යුවළකගේ මළ සිරුරු හමුවී තිබේ.

ඔවුන්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ඊසාන දිග වොරන්ඩයිට් ප්‍රදේශයේ පිහිටි නිවස ආසන්නයෙන් මෙම යුවළගේ සිරුරු හමුවී තිබුණේ ඊයේ (12) පෙරවරු කාලයේදී ය.

එක් සිරුරක් යුවළට අයත් බවට පැවසෙන මෝටර් රථය තුළ සහ අනෙක් සිරුර ඒ ආසන්නයෙන් සොයා ගෙන තිබුණි.

මෙලෙස මිය ගොස් ඇත්තේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වැඩිහිටි යුවළක් බව අනාවරණ වී තිබේ.

ඔවුන් වයස අවුරුදු 70-80ත් අතර පසුවන ඩොයින් කැස්ප්ර්ස් සහ මාර්ලීන් කැස්පර්ස් ලෙසයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ඔවුන්ගේ මරණයට හේතුව දැනගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් රැඳී සිටිය යුතු බව පොලීසිය පවසා තිබේ.

කෙසේවුවද මෙය සැකකටයුතු මරණයක් නොවන ලෙස පොලීසිය සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිය ගොස් ඇති යුවළ එම ප්‍රදේශයේ වසර 25ක පමණ කාලයක් ජීවත්ව තිබුණි.

එමෙන්ම ඩොයින් කැස්ප්ර්ස්, ඔස්ට්‍රේලියාවේ වාර්ගික ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කරන බර්ගර් සංවිධානයේ උප සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.

(adaderana.lk)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...