BREAKING
Top Ad
විදේශ

වේල්ස් කුමරිය පිළිකා ප්‍රතිකාර මුල් අවධියේ

T

The Leader

March 23, 2024 • 9:15 AM

වේල්ස් කුමරිය පිළිකා ප්‍රතිකාර මුල් අවධියේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමා පිළිකා රෝගයකින් පෙළෙන බව බ්‍රිතාන්‍යයේ වේල්ස් කුමරිය වන කේට් මිඩ්ල්ටන් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.
  • කෙන්සිංටන් මාලිගය විසින් නිකුත් කරන ලද වීඩියෝ ප්‍රකාශයක කැතරින් පැවසුවේ මෙය "විශාල කම්පනයක්" ඇති කළ බවයි.
  • නමුත් ඇය ධනාත්මක පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ, ඇය ශක්තිමත්ව සෑම දිනකම හොඳින් සිටින බවය.
  • තමා පසුගිය ජනවාරි මාසයේදී උදරයේ සැත්කමකට භාජනය වූ බවත් එහිදී පිළිකා තත්ත්වයක්  ඇති බව නොදැන සිටි බවත් එම විඩියෝ ප්‍රකාශයේ සඳහන් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


පරීක්ෂණ වලදී පිළිකාවක් ඇති බව සොයා ගැනීමෙන් පසු එය වැළැක්වීමේ චිකිත්සාවකට භාජනය වන බව වේල්ස් කුමරිය පවසයි.

කෙන්සිංටන් මාලිගය විසින් නිකුත් කරන ලද වීඩියෝ ප්‍රකාශයක කැතරින් පැවසුවේ මෙය "විශාල කම්පනයක්" ඇති කළ බවයි.

නමුත් ඇය ධනාත්මක පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ, ඇය ශක්තිමත්ව සෑම දිනකම හොඳින් සිටින බවය.

තමා පසුගිය ජනවාරි මාසයේදී උදරයේ සැත්කමකට භාජනය වූ බවත් එහිදී පිළිකා තත්ත්වයක්  ඇති බව නොදැන සිටි බවත් එම විඩියෝ ප්‍රකාශයේ සඳහන් විය.

කෙසේ වෙතත් ශල්‍යකර්මයෙන් පසුව කරන ලද පරීක්‍ෂණවලින් පිළිකාවක් ඇති බව සොයාගෙන ඇති අතර ඇයගේ වෛද්‍යවරු පවසා ඇත්තේ ඒ සඳහා ප්‍රතිකාරවලට යොමුවන ලෙසයි.    

පිළිකා රෝගයට මුහුණ දෙන සෑම කෙනෙකුම කුමන ආකාරයේ වුවද බලාපොරොත්තු නැති කර නොගන්නා ලෙස ඇය ඉල්ලා සිටියාය.

අනාගත ඔටුන්න හිමි බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ විලියම් කුමරු හා කේට් මිඩ්ල්ටන් 2011 වසරේ දී විවාහ වූ අතර මේ වන විට දරුවන් තිදෙනෙකුගේ මවකි.


 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...