BREAKING
Top Ad
විදේශ

ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ නෞකාවක් ගැටී ඇමෙරිකාවේ දැවැන්ත පාලමක් සුණුවිසුණු වෙයි

T

The Leader

March 26, 2024 • 9:48 AM

ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ නෞකාවක් ගැටී ඇමෙරිකාවේ දැවැන්ත පාලමක් සුණුවිසුණු වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීමෙන් ඇමෙරිකාවේ බැල්ටිමෝර් නගරයේ පිහිටි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම
  •   ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ නෞකාවක් ගැටීමෙන් ඇමෙරිකාවේ පාලමක් කඩා වැටෙන අයුරු කිලෝමීටර් 2.6 (සැතපුම් 1.6)ට වඩා දිගින් යුත් එම පාලම හරහා ගමන් කරමින් තිබූ වාහන කිහිපයක් පැටැප්ස්කෝ නදියට ඇද වැටිණි.
  • බැල්ටිමෝර් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසූ පරිදි, පුද්ගලයින් 20 දෙනෙකු පමණ ජලයට වැටී ඇති බවට විශ්වාස කරන බව ය.
  • හදිසි සහන සේවා නිලධාරීන් කඩිනමින් එම ස්ථානය ගොස් ඇති අතර අනතුරට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

(Francis Scott Key Bridge) කඩා වැටී තිබේ.

 ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ නෞකාවක් ගැටීමෙන් ඇමෙරිකාවේ පාලමක් කඩා වැටෙන අයුරු


කිලෝමීටර් 2.6 (සැතපුම් 1.6)ට වඩා දිගින් යුත් එම පාලම හරහා ගමන් කරමින් තිබූ වාහන කිහිපයක් පැටැප්ස්කෝ නදියට ඇද වැටිණි.

බැල්ටිමෝර් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසූ පරිදි, පුද්ගලයින් 20 දෙනෙකු පමණ ජලයට වැටී ඇති බවට විශ්වාස කරන බව ය.

හදිසි සහන සේවා නිලධාරීන් කඩිනමින් එම ස්ථානය ගොස් ඇති අතර අනතුරට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක වේ.

නාගරික බලධාරීන් පවසන්නේ, දේශීය වේලාවෙන් අලුයම 01:30ට (මෙරට වේලාවෙන් පෙරවරු 11ට) වසර 47ක් පැරණි පාලම මත නෞකාවක් ගැටීමෙන් එය කඩා වැටී ඇති බව ය.

Francis Scott Key Bridgeසාගර රේඩාර් පද්ධතියට අනුව, එය අලුයම 00.45ට පෝර්ට් බ්‍රීස් වරායෙන් පිටත් වී තිබේ.


"ට්‍රැක්ටර් ටේලරයක ප්‍රමාණයේ වාහනයක්" ඇතුළු වාහන කිහිපයක් ම පහතින් තිබූ නදියට වැටුණු බව ඔවුහු පැවසූහ.

සිංගප්පූරු ධජය සහිත ඩාලි නමැති එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකාවේ කොළඹ වරාය වෙත යාත්‍රා කරමින් තිබූ බව දත්ත වාර්තා අනුව අනාවරණය වී තිබේ.

සාගර රේඩාර් පද්ධතියට අනුව, එය අලුයම 00.45ට පෝර්ට් බ්‍රීස් වරායෙන් පිටත් වී තිබේ.

බැල්ටිමෝර් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව, ඇමෙරිකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ මේරිලන්ඩ් ප්‍රාන්තයේ සෙසු ආයතන කිහිපයක් එක්ව දැවැන්ත මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත‍.

බැල්ටිමෝර් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සන්නිවේදන ප්‍රධානී කෙවින් කාර්ට්රයිට් මෙම අනතුර පැහැදිලි කළේ, "බරපතළ හදිසි තත්ත්වයක්" ලෙස ය.

"මේ මොහොතේ අපි අවධානය යොමු කරල තියෙන්නේ, මේ මිනිස්සු බේරා ගන්න එක සහ ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙන එක ගැන යි," ගඟට වැටුණු ජනතාව පිළිබඳව අවධානය යොමු කරමින් ඔහු ප්‍රකාශ කළේ ය.


Francis Scott Key Bridge222කඩා වැටුණු පාලම


කාර්ට්රයිට් පැවසුවේ, "පාලම මත එල්ලෙමින් තිබෙන ඇතැම් භාණ්ඩ හෝ පාලමේ කොටස්" හේතුවෙන් අනාරක්ෂිත සහ අස්ථාවර තත්ත්වයක් උද්ගත වී ඇති අතර, විදුලි විසන්ධි වීමක් මධ්‍යයේ හදිසි මුදා ගැනීමේ කණ්ඩායම් ප්‍රවේශම්සහගත ලෙස මෙහෙයුම්හි නිරතව සිටින බව ය.

නැව තුළ සිටි නාවික නියමුවන් දෙදෙනෙකු ඇතුළු සියලු ම කාර්ය මණ්ඩල සාමාජිකයින් පිළිබඳව සොයා බලා ඇති බවත්, කිසිදු තුවාල ලැබීමක් වාර්තා වී නොමැති බවත්, "සිද්ධියට නිශ්චිත හේතුව තවමත් නිශ්චය කර නොමැති" බවත් Synergy Marine Group නැව් සමාගම පැවසීය.

(BBC සිංහල සේවය)

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...