BREAKING
Top Ad
විදේශ

කච්චතිවු ලංකාවට දුන්නාට මෝදිට කේන්ති ගිහින්

T

The Leader

March 31, 2024 • 9:13 AM

කච්චතිවු ලංකාවට දුන්නාට මෝදිට කේන්ති ගිහින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එවකට හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය කච්චතිව් දුපත ශ්‍රී ලංකාවට ලබා දීමට ගත් තීරණය සම්බන්ධයෙන්
  • තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ලබා ගත් තොරතුරු මත 1974 වසරේදී ඉන්දිරා ගාන්ධි මහත්මිය අග්‍රාමාත්‍යවරිය ලෙස කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට පවරා දීමට කටයුතු කර තිබෙන බවට අනාවරණය වීම හේතුවෙන් අගමැති මෝදි මෙලෙස කොංග්‍රස් පක්ෂයට දෝෂාරෝපණ එල්ල කර ඇත.
  • කච්චතිව් ප්‍රශ්නයට වගකිව යුත්තේ කවුරුන්දැයි පිළිබඳ සැමගේ දෑස් මේ වනවිට විවර වී ඇති බවත් ඉන්දියාවේ පැරණි පක්ෂයක් වූ කොංග්‍රස් පක්ෂය රටේ එකමුතුකම සහ අඛණ්ඩතාව දුර්වල කර ඇති බවත් මෝදි අගමැතිවරයා පැවැසුවේය.
  • නමුත් 1974 වසරේදී එවකට හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය විසින් කච්චතිව් දුපතේ අයිතිය ශ්‍රී ලංකාවට පවරා දෙනු ලැබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද ඉන්දීය කොංග්‍රස් පක්ෂයට දෝෂාරෝපණ එල්ල කළේය.

තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ලබා ගත් තොරතුරු මත 1974 වසරේදී ඉන්දිරා ගාන්ධි මහත්මිය අග්‍රාමාත්‍යවරිය ලෙස කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට පවරා දීමට කටයුතු කර තිබෙන බවට අනාවරණය වීම හේතුවෙන් අගමැති මෝදි මෙලෙස කොංග්‍රස් පක්ෂයට දෝෂාරෝපණ එල්ල කර ඇත.

කච්චතිව් ප්‍රශ්නයට වගකිව යුත්තේ කවුරුන්දැයි පිළිබඳ සැමගේ දෑස් මේ වනවිට විවර වී ඇති බවත් ඉන්දියාවේ පැරණි පක්ෂයක් වූ කොංග්‍රස් පක්ෂය රටේ එකමුතුකම සහ අඛණ්ඩතාව දුර්වල කර ඇති බවත් මෝදි අගමැතිවරයා පැවැසුවේය.

ඉන්දිරා ගාන්ධි මහත්මිය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ඉන්දියානුවන් කෝපයෙන් පසුවන බවත් කොංග්‍රස් පක්ෂය විශ්වාස කළ නොහැකි බවට මතයක් ඔවුන්ගේ සිත්වල ගොඩ නැගී ඇති බවත් අගමැති මෝදි ප්‍රකාශ කළේය.

රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාව අතර පිහිටි කච්චතිව් දූපත සාම්ප්‍රදායිකව දෙරටේම ධීවරයින් විසින් භාවිත කරන ලදී. නමුත් 1974 වසරේදී එවකට හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය විසින් කච්චතිව් දුපතේ අයිතිය ශ්‍රී ලංකාවට පවරා දෙනු ලැබිණ.

ඉන්දීය අගමැතිවරයා ඉහත ප්‍රකාශය කරනු ලැබුවේ, ඉන්දීය මහ මැතිවරණය අසන්න වෙමින් තිබියදී වීම විශේෂ කාරණයකි.

ඉන්දීය මහ මැතිවරණය අදියර හතරකින්

ඉන්දීය මහ මැතිවරණය ලබන අප්‍රේල් සහ මැයි මාසවලදී අදියර හතකින් පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම පවසයි.

ඡන්ද විමසීම අප්‍රේල් 19 වැනිදා ආරම්භ වී ජුනි 1 වැනිදා අවසන් වේ.

මැතිවරණ ප්‍රතිඵල ජුනි 4 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ප්‍රධාන මැතිවරණ කොමසාරිස් රජිව් කුමාර් පවසා තිබේ.

(උපුටා ගැනීම : lankadeepa.lk -විමුක්ති එස් රුද්‍රිගු)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...