BREAKING
Top Ad
විදේශ

දකුණු කොරියාවේ පාලක පක්ෂයට දරුණු පරාජයක්

T

The Leader

April 11, 2024 • 10:50 AM

දකුණු කොරියාවේ පාලක පක්ෂයට දරුණු පරාජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු කොරියාවේ ඊයේ (10) පැවති මහ මැතිවරණයෙන් ප්‍රධාන විපක්ෂයට විශිෂ්ට ජයක් හිමිවී ඇති අතර ඒ අනුව පාර්ලිමේන්තුවේ
  • එරට ජාතික සභාවේ ආසන 300න් 192ක බලය හිමිකර ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (DPK) සහ ඔවුන් සමග එකතුව කටයුතු කළ කුඩා පක්ෂ සමත්වී තිබේ.
  • ජනාධිපතිවරයාගේ People Power පක්ෂයට ඒ අනුව දරුණු පරාජයක් හිමිවී ඇත.
  • මෙම මැතිවරණ පරාජයත් සමගම අගමැති Han Duk-soo සහ People Power පක්ෂයේ සභාපති Han Dong-hoon ඉල්ලා අස්වී ඇති බව සඳහන් වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

බලය තහවුරු කර ගැනීමට ඔවුන් සමත්වී ඇත.

එරට ජාතික සභාවේ ආසන 300න් 192ක බලය හිමිකර ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (DPK) සහ ඔවුන් සමග එකතුව කටයුතු කළ කුඩා පක්ෂ සමත්වී තිබේ.

ජනාධිපතිවරයාගේ People Power පක්ෂයට ඒ අනුව දරුණු පරාජයක් හිමිවී ඇත.

cghfgh

මෙම මැතිවරණය පැවැත්වුණේ වත්මන් ජනාධිපති යූන් සුක් යොල්  (Yoon Suk Yeol)  හට වසර තුනක් බලයේ රැඳී සිටීමට අවස්ථාව පවතිද්දී වීම විශේෂත්වයකි.


මෙම මැතිවරණ පරාජයත් සමගම අගමැති Han Duk-soo සහ People Power පක්ෂයේ සභාපති Han Dong-hoon ඉල්ලා අස්වී ඇති බව සඳහන් වෙයි.

වර්තමාන ජනාධිපති Yoon Suk Yeol ගේ ප්‍රතිපත්ති ගැන ඇති ජනතා කැමැත්ත විමසීමට ජනමත විචාරණයක් ලෙස මෙම මැතිවරණය සැලකුණි.

hfty566

ආහාර මිල ඉහළ යාම, සීඝ්‍රයෙන් වයස්ගත වන ජනගහනය සහ දැනට ක්‍රියාත්මක වෛද්‍ය වැඩවර්ජනය ඇතුළු ගැටලු ගණනාවක් විසඳීමට නොහැකිවීම නිසා පැවති රජය විවේචනයට ලක්විය.

මතභේදයකට තුඩු දී ඇති ජනපති යූන් ගේ බිරිඳ කිම් කියෝන් හී ගේ සුඛෝපභෝගී ජීවිතය හා ඔහුගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ට එල්ලවූ දූෂණ සහ බලය අවභාවිත කිරීමේ චෝදනා මැතිවරණ සමය උණුසුම් කර තිබේ.

xfgdfgrr
“මෙය ඩිමොක්‍රටික් පක්ෂයේ ජයග්‍රහණයක් නොව ජනතාව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක්” යැයි ඩීපීකේ නායක ලී ජේ-මියුන් බ්‍රහස්පතින්දා පැවසීය.

“පවතින ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා දෙපස සිටින දේශපාලනඥයන් අපගේ ශක්තිය එක්රැස් කළ යුතුය. ජීවනෝපාය අර්බුදය විසඳීමට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නායකත්වය දෙනු ඇත,” ඔහු වාර්තාකරුවන්ට පැවසීය.
 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දකුණු කොරියාවේ පාලක පක්ෂයට දරුණු පරාජයක් | The Leader