BREAKING
Top Ad
විදේශ

ඊශ්‍රායල මිසයිලයක් ඉරානයට පහර දුන් බව එක්සත් ජනපද බලධාරීහු පවසති

T

The Leader

April 19, 2024 • 11:17 AM

ඊශ්‍රායල මිසයිලයක් ඉරානයට පහර දුන් බව එක්සත් ජනපද බලධාරීහු පවසති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය විසින් මිසයිලයක් ඉරානයට වෙත එල්ල කොට ඇති බව එක්සත් ජනපද නිලධාරීන් BBC හි හවුල්කාර සේවාවක් වන CBS
  • පසුගිය සෙනසුරාදා (අප්‍රේල් 13) රාත්‍රියේ ඉරානය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බව ඊශ්‍රායලය ප්‍රකාශ කිරීමෙන් පසු ඉරානය දැඩි අවධානයකින් පසුවිය.
  • ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රථම සෘජු ප්‍රහාරයේදී ඩ්‍රෝන යානා සහ මිසයිල 300කට වැඩි ප්‍රමාණයක් එල්ල කළේය.
  • අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ අනෙකුත් මිත්‍ර රටවල සහය ඇතිව ඊශ්‍රායල ගුවන් ආරක්ෂක අංශ විසින් ඉරානය එල්ල සියලුම මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මැඩලීමට සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රවෘත්ති වෙත පවසා තිබේ.

ඉරාන මාධ්‍ය පවසන්නේ ඉස්ෆහාන් හි මධ්‍යම පළාතෙන් පිපිරුම් හඬවල් ඇසුණු බවත්; නගර කිහිපයක ගුවන් ගමන් සේවා අත්හිටුවා ඇති බවත් ය.

පසුගිය සෙනසුරාදා (අප්‍රේල් 13) රාත්‍රියේ ඉරානය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බව ඊශ්‍රායලය ප්‍රකාශ කිරීමෙන් පසු ඉරානය දැඩි අවධානයකින් පසුවිය.

zdsdfsd
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රථම සෘජු ප්‍රහාරයේදී ඩ්‍රෝන යානා සහ මිසයිල 300කට වැඩි ප්‍රමාණයක් එල්ල කළේය.

අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ අනෙකුත් මිත්‍ර රටවල සහය ඇතිව ඊශ්‍රායල ගුවන් ආරක්ෂක අංශ විසින් ඉරානය එල්ල සියලුම මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මැඩලීමට සමත් විය.

ඉරාන මාධ්‍ය විසින් මෙම ප්‍රහාරයේ සෘජු බලපෑම් කිසිවක් වාර්තා කර නොමැති අතර සියලුම න්‍යෂ්ටික මධ්‍යස්ථාන ආරක්ෂිත බව පවසා ඇත. ඊශ්‍රායල හමුදාව මේ සම්බන්ධයෙන් මෙතෙක් අදහස් දක්වා නැත.


dfgsdfඉස්ෆහාන් යනු විශාල ගුවන් කඳවුරකට, ප්‍රධාන මිසයිල නිෂ්පාදන සංකීර්ණයකට සහ න්‍යෂ්ටික ස්ථාන කිහිපයකම නිවහනකි.



ඉරානයේ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ ඉස්ෆහාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ ඉස්ෆහාන් නගරයේ හමුදා කඳවුරක් අසල පිපිරීම් හඬ ඇසුණේ දේශීය ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රීය කිරීම හේතුවෙන් බවයි.

බීබීසී පර්සියානු ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කරන ලද වීඩියෝවක ඉස්ෆහාන් හි රාත්‍රී අහසේ තැඹිලි පැහැති එළි සහ ගුවන් යානා නාශක පිපිරීමක් ලෙස පෙනෙන දේවල හඬ ඇසෙයි.

ඉරානයට එරෙහි ඕනෑම ඊශ්‍රායල ප්‍රහාරයකට ඉක්මන් ප්‍රතිචාරයක් දක්වන බවට ඉරාන නායකයින් පසුගිය දිනවල අනතුරු අඟවා තිබුණි.

අර්බුදය උත්සන්නවීම පාලනය කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව උත්සාහ කරන අතර, සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.

බ්‍රහස්පතින්දා ( අප්‍රේල් 18) එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින විරසකය "ක්‍රමයෙන් උත්සන්න වෙමින් පවතින" බවයි.


"එක් වැරදි ගණනය කිරීමක්, එක් වැරදි සන්නිවේදනයක්, එක් වැරද්දක් මගින් සිතාගත නොහැකි මට්ටමේ තැනකට එය තල්ලු විය හැකි බවත් එයට සම්බන්ධ වූ සියල්ලන්ටම විනාශය ගෙන ආ හැකි මහා පරිමාණ කලාපීය ගැටුමකට යා හැකි " බවත් ඔහු ආරක්ෂක මණ්ඩලයට පැවසීය.



සටහන :
රාෆි බර්ග් - බීබීසී පුවත්
(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...