අප්‍රිකාවට මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සාලොස් ක්ලෝස් චිලිමා (Saulos Klaus) ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් විය.
අනතුරට පත් වෙද්දී, උප ජනාධිපති සවුලෝස් චිලිමා ඇතුළු තවත් 9 දෙනකු ගුවන් යානයේ සිට ඇත. අනතුරට පත් වූයේ මලාවි හමුදාවට අයත් ගුවන් යානයකි.
51 හැවිරිදි උප ජනාධිපතිවරයා ගමන්ගත් ගුවන් යානය අද පෙරවරුවේ අතුරුදන්ව තිබිණ.
ගුවන් යානය ඝන කැලෑබද ප්‍රදේශයකට කඩා වැටෙන්නට ඇතැයි එරට හමුදා ආරංචි මාර්ග සැක පල කර අතට ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණය හා අධික මීදුම හේතුවෙන් ගුවන් නියමුවාගේ දර්ශන පථය අවහිර වීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි, අනතුරින් පසු ජාතිය ඇමතූ එරට ජනාධිපති ලසරස් චක්වේරා (Lazarus Chakwera) ප්‍රකාශ කළේය.
ගුවන් නියමුවා විසින් අයහපත් කාලගුණික තත්වය එරට ගුවන් බළධාරීන්ට දැන්වීමෙන් පසු, ගුවන් යානය ආපසු හැරවීමට උපදෙස් ලැබුණද, ඒ වන විටත්, ගුවන් යානය සහ පාලක මැදිරිය අතර සබඳතා ඇණහිට තිබූ බවද ඔහු ප්‍රකාශ කළේය. අනතුරට පත් ගුවන් යානය සොයා, ගලවා ගනීමේ මෙහෙයුම් උපරිම ධාරිතාවෙන් සිදුකෙරෙන බවද, ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මලාවි, හිටපු නීතිපති සහ අධිකරණ අමාත්‍යවරයාගේ අවමගුල් උත්සවයට සහභාගී වීමට, උප ජනාධිපතිවරයා සහ තවත් නව දෙනකු රැගත් මලාවි හමුදා ගුවන්යානය අද, එරට වේලාවෙන් පෙ.ව.09.17ට (0717 GMT) මලාවි හි ලිලොන්ග්වේ අගනුවර සිට එරට, එම්සුසු (Mzuzu) ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා පිටත් වී තිබේ.
ඉකුත් 2022 වසරේදී, මලාවි හි උප ජනාධිපති සාලොස් ක්ලෝස් රජයේ කොන්ත්‍රාත්තු ලබා දීම සඳහා මුදල් ලබා ගත් බවට චෝදනා මත අත්අඩංගුවට ද පත්විය.
(සටහන -හර්ෂ උදයකාන්ත)



