වරදකරු බවට ප්‍රකාශ කර තිබේ. පසුගිය මැයි 30 වැනි බ්‍රහස්පතින්දා නිව්යෝක් මැන්හැටන් අපරාධ අධිකරණයේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
ඒ අනුව, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ඉතිහාසයේ, අධිකරණයකින් වරදකරු බවට පත් ප්‍රථම ජනාධිපතිවරයා වෙයි.
මූල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා සියල්ලටම අධිකරණයේදී වැරදිකරු බවට පත් ට්‍රම්ප්, අධිකරණ ශාලාවෙන් පිටතට පැමිණි අවස්ථාවේදී රැස්ව සිටි ජනතාව හඬ නගමින් ඔහුට විරෝධය පල කළහ.
මාධ්‍යවේදීන් අසලට පැමිණි ට්‍රම්ප්, තමන්ට එරෙහිව ලබා දුන් නඩු තීන්දුව අන්ත දූෂිත මෙන්ම, නින්දිත එකක් බවත්, නියම තීන්දුව එළඹෙන නොවැම්බර් 05 වැනි දා ජනතාව විසින් ලබා දෙනු ඇති බවත් ප්‍රකාශ කළේය.
අධිකරණයේදී, ට්‍රම්ප්ට එරෙහි නඩුව තවත් දිනකට කල් තැබීමට විනිසුරුවරයා සන් කළ අවස්ථාවේදී, ට්‍රම්ප් සිය නීතිඥවරයා සමඟ විහිළු තහළු කරන ආකාරය ද නිරීක්ෂණය විය. එම අවස්ථාවේ, අධිකරණ ශාලාවේ තත්වය හදිසියේම උඩු යටිකුරු කරමින්, තමන් නිශ්චිත නඩු තීන්දුවකට පැමිණ ඇති බව ජූරිය විසින් විනිසුරුවරයා දැනුම්වත් කෙරිණි.
ජූරි සභාව දින දෙකක් පුරා පැය 10 කට ආසන්න කාලයක් සාකච්ඡා කර එළැඹි තීන්දුවට අනුව, ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුට එල්ල වූ, ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමේ චෝදනා තිස් හතරෙන් සියල්ලටම වැරදිකරු විය. නිව්යෝක් වාසී නීති සභිකයින් 12 දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් විසින් පැය 10 කට ආසන්න කාලයක් සාකච්ඡා කිරීමෙන් පසු, මෙම, ඒකමතික හා ඓතිහාසික තීන්දුව ලබා දුන් අතර, ඒ අනුව, එක්සත් ජනපද ඉතිහාසයේ වරදකරුවෙකු වූ ප්‍රථම ජනාධිපතිවරයා බවට ට්‍රම්ප් පත් විය.
කාමුක චිත්‍රපටවල ලිංගික දර්ශන සඳහා පෙනී සිටින ඇමෙරිකානු නිලියක් වන ස්ටෝමි ඩැනියෙල්ස් හට තොරතුරු වසන් කිරීම පිණිස, 2016 මැතිවරණයට පෙර ලබා දුන්, ඇමෙරිකානු ඩොලර් 130,000 ක වංචා සහගත ගෙවීමක් සැඟවීමට ට්‍රම්ප්, ව්‍යාජ ව්‍යාපාරික වාර්තා සකස් කර, අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ බවට චෝදනා අධිකරණය ඉදිරියේ ඔප්පු වීමත් සමග, ජූරි සභාව ට්‍රම්ප්ට එරෙහි සිය තීන්දුව ප්‍රකාශ කළේය.
ඒ අනුව, දඬුවම් නියම කිරීම සඳහා ඔහු ජූලි මස 11 වැනි දින යලි අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිතය. ඒ, ඇමෙරිකානු රිපබ්ලිකන් ජාතික සමුළුවට දින හතරකට පෙර වීමද විශේෂ කරුණකි. මේ අතර, ඇමරිකානු නීති විශාරදයින් පවසන්නේ මෙලෙස වැරදිකරුවෙකු වූ පමණින්, ට්‍රම්ප් ජනාධිපති අපේක්ෂකත්වයට තරග කිරීමට නුසුදුස්සෙකු නොවන බවයි.
මෙම නඩු තීන්දුව හේතුවෙන්, ඔහුට එළැඹෙන ජනපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයකු බවට පත්වීමේ කිසිදු ගැටළුවක් නොමැති බවත්, ඔහු ඇමෙරිකානු පුරවැසියකු වශයෙන්, ෆ්ලොරිඩාවේ පදිංචිකරුවකු වන කරුණ මත පදනම්ව ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව පවා පවතින බවත්, ඔවුහු ප්‍රකාශ කරති.
(සටහන: හර්ෂ උදයකාන්ත)
නිව්යෝක් මැන්හැටන් අධිකරණයේ තමන්ට එරෙහි නඩුව විභාග වන අවස්ථාවට සහභාගී වී සිටින එක්සත් ජනපද හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ස්ටෝමි ඩැනියෙල්ස්
(ඡායාරූප අන්තර්ජාලයෙනි).



