BREAKING
Top Ad
විදේශ

දකුණු ගාසා තීරයේ මානුෂීය කලාපයකට අද අලුයම ඊශ්‍රායලයෙන් දැඩි ප්‍රහාර

T

The Leader

June 13, 2024 • 3:16 AM

දකුණු ගාසා තීරයේ මානුෂීය කලාපයකට අද අලුයම ඊශ්‍රායලයෙන් දැඩි ප්‍රහාර 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල හමුදාව අද (13) දකුණු ගාසා තීරයේ මානුෂීය ආරක්ෂිත කලාපයකට ගොඩබිමින්, මුහුදෙන් සහ ගුවනින් දැඩි ප්‍රහාර එල්ල කළේය.
  •     සරණාගතයින් විශාල පිරිසක් සහිත එම ආරක්‍ෂිත කලාපය වෙත, ඊශ්‍රායල ගුවන් හා නාවික හමුදා විසින් බෝම්බ සහ බර මැෂින් තුවක්කු  ප්‍රහාර එල්ල කළ බව පලස්තීන නිල පුවත් ඒජන්සිය, වෆා (WAFA) තහවුරු කරයි.
  •   දකුණු ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම්, තවදුරටත් පුළුල් කර ඇති පසුබිමෙක, නැගෙනහිර රෆාහි වෙසෙන පලස්තීන ජාතිකයින්ට, “පුළුල්  මානුෂීය කලාපය” වෙත වහා පලා යන ලෙස ඊශ්‍රායලය මීට පෙර නියෝග  කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


පලස්තීන ජාතිකයින් සඳහා ආරක්ෂිත කලාපයක් ලෙස, ඊශ්‍රායලය විසින් කලින් නම් කරන ලද, රෆා හි බටහිර වෙරළබඩ නගරයක් වන අල්-මවාසි වෙත, අද අලුයම මෙම ප්‍රහාරය දියත් කර තිබේ.    

සරණාගතයින් විශාල පිරිසක් සහිත එම ආරක්‍ෂිත කලාපය වෙත, ඊශ්‍රායල ගුවන් හා නාවික හමුදා විසින් බෝම්බ සහ බර මැෂින් තුවක්කු  ප්‍රහාර එල්ල කළ බව පලස්තීන නිල පුවත් ඒජන්සිය, වෆා (WAFA) තහවුරු කරයි.  

දකුණු ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම්, තවදුරටත් පුළුල් කර ඇති පසුබිමෙක, නැගෙනහිර රෆාහි වෙසෙන පලස්තීන ජාතිකයින්ට, “පුළුල්  මානුෂීය කලාපය” වෙත වහා පලා යන ලෙස ඊශ්‍රායලය මීට පෙර නියෝග  කළේය. ඒ අනුව, මිලියන භාගයකට වැඩි පලස්තීන සරණාගත පිරිසක් අල්-මවාසි වෙත පලාවිත් ඇතැයි වාර්තා වේ. 

බටහිර රෆාහි තවදුරටත් සටන් ක්‍රියාත්මක බවට ඊශ්‍රායල බලධාරීහු  ප්‍රකාශ කරති. 

මෙම ප්‍රහාරයත් සමග එක්සත් ජනපද සහයද ඇතිව, දෙපාර්ශවය අතර සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සඳහා එළැඹි ගිවිසුම් ද ඇණහිට ඇතැයි වාර්තා වේ.  

(සටහන: හර්ෂ උදයකාන්ත)


මුලාශ්‍ර පුවත :
Devastation in Gaza as Israel wages war on Hamas

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...