BREAKING
Top Ad
විදේශ

ජපානයේ ස්ථිර පදිංචියටත් දොර ඇරේ : විදෙස් ශ්‍රමිකයින් ඉලක්ක කරගත් නව පනත සම්මතයි

T

The Leader

June 14, 2024 • 4:30 AM

ජපානයේ ස්ථිර පදිංචියටත් දොර ඇරේ : විදෙස් ශ්‍රමිකයින් ඉලක්ක කරගත් නව පනත සම්මතයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපාන පාර්ලිමේන්තුව, විදෙස් ශ්‍රමිකයන්ගේ කුසලතා වර්ධනය ඉලක්ක කරගත්, තාක්ෂණික සීමාවාසික පුහුණු ප්‍රතිස්ථාපන පනතක් සම්මත කරයි.
  • කෙසේ වුවද, මෙම නීති ක්‍රියාත්මක කිරීමේදී, අවස්ථානුකූලව, එම ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වයන් සැලකිල්ලට ගෙන කටයුතු කිරීමට පියවර ගන්නා බව ජපන් රජය පවසයි.
  • විදෙස් ශ්‍රමිකයින් සඳහා ජපානයේ ස්ථිර පදිංචිය පිරිනැමීමට අදාළ කරුණුද ඊට ඇතුළත්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


විදෙස් ශ්‍රමිකයින් සඳහා ජපානයේ ස්ථිර පදිංචිය පිරිනැමීමට අදාළ කරුණුද ඊට ඇතුළත්ය.  

පනත අද (14) එරට පාර්ලිමේන්තුවේ වැඩි චන්දයෙන් සම්මත විය. 

නව පනත මගින් සංක්‍රමණ පාලන සහ සරණාගතයින් හඳුනාගැනීමේ, පෙර පැවති මූලික කරුණු ද, සංශෝධනය කර තිබේ. 

තෙවසරක් ඇතුළත, නිශ්චිත පුහුණු-සේවකයකු ලෙස ජපානය තුළ රැකියා කිරීමට, විදෙස් සීමාවාසිකයින් පුහුණු කිරීම, නව වැඩසටහනේ මුඛ්‍ය අරමුණයි.

හෙද සත්කාර, ඉදිකිරීම් සහ කෘෂිකර්මාන්තය වැනි ශ්‍රම ඌනතා පවතින ක්ෂේත්‍ර රැසක් සඳහා මේ යටතේ, විදෙස් ශ්‍රමිකයින් පුහුණු කෙරේ. 

ඒ අනුව, කොන්දේසීන්ට යටත්ව, එකම ක්ෂේත්‍රයේ සේවා යෝජකයන් මාරු කිරීමට ද විදෙස් ශ්‍රමිකයින්ට අවසර ලැබේ.  

දැනට පවතින නීති ප්‍රකාරව, ජපානයේ රැකියාවන්හි නියුතු විදෙස් ශ්‍රමිකයින්ට, සේවා යෝජකයන් වෙනස් කිරීමට අවසර නොමැත. 

2027 සිට පනත බලාත්මකයි

 

විශේෂයෙන්ම, නව පනත මගින්, ජපානයේ ස්ථිර පදිංචියට අවසර හිමි විදෙස් ශ්‍රමිකයින් විසින්, රජයට අය විය යුතු බදු සහ අනෙකුත් මහජන මුදල් ගෙවීම් හිතාමතා පැහැර හරින අවස්ථාවන්හිදී, ඔවුන්ගේ ස්ථිර පදිංචිය අවලංගු කිරීමට රජයට හැකියාව ලැබේ. කෙසේ වුවද, මෙම නීති ක්‍රියාත්මක කිරීමේදී, අවස්ථානුකූලව, එම ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වයන් සැලකිල්ලට ගෙන කටයුතු කිරීමට පියවර ගන්නා බව ජපන් රජය පවසයි.

 

ජපානයේ ස්ථිර පදිංචිය අවලංගු කිරීමේ ප්‍රතිපාදන අඩංගු මෙම නව පනත, එරට වෙසෙන විදෙස් ශ්‍රමිකයින්ට පීඩාකාරී බවට ද පාර්ලිමේන්තුවේදී තර්ක ඉදිරිපත් කෙරිණි. 

මානව හිමිකම් ඇතුළු තවත් ගැටළු රැසක් සැලකිල්ලට ගෙන විදෙස් ශ්‍රමිකයින් ඉලක්ක කර ගත් වත්මන් තාක්ෂණික සීමාවාසික වැඩසටහන කඩිනමින් සංවර්ධනය කලයුතු බවටද යෝජනා විය. 

සංශෝධිත නව පනත 2027 සිට ජපානය තුළ බලාත්මක කෙරේ.  

(සටහන: හර්ෂ උදයකාන්ත) 

[ NHK ඇසුරිණි]

Japan's Diet enacts bill to replace foreign trainee program

Japan PM Kishida calls for passing bill for new foreign worker training program

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...