BREAKING
Top Ad
විදේශ

බුකර් සම්මාන ලාභී ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි අදහස් ප්‍රකාශ කිරීමේ වරදට සිපිරි ගෙට?

T

The Leader

June 19, 2024 • 3:03 AM

බුකර් සම්මාන ලාභී ඉන්දීය ලේඛිකා අරුන්දතී රෝයි අදහස් ප්‍රකාශ කිරීමේ වරදට සිපිරි ගෙට?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බුකර් සම්මාන ලාභී ඉන්දීය ලේඛිකාවක මෙන්ම, ගත්කතුවරියක ද වන අරුන්දතී රෝයිට ඉන්දියාවේ ත්‍රස්ත විරෝධී නීති යටතේ නඩු පැවරීමට දිල්ලිහි ජ්‍යෙෂ්ඨතම නිල අවසරය ලැබී ඇත.
  • සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ සාමාජිකයින් ඇතුළු විරුද්ධ මතධාරීන් නිහඬ කිරීමට මෙම පනත යටතේ, නීතිය අවභාවිතා කරන බවට මෝදි රජයට මේ වනවිටත් චෝදනා එල්ල වී තිබේ.
  • රෝයි විසින්, පෙර කී  ප්‍රකාශය කර තිබුණේ, එවන් පසුබිමක් තුළ  ය.
  • ඉන්දීය පාලනයට එරෙහි පෙළපාලි හා විරෝධතා හේතුවෙන් කාශ්මීර වාසීන් විශාල පිරිසක් ඝාතනයට ද ලක් විය.    න්‍යෂ්ටික සන්නද්ධ-ප්‍රතිවාදීන් වන ඉන්දියාව සහ අසල්වැසි පාකිස්තානය, මතභේදයට තුඩු දී ඇති කාශ්මීර කලාපයට දීර්ඝ කාලයක සිට පූර්ණ හිමිකම් කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ, ඇය විසින් සිදුකරන ලදැයි පැවසෙන ප්‍රකාශයකට එරෙහිව, මීට වසර 14ක ට පෙර කරන ලද පැමිණිල්ලකට අනුවය. 
 
ඉන්දියාවේ, නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැලැක්වීමේ පනත (UAPA) ඉතා මර්දනකාරී පනතක් ලෙස සැලකෙයි. ඒ යටතේ, චූදිතයකුට ඇප ලබා ගැනීම ද ඉතා අභියෝගාත්මක හා දුෂ්කර කටයුත්තකි.  බොහෝ විට, නඩු විභාග අවසන් වන තෙක්, වසර ගණනාවක් චූදිතයින් ඇප රහිතව රඳවා තබා ගැනීමට හැකි සේ, එය බලාත්මක කර තිබේ. සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ සාමාජිකයින් ඇතුළු විරුද්ධ මතධාරීන් නිහඬ කිරීමට මෙම පනත යටතේ, නීතිය අවභාවිතා කරන බවට මෝදි රජයට මේ වනවිටත් චෝදනා එල්ල වී තිබේ.
 
ජාත්‍යන්තර කීර්තියට පත්, සුප්‍රසිද්ධ ඉන්දීය ලේඛිකාවක් සහ සමාජ ක්‍රියාකාරිනියක ද වන 62 හැවිරිදි අරුන්දතී රෝයි විසින් මීට පෙර, කාශ්මීරය පිළිබඳ කළ ප්‍රකාශයක්, ඇයට එරෙහිව මෙසේ නඩු පැවරීමට හේතු වී  තිබේ. 

කාශ්මීරය කිසිවිටෙකත් ඉන්දියාවේ අවියෝජනීය කොටසක් නොවන බව ඓතිහාසික සත්‍යයක් බවත්,එය ඉන්දියානු රජය පවා පිළිගෙන ඇති බවත්, ඇය විසින් 2010 ඔක්තෝම්බර් මාසයේදී ප්‍රකාශ කර තිබිණි. ඒ, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා වූ කමිටුවක් විසින් සංවිධානය කරන ලද, දිල්ලි නුවර පැවති සම්මන්ත්‍රණයකදී ය. 
 
riot 235ඉන්දීය පාලනයට එරෙහි පෙළපාලි හා විරෝධතා හේතුවෙන් කාශ්මීර වාසීන් විශාල පිරිසක් ඝාතනයට ද ලක් විය. 
ඒ වන විට, තවමත් ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරය පුරා නොසන්සුන්කාරී වාතාවරණයක් පැවති අතර, එය ඉන්දීය පාලනයට එරෙහි දැවැන්ත විප්ලවීය ස්වරූපයක් ගෙන තිබිණි. රෝයි විසින්, පෙර කී  ප්‍රකාශය කර තිබුණේ, එවන් පසුබිමක් තුළ  ය. ඉන්දීය පාලනයට එරෙහි පෙළපාලි හා විරෝධතා හේතුවෙන් කාශ්මීර වාසීන් විශාල පිරිසක් ඝාතනයට ද ලක් විය. 
 
න්‍යෂ්ටික සන්නද්ධ-ප්‍රතිවාදීන් වන ඉන්දියාව සහ අසල්වැසි පාකිස්තානය, මතභේදයට තුඩු දී ඇති කාශ්මීර කලාපයට දීර්ඝ කාලයක සිට පූර්ණ හිමිකම් කියයි. ඒ සම්බන්ධයෙන්, ඉතිහාසයේ අවස්ථා දෙකකදී දෙපාර්ශවය අතර දරුණු යුදගැටුම් ද හටගෙන තිබේ. 
 


අරුන්දතී රෝයි විසින් කාශ්මීරය සම්බන්ධයෙන් කරන ලද මෙම ප්‍රකාශය පිළිබඳව බොහෝ විචාරකයින් විසින්, ඇගේ ඉන්දීය පක්ෂපාතීත්වය ප්‍රශ්න කිරීමටද ලක් කර තිබේ. එවකට ඉන්දියාවේ පාලන බලය හිමි කොන්ග්‍රස් පක්ෂය ප්‍රමුඛ ෆෙඩරල් රජයට එරෙහි චෝදනා මත ඇයව අත්අඩංගුවට ගන්නා බවට ද තර්ජනය කෙරිණි. ඉන්දියානුවන්ට භාෂණයේ නිදහස භුක්ති විඳි හැකිමුත්, දේශප්‍රේමීත්වය කිසිවිටෙකත් බැහැර කළ නොහැකි බව එරට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් වරක් ප්‍රකාශ කළේය. 
 
අරුන්දතී රෝයි විසින් කරන ලද ප්‍රකාශය ට එරෙහිව, ඇය වෙසෙන දිල්ලිහි, ඉහල පෙළ නිවාසී ප්‍රදේශයක, ඇගේ නිවසින් පිටත එවක ජනතා විරෝධතා ද හට ගැනිණි.
 
arundhati roy 1718463824 666ed0990398dබහුතර ජනතා සිත් ප්‍රසිද්ධියේ අනාවරණය කිරීම සම්බන්ධයෙන්, ඉන්දියානු ලේඛකයින් නිහඬ කිරීමට කටයුතු කිරීම, සමස්ත ජාතියම කණගාටුවට පත් විය යුතු කරුණක් බව ඇය ප්‍රකාශ කළාය.
 
තම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පදනම් වන්නේ ඉන්දීය විරෝධයක් සම්බන්ධයෙන් නොව, ජන සංහාරය, ස්ත්‍රී දූෂණය, අහිංසක ජනතාව සිරගත කිරීම සහ ඔවුන් ඉන්දියානුවන් යැයි බලහත්කාරයෙන් ප්‍රකාශ කරවීම පිණිස, ඔවුන්ගේ නිය උගුල්වා දැමීමට එරෙහිව බව, ඊට ප්‍රතිචාර වශයෙන් ඇය විසින් ප්‍රකාශ කර තිබිණි. බහුතර ජනතා සිත් ප්‍රසිද්ධියේ අනාවරණය කිරීම සම්බන්ධයෙන්, ඉන්දියානු ලේඛකයින් නිහඬ කිරීමට කටයුතු කිරීම, සමස්ත ජාතියම කණගාටුවට පත් විය යුතු කරුණක් බව ඇය ප්‍රකාශ කළාය.
roy 2රෝයිට එරෙහි මෙම නීතිමය ක්‍රියා මාර්ග, භාරතීය ජනතා පක්ෂය, සභාග රජයක් තුළ වුව, සිය උපක්‍රමික හා ශක්තිමත් දේශපාලන හස්තය, විරුද්ධ මතධාරීන් මර්දනය පිණිස, තව දුරටත් යොදා ගන්නා බවට දේශපාලන සංඥාවක් බව විචාරක අදහසයි.  
රෝයි විසින් කරන ලද ප්‍රකාශයෙන් දශකයකටත් වැඩි කාලයකට පසුව, ඇයට එරෙහි ව අධිකරණයේ නඩු පැවරීමට ගත් තීරණය, මේ වනවිට, එරට නීති ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වී තිබේ. ඉන්දියානු යටත් විජිත සමයේ බ්‍රිතාන්‍යයන් විසින් පනවන ලද රාජද්‍රෝහී නීතිය ඉකුත් 2022 මැයි මාසයේදී එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිත කෙරිණි. එහෙත්, එරට නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැලැක්වීමේ පනත මගින්, රජයට ඇතැම් සීමා මගහැර, යම් අධිකරණ කටයුත්තක් ඉදිරියට ගෙන යෑමේ  බලය හිමිවෙයි. 

රෝයිට එරෙහි මෙම නීතිමය ක්‍රියා මාර්ග, භාරතීය ජනතා පක්ෂය, සභාග රජයක් තුළ වුව, සිය උපක්‍රමික හා ශක්තිමත් දේශපාලන හස්තය, විරුද්ධ මතධාරීන් මර්දනය පිණිස, තව දුරටත් යොදා ගන්නා බවට දේශපාලන සංඥාවක් බව විචාරක අදහසයි. 

ඇගේ ප්‍රකාශයට එරෙහි ව 2010 දී සිදු කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් වන අධිකරණ ක්‍රියා මාර්ග මෙතෙක් ප්‍රමාද වීම පිළිබඳව ප්‍රශ්න නොකිරීම මෙන්ම, වසර 14ක ට පසු හදිසියේ, යලි ඒ සම්බන්ධ අධිකරණ කටයුතු  ක්‍රියාත්මක කිරීමට සූදානම් වීම සම්බන්ධයෙන්ද ගැටළු මතුකර තිබේ.  
 
roy 3භාෂණයේ නිදහස සම්බන්ධයෙන්, සමාජ ක්‍රියාකාරීන් ඉලක්ක කර මෝදි රජය නීතිය අව භාවිතා කරන බවට  චෝදනා කරන මානව හිමිකම් සංවිධාන හා ක්‍රියාකාරීන් අතර අරුන්දතී රෝයි ට ප්‍රමුඛස්ථානයක් හිමිවෙයි.
භාෂණයේ නිදහස සම්බන්ධයෙන්, සමාජ ක්‍රියාකාරීන් ඉලක්ක කර මෝදි රජය නීතිය අව භාවිතා කරන බවට  චෝදනා කරන මානව හිමිකම් සංවිධාන හා ක්‍රියාකාරීන් අතර අරුන්දතී රෝයි ට ප්‍රමුඛස්ථානයක් හිමිවෙයි. ඒ අනුව, ඇයට එරෙහි ව අධිකරණයේ  නඩු පැවරීමට අවසර හිමිවන්නේ, නරේන්ද්‍ර මෝදි තෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වශයෙන්, යලි තේරී පත්වීමෙන් පසුව වීමද අවධාරණය කෙරේ. 
 
ඇතැම්හු මෙය, මෝදිට එරෙහි සමාජ ක්‍රියාකාරීන් නිහඬ කිරීමේ තවත් ප්‍රයත්නයක් ලෙස ද පෙන්වාදෙති. ඉන්දීය ලේඛක අමිතාව් ඝෝෂ් එක්ස් පණිවුඩයක් මගින්, ශ්‍රේෂ්ඨ ලේඛිකාවක් වන අරුන්දතී රෝයි දඩයම, තිරස්චීන ක්‍රියාවක් බවත්, භාෂණයේ නිදහස ඇය සතු පූර්ණ අයිතියක් බවත් ප්‍රකාශ කර තිබේ. දශකයකටත්  පෙර ඇය විසින් සිදුකරන ලදැයි පැවසෙන ප්‍රකාශයක් මත පදනම්ව ඇයට  නඩු පැවරීමට එරෙහි ජාත්‍යන්තර විරෝධයක් ආරම්භ කළ යුතු බව ඔහු ප්‍රකාශ කරයි. 
 
එළැඹෙන ඔක්තෝබරයේදී, නඩුව අධිකරණය ඉදිරියේ විභාග කිරීමට දිල්ලි බලධාරීන් ගේ අවසර හිමිවීමත් සමග, කැනේඩියානු ලේඛිකාවක සහ සමාජ ක්‍රියාකාරිණියක වන නයෝමි ක්ලයින් එක්ස් පණිවුඩයක් මගින්, ප්‍රතිවාදීත්වය මත, සිය ප්‍රශස්ථතම විවෙචිකාව නිහඬ කිරීමට දේශපාලනිකව  නඩු පැවරීම තුළ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිදුකරගෙන ඇත්තේ විශාල වරදක් බව අඟවයි. 

මීට වසර 14කට පෙර  ඇය විසින්, කාශ්මීර ගැටලුව සම්බන්ධ විවාදිත අදහස් ප්‍රකාශ කිරීමේදී, ඉන්දීය දේශප්‍රේමීන් යැයි කියාගත් පිරිසකගේ දැඩි විරෝධතාවන්ට ලක්වීමටද රෝයි ට සිදු විය.

ඉකුත් දශක දෙකක කාලය තුළ රෝයි විසින් න්‍යෂ්ටික අවි, කාශ්මීරය, විසල් වේලි, ගෝලීයකරණය, දලිත්වරුන් සහ මාඕවාදී කැරලිකරුවන් පිලිබඳ සංවාද සටහන් මෙන්ම ප්‍රබන්ධ නොවන ග්‍රන්ථ රැසක් ද ලියා, ප්‍රකාශයට පත් කර තිබේ. 
 
roy 4අරුන්දතී රෝයි විසින් රචිත 'ගොඩ් ඔෆ් ස්මෝල් තිංග්ස්'
 
සිය ළමා කාලයේ අභාෂය කැටි කොට අරුන්දතී රෝයි විසින් රචිත 'ගොඩ් ඔෆ් ස්මෝල් තිංග්ස්' (God of Small Things) කෘතියට1997 බුකර් සම්මානය හිමි විය. ඇය, ලිබරල් සාරධර්මවල චිරස්ථිතිය උදෙසා හඬ අවදි කරන්නියක සහ ආන්තික සමාජ කොටස් වෙනුවෙන් පෙනී සිටින වීරවරියක ලෙසද ප්‍රකටය.  
Arundhati Royඇගේ නිර්මාණාත්මක සාහිතයකරණය ඇතැම් උග්‍ර විචාරක විවේචනයට ද ලක් වී තිබේ.  
 
මීට පෙර, රජයට සහ රාජ්‍ය ක්‍රියාන්විතයන්ට එරෙහි විරෝධතා හේතුවෙන් සිර දඬුවම් විඳීමටද ඇයට සිදුවිය. ඇගේ නිර්මාණාත්මක සාහිතයකරණය ඇතැම් උග්‍ර විචාරක විවේචනයට ද ලක් වී තිබේ.  

2019 දී, මෝදි රජය විසින් කාශ්මීරයේ අර්ධ ස්වයං පාලන තත්ත්වය අවලංගු කෙරිණි. ඒ සමග, කාශ්මීරය බෙදා වෙන් කෙරුණු අතර, සෘජු ෆෙඩරල් පාලනය යටතේ, එහි දේශපාලන ස්වාධීනත්වය ට ද බාධා පැමිණවිණි. මේ වන විට, කාශ්මීරය තුල භාෂණයේ නිදහස ද අතිශයින්  සීමා කර තිබේ. මේ පිලිබඳ ජාත්‍යන්තරව පිළිගැනෙන, 'දේශ සීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයෙහි ශ්‍රේණිගත කිරීම්වලට අනුව, මාධ්‍ය නිදහස සම්බන්ධයෙන්, රටවල් 180ක් අතරින්, 2014 සිට මේ වන විට, ඉන්දියාව 150වන ස්ථානයේ සිට 161 වන ස්ථානය තෙක් පහත වැටී තිබේ.
 
Royඅරුන්දතී රෝයි සම්බන්ධ විමර්ශනයන්හිදී, ඉන්දීය පොලිසිය ඇයට එරෙහි චෝදනා නිවැරදිව විමර්ශනය කර තිබේද, නැතහොත්, ඇයට සහ අනෙක් විත්තිකරුවන්ට එරෙහිව නිවැරදි සාක්ෂි රැස්කර තිබේද යන්න ද මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නැත.
එවන් තත්වයක් යටතේ, අරුන්දතී රෝයි සම්බන්ධ විමර්ශනයන්හිදී, ඉන්දීය පොලිසිය ඇයට එරෙහි චෝදනා නිවැරදිව විමර්ශනය කර තිබේද, නැතහොත්, ඇයට සහ අනෙක් විත්තිකරුවන්ට එරෙහිව නිවැරදි සාක්ෂි රැස්කර තිබේද යන්න ද මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නැත. ඇයට එරෙහි මුල් පැමිණිල්ලේ, නම් කරන ලද පුද්ගලයින් දෙදෙනකු මේ වනවිටත් මියගොස් ඇත. 
 
කෙසේවෙතත්, ඉන්දියාවේ කීර්තිමත් ලේඛිකාවක වන අරුන්දතී රෝයි, එරට දරුණු ත්‍රස්ත-විරෝධී පනතක් මගින් සිරගත කළහොත්, එය ගෝලීය වශයෙන්, ඉන්දීය රජයට එරෙහි දැඩි විරෝධයක් එල්ලකරනු ඇතැයි විචාරකයෝ පෙන්වාදෙති.
 
සටහන: 
(හර්ෂ උදයකාන්ත)  

(BBC පුවත් සේවය ඇසුරිණි)


මුලාශ්‍රය :

Arundhati Roy: Will Booker Prize-winner face jail for 14-year-old remark?


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...