BREAKING
Top Ad
විදේශ

ඊශ්‍රායල් - හමාස් ගැටුම්වලින් මාධ්‍යවේදීන් 31ක් මිය ගිහින්

T

The Leader

October 31, 2023 • 2:44 AM

ඊශ්‍රායල් - හමාස් ගැටුම්වලින් මාධ්‍යවේදීන් 31ක් මිය ගිහින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමින් අතර ගැටුම් වාර්තාකරණයේ නියැලුණු මාධ්‍යවේදීන් අවම වශයෙන් 31 දෙනකු මියගොස් ඇති බව
  • මාධ්‍යවේදීන් 8 දෙනකු තුවාල ලබා ඇති අතර තවත් මාධ්‍යවේදීන් 9 දෙනකු අතුරුදහන් හෝ සිර අඩස්සියේ තබා ඇතැයි සැලකේ.  "ඊශ්‍රායල ගොඩබිම් ප්‍රහාර...
  • විනාශකාරී ඊශ්‍රායල ගුවන් ප්‍රහාර, සන්නිවේදන බාධා සහ විදුලිය ඇනහිටීම් හමුවේ ගාසා තිරයේ සිට ගැටුම් වාර්තාකරණයේ නියැලෙන මාධ්‍යවේදීන් අතිශය අවධානම් තත්වයකට මුහුණ දෙනවා," යනුවෙන් මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව සඳුදා (30) දින නිකුත් කළ නිවේදනයක සඳහන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

නිව්යෝර්ක් මූලස්ථානය කර ගත් මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව (CPJ) පවසයි.

CPJ නිකුත් කළ නවතම ගණනය කිරීම් අනුව, ඉකුත් ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායලයට එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරයෙන් ඇවිලුණු ගාසා තිරයේ ගැටුම්වලින් පලස්තීන මාධ්‍යවේදීන් 26ක්, ඊශ්‍රායල් මාධ්‍යවේදීන් 4ක් සහ ලෙබනන් මාධ්‍යවේදියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මාධ්‍යවේදීන් 8 දෙනකු තුවාල ලබා ඇති අතර තවත් මාධ්‍යවේදීන් 9 දෙනකු අතුරුදහන් හෝ සිර අඩස්සියේ තබා ඇතැයි සැලකේ. 

tre

pala8746


"ඊශ්‍රායල ගොඩබිම් ප්‍රහාර... විනාශකාරී ඊශ්‍රායල ගුවන් ප්‍රහාර, සන්නිවේදන බාධා සහ විදුලිය ඇනහිටීම් හමුවේ ගාසා තිරයේ සිට ගැටුම් වාර්තාකරණයේ නියැලෙන මාධ්‍යවේදීන් අතිශය අවධානම් තත්වයකට මුහුණ දෙනවා," යනුවෙන් මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව සඳුදා (30) දින නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

CPJ නිවේදනයට අනුව, ප්‍රමුඛ පෙලේ පලස්තීන සිනමාකරුවෙක් වන රෝශිඩ් සාරාජ්, ලෙබනන් දේශසීමාව ආසන්නයේ සිටිය දී ඊශ්‍රායල් දෙසින් පැමිණි ෂෙල් වෙඩි ප්‍රහාරයකින් දිවි අහිමි වූ රොයිටර් පුවත් සේවයේ බේරුට් හි කැමරාකරුවකු වන ඉසාම් අබ්දලා ජිවිතක්ෂයට පත් අය අතර වේ.  

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...