BREAKING
Top Ad
විදේශ

රුසියාවේ රඟහලකට ප්‍රහාරයක්: 40 ක් මරුට

T

The Leader

March 22, 2024 • 9:38 PM

 රුසියාවේ රඟහලකට ප්‍රහාරයක්: 40 ක් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියාවේ මොස්කව් අගනුවර රඟහලකට ප්‍රහාරයක් එල්ල විය.
  • ප්‍රහාරයෙන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු අතර 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
  • තුවක්කුකරුවන් හිටිහැටියේ රඟහලට කඩා වැදී වෙඩි තැබීමට පටන් ගත් බව සිද්ධිය දුටුවෝ පවසති.
  • එල්ල වුණු ප්‍රහාරයෙන් රඟහලට ගිනි ඇවිලුණු බවත්, රඟහල වහලේ කොටසක් කඩා වැටුණු බවත් වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රහාරය සඳහා ආයුධ සන්නද්ධ තුවක්කුකරුවන් සිවු දෙනකු පැමිණි බව පොලිසිය කියයි.

ප්‍රහාරයෙන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු අතර 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

ප්‍රහාරය එල්ල වූයේ ක්‍රොකස් නගර සභා රඟහලේ රොක් සංගීත ප්‍රසංගයක් ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදීය.

තුවක්කුකරුවන් හිටිහැටියේ රඟහලට කඩා වැදී වෙඩි තැබීමට පටන් ගත් බව සිද්ධිය දුටුවෝ පවසති.

එල්ල වුණු ප්‍රහාරයෙන් රඟහලට ගිනි ඇවිලුණු බවත්, රඟහල වහලේ කොටසක් කඩා වැටුණු බවත් වාර්තා වේ. මියගිය සහ තුවාල ලැබූවන් අතරේ කුඩා දරුවෝ ද වෙති.

ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායමක් ප්‍රහාරය එල්ල කරන්න ඇතැයි සැක කෙරේ.

මීට සති දෙකකට පෙර, ඇමෙරිකන් බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීමක් අනුව, රුසියාවේ ඇමෙරිකන් තානාපති කාර්යාලය පවසා තිබුණේ ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් මොස්කව් අනුවරට රැස්වී සිටින බවය.

(BBC ඇසුරෙන් lankadeepa.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...