BREAKING
Top Ad
විදේශ

ජපාන ගුවන් යානා අනතුරින් 5ක් මිය යයි: මගී යානයේ 379ක් දිවි බේරා ගනී

T

The Leader

January 2, 2024 • 11:57 PM

ජපාන ගුවන් යානා අනතුරින් 5ක් මිය යයි: මගී යානයේ 379ක් දිවි බේරා ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටෝකියෝ හි හනේඩා ගුවන් තොටුපළේ ගුවන් ධාවන පථයේ දී ජපන් ගුවන් සේවයට අයත් ජෙට් යානයක් එරට වෙරළාරක්ෂක බලකායට අයත් ගුවන්
  •   එම යානයේ නියමුවා දිවිබේරා ගෙන ඇතත්, බරපතල තුවාල ලබා ඇතැයි එරට රාජ්‍ය රූපවාහිනය වන NHK අනාවරණය කළේය.
  • හොකයිඩෝ සිට පැමිණි ජපන් ගුවන් සේවයට අයත් යානය JAL 516 මගී ප්‍රවාහන යානයේ සිටි මගීන් 379කගේ දිවි බේරාගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත්ව ඇත.
  •  ටෝකියෝ හි හනේඩා ධාවන පථයට ගොඩබස්වන විට එය ගැටී ඇත්තේ, ජපානයට බලපෑ ප්‍රබල භූචලනයෙන් විපතට පත්ව සිටින ජනතාවට ආහාර රැගෙන යමින් තිබූ එරට වෙරළාරක්ෂක බලකායට අයත් යානයක යි.
අකුරු ප්‍රමාණය (Font Size):

යානයක ගැටීමෙන් ඇතිවූ ගින්නෙන් වෙරළාරක්ෂක ගුවන් යානයේ සිටි පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබේ.

 

එම යානයේ නියමුවා දිවිබේරා ගෙන ඇතත්, බරපතල තුවාල ලබා ඇතැයි එරට රාජ්‍ය රූපවාහිනය වන NHK අනාවරණය කළේය.

p0h2kl35

හොකයිඩෝ සිට පැමිණි ජපන් ගුවන් සේවයට අයත් යානය JAL 516 මගී ප්‍රවාහන යානයේ සිටි මගීන් 379කගේ දිවි බේරාගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත්ව ඇත.

 ටෝකියෝ හි හනේඩා ධාවන පථයට ගොඩබස්වන විට එය ගැටී ඇත්තේ, ජපානයට බලපෑ ප්‍රබල භූචලනයෙන් විපතට පත්ව සිටින ජනතාවට ආහාර රැගෙන යමින් තිබූ එරට වෙරළාරක්ෂක බලකායට අයත් යානයක යි. ගුවන් යානා දෙක ගැටීමෙන් අනතුරුව හටගත් ගින්න නිවා දැමීමටත් මගීන් මුදවා ගැනීමටත් ගිනි නිවීමේ කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දරා තිබුණි.

 132189914 tokyo airport crash notitle 640 2x ncජපන් ගුවන් සේවයට අයත් යානයේ සිටි පුද්ගලයින් 379 දෙනා නිරුපද්‍රිතව යානයෙන් ඉවත් කර ගෙන ඇති අතර ඉන් 14 දෙනකු සුළු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

 

අනතුරින් පසුව හනේඩා ධාවන පථ හතරම වසා දමා ඇති අතර අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවට එරට බලධාරීහු පවසති.

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...