BREAKING
Top Ad
පුවත්

මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් 6 දෙනෙක් මරුට : කිහිප දෙනෙකුගේ තත්වය බරපතලයි !

T

The Leader

November 29, 2020 • 9:35 PM

 මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් 6 දෙනෙක් මරුට : කිහිප දෙනෙකුගේ තත්වය බරපතලයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් පසු රැඳවියන් 06 දෙනෙකු මේවනවිට මිය ගොස් තිබේ.
  •   ඒ අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද වන බව පොලීසිය පවසයි.
  •   පසුගිය 26 දා වැලිකඩ සහ මීගමුව බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් උදෑසන සිට බන්ධනාගාර වහලය මත නැග විරෝධතාවයක නිරතවිය.
  •   අගුණකොල පැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ද දැනට දින 5 ක් තිස්සේ විරෝධතාවයක නිරතව සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):
මීට අමතරව සිද්ධියෙන් තුවාල ලැබූ 43 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සඳහන් කළේය.
 
ඒ අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද වන බව පොලීසිය පවසයි.
 
ගෝලීය කෝවිඩ් වසංගතය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළටත් සම්ප්‍රේෂණය වීමත් සමගම බන්ධනාගාර තුළ ද පසුගිය දින කිහිපයේම දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබිණ.
 
 
ගෝලීය කෝවිඩ් වසංගතය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළටත් සම්ප්‍රේෂණය වීමත් සමගම බන්ධනාගාර තුළ ද පසුගිය දින කිහිපයේම දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබිණ.
 
පසුගිය 26 දා වැලිකඩ සහ මීගමුව බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් උදෑසන සිට බන්ධනාගාර වහලය මත නැග විරෝධතාවයක නිරතවිය.
 
ඔවුන් එම විරෝධතා පුවරුවල "බලධාරීන් සවන්දෙන්න. VIP වරුන්ට උසාවි ඇරේ සිරකරුවන්ට උසාවි වැසේ! සියලුම නඩු කඩිනම් කරන්න. දෙන සමාව පොදුවේ ලබාදෙන්න. සිව්වස් සමාලෝචනය ලබා දෙන්න," යනාදී වැකි ලියා තිබුණි.
 
විරෝධතාකරුවන් විසින් බන්ධනාගාරවල පවතින දැඩි තදබදය හා පහසුකම් අවම වීම හේතුවෙන් මෙන්ම කොරෝනා වසංගත අවදානම තවත් උත්සන්න වී ඇති නිසා ඇප ලබාදීම කඩිනම් කරන ලෙසත්, නඩු කඩිනම් කරණ ලෙසත් ඉල්ලා මෙසේ බන්ධනාගාර වහලය මත නැගී විරෝධතාවයේ නියැලෙන බව බන්ධනාගාර නිලධාරියෙක් බීබීසී සිංහල සේවය සමග පවසා තිබිණ.
 
අගුණකොල පැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ද දැනට දින 5 ක් තිස්සේ විරෝධතාවයක නිරතව සිටිති.
 

 115651436 3v2a8089                සිරකරුවන් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත

ඒ අතර මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුවීමත් සමඟ ඇතිවූ නොසන්සුන්තාවය හමුවේ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ දැරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ඊයේ (29) දහවල් මහර බන්ධනාගාරයේ ගැටුම්කාරී තත්ත්වය හටගෙන තිබේ.
 
බන්ධනාගාරය තුල සිටි රැඳවියන් එහි සිටි නිලධාරීන් සිය ග්‍රහණයට නතු කර ගැනීමට තැත් කිරීමක් සහ තවත් පිරිසක් බන්ධනාගාරයෙන් පළා යාමට උත්සහ දරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කර සිටියි.
 
බන්ධනාගාර නිලධාරීන් විසින් ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට සිය අවම බලය යොදා ඇති බව ද ඔහු පැවසිය.
 
බන්ධනාගාරය තුල සිටින රැඳවියන් විසින් ලේඛණාගාරය සහ මුළුතැන්ගෙය ඇතුළු ගොඩනැගිලි කිහිපයක් ගිනි තබා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 
කෙසේ වෙතත් අද (30) අලුයම 3 පමණ වන තුරුත් ගින්න විශාල ලෙස පැවති බව වාර්තා වෙයි.
 
බන්ධනාගාරයේ ඇතිවූ තත්ත්වය යම් තාක් දුරට පාලනය කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියි.
 
 

 
කොරෝනා වසංගතය හමුවේ අවම පහසුකම් හෝ නොමැතිව මහර බන්ධනාගාරයේ රැඳවියන් ජීවිත දානය ඉල්ලා සිදුකරන ලද විරෝධයේ දී සිරකරුවන්ට වෙඩි තබා කිහිප දෙනෙකු ඝාතනය කර තවත් කිහිප දෙනෙකුට මරණිය තුවාල සිදුකිරීම දැඩි පිළිකුලෙන් හෙළා දකින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.
 
එම සංවිධානයේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා විසින් මාධ්‍යවෙත නිකුත්කර ඇති වීඩියෝවක එබව සඳහන් වේ.
 
"සිරකරුවොත් මිනිසුන්, ඒ නිසා ඒ අයටත් ජිවත් වීමේ අයිතිය තියෙනවා. රැදවියන්ට කිසිම පහසුකමක් නෑ. ඒක නිසා තමයි ඔවුන් මේ විරෝධතාවය කරන්නේ." යයි සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුවේ සභාපති නිතීඥ සේනක පෙරේරා බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේය.

මේ වන විට බන්ධනාගාර ආශ්‍රිතව 821 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තාවන අතර මෙයින් 772 ක් රැඳවියන් වන අතර 49 දෙනෙක් බන්ධනාගාර නිලධාරීන් වේ. 
 
ඔවුන් අතරින් දෙදෙනකු මියගොස් ඇත.
 
දිවයිනේ විවිධ ප්‍රදේශවල බන්ධනාගාර පහකින් මෙම සිද්ධීන් මේ වන විට අනාවරණය වේ.
 
ශ්‍රී ලංකා බන්ධනාගාරවල අධික තදබදයක් ඇති අතර රැඳවියන් 26,000 කට වැඩි ප්‍රමාණයක් අඩු පහසුකම් සහිත මෙම බන්ධනාගාරවල පිරී ඇති බව නීතිඥ සේනක පෙරේරා පැවසීය.
 
බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරන්නේ ජනපති පොදු සමාව යටතේ බන්ධනාගර ගතව සිටින සිරකරුවන් 600 දෙනෙකුට පමණ නිදහස ලබාදීමට පියවර ගෙන තිබෙන බවයි.
 
මේ අනුව සුළු වැරදි මත සිර දඬුවම් විඳින සිරකරුවන් පිරිසකට මෙම නිදහස ලබා දීමට කටයුතු කරන බව  එහි නිලධාරියකු පැවසීය.
 
 
සබැඳි පුවත් :
   
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...