BREAKING
Top Ad
විදේශ

තායිවාන ජනාධිපතිවරණයේ ජය චීන විරෝධීයකුට

T

The Leader

January 13, 2024 • 11:20 AM

තායිවාන ජනාධිපතිවරණයේ ජය චීන විරෝධීයකුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීන විරෝධී පාලක ප්‍රජාතාත්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත්වූ
  • ඔහු මිලියන 5කට අධික ඡන්ද ප්‍රමාණයක් දිනා ඇති අතර ඔහු වාර්තා අතරට එක්වී ඇත්තේ මිලියන 5 සීමාව පසු කළ පළමු තායිවාන ජනාධිපතිවරයා ලෙසය.
  • චීනයට වඩා අමෙරිකාව සමග සමීප සබඳතා පැවැත්වීමට කැමැත්තක් දක්වන නායකයෙකු ලෙස ඔහු ප්‍රකටව සිටී.
  • ඔහු තායිවානයේ වත්මන් ජනාධිපති සාන් ඉන් වේන්ටත් වඩා චීන විරෝධී දැඩි බේදුම්වාදී මතදාරියෙකු බව චීනයේ මතය යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලායි චින්ග් තේ තායිවාන ජනාධිපතිවරණය ජයග්‍රහණය කර තිබේ.

ඔහු මිලියන 5කට අධික ඡන්ද ප්‍රමාණයක් දිනා ඇති අතර ඔහු වාර්තා අතරට එක්වී ඇත්තේ මිලියන 5 සීමාව පසු කළ පළමු තායිවාන ජනාධිපතිවරයා ලෙසය.

චීනයට වඩා අමෙරිකාව සමග සමීප සබඳතා පැවැත්වීමට කැමැත්තක් දක්වන නායකයෙකු ලෙස ඔහු ප්‍රකටව සිටී.

ඔහු තායිවානයේ වත්මන් ජනාධිපති සාන් ඉන් වේන්ටත් වඩා චීන විරෝධී දැඩි බේදුම්වාදී මතදාරියෙකු බව චීනයේ මතය යි.

dfgdfgreතායිවානයේ ජනාධිපති අපේක්ෂකයින්, වමේ සිට දකුණට: DPPහි ලයි චින්ග්-ටේ, KMTහි හූ යූ-යී, TPPහි කෝ වෙන්-ජේ


තායිවානයේ ඡන්ද දායකයින් නව ජනාධිපතිවරයෙකු සහ නව පාර්ලිමේන්තුවක්, එනම්, එරට ව්‍යවස්ථාදායක මණ්ඩලය වන යුවාන් ආයතනයට සාමාජිකයින් තෝරා ගැනීම සඳහා අද (ජනවාරි 13 ) වන දින ඡන්ද භාවිතා කළේය.

ස්වයං පාලනයක් යටතේ ඇති මෙම දිවයින වොෂින්ටනය සහ බීජිං යන දෙපාර්ශවයට ම වැදගත් මූලෝපායික අවශ්‍යතා දරන බැවින් චීනය සහ එක්සත් ජනපදය යන රටවල් දෙක ම එය සමීපව නිරීක්ෂණය කළ බව වාර්තාවේ.

අවසාන ප්‍රතිඵලය චීනය සමග තායිවානය පවත්වන සබඳතාවේ ස්වභාවය කෙරෙහි ප්‍රබල ලෙස බලපානු ඇති අතර, එමඟින් කලාපයේ ආතතීන් ඉහළ නංවා, සමස්ත ගෝලීය ආර්ථිකයට ද බලපෑමක් එල්ල විය හැකි ය.

චීනය විසින් බෙදුම්වාදී ලෙස සලකනු ලබන පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරන වත්මන් ජනාධිපති ට්සායි ඉන්ග්-වෙන් වාර දෙකක් ජනාධිපති ධූරය හෙබවීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති සීමා කිරීම් අනුව ධූරයෙන් ඉවත් වනු ඇත.

ඇගෙන් පසු ජනාධිපති ධූරය සඳහා තේරී පත් වීමට අපේක්ෂකයෝ තිදෙනෙක් තරග කළහ.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...