BREAKING
Top Ad
විදේශ

රොක් ගායක රොඩ් ස්ටුවර්ට්ගෙන් පවුම් දසදහසක ටිප් එකක්

T

The Leader

January 8, 2024 • 8:57 AM

රොක් ගායක රොඩ් ස්ටුවර්ට්ගෙන් පවුම් දසදහසක ටිප් එකක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුප්‍රසිද්ධ ගායක රොඩ් ස්ටුවර්ට් (Rod Stewart) ඔහුගේ ත්‍යාගවන්ත බව තවදුරටත් ප්‍රදර්ශනය කරමින්
  • ලොව පුරා සංගීත ලෝලීන් අතිශයින් ඇලුම් කරන 78 හැවිරිදි ගායකයා මේ නිර්ලෝභී සන්තෝසම් මුදල දී තිබෙන්නේ ස්කොට්ලන්තය මධ්‍යයේ පර්ත්ෂ (Perthshire) ප්‍රාන්තයේ ග්ලෙනීගල්ස් (Gleneagles) හෝටලයේ සේවක මණ්ඩලයට.
  • පවුම් දසදහසක සන්තෝසම් මුදලක් පිරිනමමින් රොඩ් ස්ටුවර්ට් කියා සිටියේ ග්ලෙනීගල්ස් හෝටලයෙන් සැපයෙන්නේ ලොව අනෙක් ඕනෑම හෝටලයකට නොදෙවෙනි සේවාවක් බව.
  • ජූනි 14 සිට ජූලි 14 දක්වා පැවැත්වීමට නියමිත Euro 2024 පාපන්දු ශූරතාවලියේ සත්කාරකත්වය දරන්නේ ජර්මනිය.
අකුරු ප්‍රමාණය (Font Size):

තරු පහේ හෝටලයක සේවක මණ්ඩලයකට පවුම් 10,000ක අලුත් අවුරුදු ටිප් එකක් දී තිබෙන්නේ ඒ මුදල 2024 යුරෝ පාපන්දු කුසලානය ස්කොට්ලන්තය දිනන බවට ඔට්ටු අල්ලන ලෙස කියමින්.

ලොව පුරා සංගීත ලෝලීන් අතිශයින් ඇලුම් කරන 78 හැවිරිදි ගායකයා මේ නිර්ලෝභී සන්තෝසම් මුදල දී තිබෙන්නේ ස්කොට්ලන්තය මධ්‍යයේ පර්ත්ෂ (Perthshire) ප්‍රාන්තයේ ග්ලෙනීගල්ස් (Gleneagles) හෝටලයේ සේවක මණ්ඩලයට.

රොඩ් ස්වුවර්ට් නව වසරේ උදාව සැමරුවේ ඔහුගේ බිරිඳ Penny Lancaster හා පුතුන් දෙදෙනා වන Alastair හා Aiden සමග මේ හෝටලයේ සිටිමින්.

Rod Stewart family
පවුම් දසදහසක සන්තෝසම් මුදලක් පිරිනමමින් රොඩ් ස්ටුවර්ට් කියා සිටියේ ග්ලෙනීගල්ස් හෝටලයෙන් සැපයෙන්නේ ලොව අනෙක් ඕනෑම හෝටලයකට නොදෙවෙනි සේවාවක් බව.


“අවුරුද්දේ ඉතාම කලබල සහිත කාලයක ඉතාමත් විශිෂ්ට සේවයක් ඉටු කරන එහි සේවක මණ්ඩලය හැම පැන්සයක් ම ලබා ගන්න සුදුසුයි. එහි තිබෙන්නේ ඉහළ ම තත්ත්වයේ ස්කොට් ජාතික ආගන්තුක සත්කාරයක්. මම දුන්න සල්ලි නුවණක්කාරව ආයෝජනය කරන්න කියලා මම ඒ හෝටලයේ කොල්ලො කෙල්ලන්ට කිවුවා...ඒ සල්ලි ඔක්කොම ස්කොට්ලන්තය යුරෝ කුසලානය දිනනවා කියලා ඔට්ටු අල්ලන්න කිවුවා” යනුවෙන් රොඩ් ස්වුවර්ට් පැවසුවා.


ජූනි 14 සිට ජූලි 14 දක්වා පැවැත්වීමට නියමිත Euro 2024 පාපන්දු ශූරතාවලියේ සත්කාරකත්වය දරන්නේ ජර්මනිය.

Rod Stewart 334දරුවන් අට දෙනෙකුගේ පියෙකු වන රොඩ් ස්ටුවර්ට් තමන්ගේ මුදල් වියදම් කරන්නේ ඉතාම පරිස්සමින් බවට ප්‍රසිද්ධ යි. නමුත් ජීවිතයේ සැඳෑ සමයේදී ඔහු වඩාත් ත්‍යාගවන්ත කෙනෙකු බවට පරිවර්තනය වෙමින් සිටින බවක් දිස්වෙනවා.

පවුම් මිලියන 200කට වැඩි වත්කමක් තිබෙන බවට වාර්තා වන රොඩ් ස්ටුවර්ට් මෑත කාලයේ සිදුකරමින් එන ත්‍යාගශීලී දාමයේ අලුත් ම ක්‍රියාවයි මේ පවුම් දසදහසේ ‘ටිප්’ එක.

 

ශ්‍රීමත් රොඩරික් ඩේවිඩ් ස්ටුවර්ට් (Sir Roderick David Stewart) බ්‍රිතාන්‍ය රොක් හා පොප් ගායකයෙකු මෙන්ම ගීතරචකයෙක්. ලන්ඩනයේ උපත ලැබ එහි ම හැදී වැඩුනු ඔහුගේ පෙළපත ස්කොට් හා ඉංග්‍රීසි. තමා සතු කැපී පෙනෙන ගොරහැඬි ගායන හඬ සමග රොඩ් ස්ටුවර්ට් ලෝකයේ එදා මෙදා තුර සිටින වැඩිම අලෙවියක් තිබෙන ගායකයෙක් වන අතර ඔහුගේ ගීත තැටි මිලියන 120කට වැඩි ප්‍රමාණයක් ලොව පුරා විකිණී තිබෙනවා.


සංගීතය හා ත්‍යාගශීලී බව නිසා රොඩ් ස්ටුවර්ට් ට එංගලන්ත මහරැජිනගේ 2016 උපන්දින ගෞරව ප්‍රදානය කිරීමේ අවස්ථාවේදී නයිට් නාමය පිරිනැමුනා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

   

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...