විදේශ
Showing page 52 of 134 (2,003 articles)

එක්සත් ජනපද ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාව මැද පෙරදිගට ඇතුළු වේ
ප්‍රහාරක යානා රැගෙන යන එක්සත් ජනපද යුද නෞකාවක් සහ පරිවාර සන්නද්ධ යාත්‍රා බලඇණියක් මැද පෙරදිග කලාපයට ඇතුළු වේ.

හමාස් භාරයේ වූ අවසන් දේහයත් ඊශ්‍රායලය අතට
හමාස් අත්අඩංගුවට පත් අවසන් ප්‍රාණ ඇපකරු දේහය ද සිය භාරයට ගත් බව, ඊශ්‍රායල හමුදා ඊයේ (26) පැවසූහ.

ප්‍රංශයේ වයස 15ට අඩු සිසුන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට අනුමැතිය
ප්‍රංශයේ වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ පනත් කෙටුම්පතකට එරට ප්‍රංශයේ ජාතික සභාව (National Assembly) විසින් අනුමැතිය ලබා දී තිබේ.

ට්‍රම්ප්ගෙන් දකුණු කොරියාවට 25%ක බද්දක්
පසුගිය වසරේ ඇති කරගත් වෙළඳ ගිවිසුමට අනුව කටයුතු නොකරන බවට චෝදනා කරමින් දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25% දක්වා ඉහළ නංවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය.

එක්සත් ජනපදයේ ගුවන් ගමන් දහස් ගණනක් අදත් අවලංගුයි
එක්සත් ජනපදය සිසාරා ප්‍රබල ශීත කුණාටුවක් හමා යමින් පවතී

ජපානයේ අවසන් පැන්ඩා යුවළ චීනය බලා යෑමට සූදානමින්
1972 වසරෙන් 54 වසරකට පසුව ජපානය පැන්ඩා සතුන්ගෙන් තොර රටක් බවට පත්වෙමින් එරට සිටින අවසන් පැන්ඩා යුවළ එළඹෙන අඟහරුවාදා (27) චීනය වෙත ලබාදීමට නියමිතව ඇත.

ඕස්ට්‍රේලියාවේ ජාතික දින විරෝධතා
අදට (26) යෙදී ඇති ඕස්ට්‍රේලියානු දිනය "ආක්‍රමණයේ දිනය" ලෙස නම් කර ආදිවාසී ඕස්ට්‍රේලියානුවන්ට සහාය පළ කරමින්, දහස් සංඛ්‍යාත පිරිසක් එරට මහජන විරෝධතා පිණිස එක්වූහ.

ඉන්දීය ජනරජ දිනය දා චීන ජනාධිපති දුන් සහතිකය
චීනය සහ ඉන්දියාව ඉතා හොඳ අසල්වාසීන් සහ පාර්ශ්වකරුවන් බව චීන ජනපති ෂී ජින්පින් පවසයි.

පිලිපීනයේ මගී ප්‍රවාහන නෞකාවක් ගිලීයාමෙන් 15 දෙනෙකු මරුට
පිලිපීනයේ දකුණු දිග බසිලාන් (Basilan) දූපත් ආසන්න මුහුදේදී මගී ප්‍රවාහන නෞකාවක් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දුනීසියාවේ නාය යෑමක්; 17ක් මරුට; 73ක් තවමත් අතුරුදන්
සති අන්තයේ ඉන්දුනීසියාවේ බටහිර ජාවාහි නාය යෑමකින් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 17 තෙක් ඉහළ ගොස් ඇති බව එරට විපත් අවම කිරීමේ ඒජන්සිය අද (26) පැවසීය. පිරිසක් තවමත් අතුරුදන්ව සිටිති.

එක්සත් ජනපදයේ ගුවන් අනතුරක්
පුද්ගලයින් 8ක් රැගත් පුද්ගලික ජෙට් යානයක් ඊයේ (25) එක්සත් ජනපදයේ මේන් හි පිහිටි බැන්ගෝර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අනතුරට පත් විය.

ජපාන මුහුදේ වෙරළ තීරයේ දැඩි හිමපතන අවදානමක් - ගමනාගමනයට බාධා !
ජපානයේ ටොටෝරි සහ ඉෂිකාවා ප්‍රාන්ත සඳහා එරට කාලගුණ විද්‍යා අංශ විසින් දැඩි හිමපතනයක් පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ට්‍රම්ප්ගෙන් කැනඩාවට අනතුරු ඇඟවීමක්
චීනය සමඟ වෙළෙඳ ගිවිසුම්වලට එළඹුණහොත් කැනඩාවට 100%ක දැවැන්ත වෙළෙඳ තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

රෆා කොරිඩෝව ඇත්තටම අරී ද?
මිලියන 2කට අධික ගාසා වාසීන්ට භූමිය මතින් බාහිර ලොව හා සම්බන්ධ වීමට ඇති එකම නිත්‍ය මාවත වන රෆා කොරිඩෝව එන සතියේ යළි විවෘත කිරීමට නියමිතය.

චීනයේ වාර්ෂික ජාත්‍යන්තර ලන්තෑරුම් උළෙල ඇරඹේ
නිරිතදිග චීනයේ සිචුවාන් පළාතේ වාර්ෂික සයිගොඞ් ජාත්‍යන්තර ලන්තෑරුම් උළෙල අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ (23) ආරම්භ විය. එය ශතවර්ෂ සිය ගණනක් ඈතට විහිද යන සාම්ප්‍රදායික උත්සවයකි.

