BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
Opinion

ඥානසාර හිමි දෙවන වතාවටත් සිරගත කළ 291 (අ)

T

The Leader Desk

January 11, 2025 • 11:04 AM

ඥානසාර හිමි දෙවන වතාවටත් සිරගත කළ 291 (අ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවත වතාවක් දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේ මාස නමයකට සිරගත කර ඇත.
  • 2024 මාර්තු මාසයේදී ද මේ හා සමානම චෝදනාවකට වරදකරු කරනු ලැබූ ඥානසාර හිමියන්ට වසර හතරක සිර දඬුවමක් පනවනු ලැබූ අතර එහිමියන් ඉන් පසු මහාධිකරණයට අභියාචනා කර ඇප ලබාගත්තේය.
  • ඥානසාර හිමිගේ පාර්ශ්වය ඔහු විසින් කරන ලද ඉස්ලාම් විරෝධී වෛරී ප්‍රකාශය සම්බන්ධයෙන් පසුගිය මාර්තුවේදී තර්ක කළේ ඔහු එය සිදු කළේ 2016 වසර වන විට පැවති තත්වය අනුව බවයි.
  • 2019 වසරේදී පාස්කු ප්‍රහාරය සිදු වූ අතර, එයට සම්බන්ධ යයි කියන කිසිවෙකු නොදන්නා මහමොළකරුවකු ගැන තිබෙන උනන්දුව එම ප්‍රහාරයට සම්බන්ධ යයි නඩු පවරා තිබෙන පුද්ගලයන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් තිබෙන බවක් නොපෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):


නැවතත්, වරද වන්නේ ඉස්ලාම් ආගමට අපහාස කිරීමයි.

2024 මාර්තු මාසයේදී ද මේ හා සමානම චෝදනාවකට වරදකරු කරනු ලැබූ ඥානසාර හිමියන්ට වසර හතරක සිර දඬුවමක් පනවනු ලැබූ අතර එහිමියන් ඉන් පසු මහාධිකරණයට අභියාචනා කර ඇප ලබාගත්තේය.

දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය: ආගමික හැඟීම්වලට හානි කිරීම සඳහා හිතාමතාම චේතනාවෙන් වචන ප්‍රකාශ කිරීම.

12 9

ඕනෑම පුද්ගලයෙකුගේ ආගමික හැඟීම්වලට හානි කිරීමේ චේතනාවෙන් හිතාමතා යම් වචනයක් ප්‍රකාශ කිරීම හෝ එම පුද්ගලයාට ඇසෙන පරිදි ශබ්දයක් නිකුත් කිරීම හෝ එම පුද්ගලයා ඉදිරියෙහි කිසියම් අභිනය කිරීමක් හෝ එම පුද්ගලයාට පෙනෙන පරිදි කිසියම් වස්තුවක් තැබීම, වසරක් දක්වා දීර්ඝ කළ හැකි කාල සීමාවක් සඳහා සිරගත කිරීම හෝ දඩයක් හෝ දෙකම සමඟ දඬුවම් කළ යුතුය.

ඥානසාර හිමිගේ පාර්ශ්වය ඔහු විසින් කරන ලද ඉස්ලාම් විරෝධී වෛරී ප්‍රකාශය සම්බන්ධයෙන් පසුගිය මාර්තුවේදී තර්ක කළේ ඔහු එය සිදු කළේ 2016 වසර වන විට පැවති තත්වය අනුව බවයි.

2019 වසරේදී පාස්කු ප්‍රහාරය සිදු වූ අතර, එයට සම්බන්ධ යයි කියන කිසිවෙකු නොදන්නා මහමොළකරුවකු ගැන තිබෙන උනන්දුව එම ප්‍රහාරයට සම්බන්ධ යයි නඩු පවරා තිබෙන පුද්ගලයන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් තිබෙන බවක් නොපෙනේ.

 

cvfgsfsadfපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 267 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අතරින් 24දෙනෙකුට චෝදනා යටතේ 23,270ක් යටතේ අධි චෝදනා ගොනු කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 267 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අතරින් 24දෙනෙකුට චෝදනා යටතේ 23,270ක් යටතේ අධි චෝදනා ගොනු කර තිබේ. එතරම් චෝදනා ප්‍රමාණයක් ගොනු කිරීමම ප්‍රශ්නකාරීය. මේවා ගිනස් වාර්තා තබන්නට නම් හොඳය.

සුද්දෝධනගේ කොල්ලා යයි පවසමින් බුද්ධ චරිතයට අපහාස කළේ යයි නතාෂා එදිරිසූරියට ද 291 (අ) වගන්තිය යටතේ නඩු පැවරිය හැකිව තිබුණු මුත්, නඩු පවරනු ලැබුවේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේය.

ලංකාවේ නඩු පැවරීම සිදුකරන ආකාරය හා රජයේ නීති උපදේශක වන නීතිපතිගේ භූමිකාව ප්‍රශ්නකාරීය.

 

3a09ca00 1b14 11ee a1d8 fdaf37d243c9.jpgසුද්දෝධනගේ කොල්ලා යයි පවසමින් බුද්ධ චරිතයට අපහාස කළේ යයි නතාෂා එදිරිසූරියට ද 291 (අ) වගන්තිය යටතේ නඩු පැවරිය හැකිව තිබුණු මුත්, නඩු පවරනු ලැබුවේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේය.

එසේම, ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් සමාජ කතිකාව ද, ඒ සම්බන්ධ සිවිල් සමාජ භූමිකාව ද ප්‍රශ්නකාරීය.

සිංහල, බෞද්ධ බහුතර ප්‍රජාවේ නායකයන් විසින් වෙනත් ආගම්වලට එරෙහිව කරනු ලබන ප්‍රකාශ හා සිංහල, බෞද්ධයන්ට එරෙහිව කරනු ලබන ප්‍රකාශ සමාන අන්දමින් සැලකීම අවශ්‍ය නැති බවට තර්කයක් මතු කිරීම සාධාරණය.

මෙම සංවාදය හා සම්බන්ධ වැදගත් කාරණා ඥානසාර හිමිට එරෙහිව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි විසින් ලබාදෙන ලද තීන්දුවෙහි ද, නතාෂා එදිරිසූරියට ඇප ලබාදීම සම්බන්ධයෙන් එම විනිසුරුම විසින් ලබාදෙන ලද තීන්දුවෙහි ද තිබේ.

 

law 2022.01.09අධිකරණය මේ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන්නේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩු පවරනු ලබන ආකාරය අනුවය.

අධිකරණය මේ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන්නේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩු පවරනු ලබන ආකාරය අනුවය. ලංකාවේ අභිචෝදකවරයා වන නීතිපතිවරයාගේ ස්වාධීනත්වය ප්‍රශ්නකාරීය.

කෙසේ වෙතත්, පාස්කු ප්‍රහාරය වැනි දරුණු ත්‍රස්තවාදී ක්‍රියාවකට අවුරුදු පහකට පසුවත් කිසිවෙකු දඬුවම් ලබා නොමැති බව ද, ඥානසාර හිමි සිරගත කිරීම අනුමත කරන අතරතුර සලකා බැලිය යුතුය.

එසේම, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතට, මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනතට, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට සමාන පදනමින් විරුද්ධ වන ලංකාවේ සිවිල් සමාජය දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය ගැන දක්වන ප්‍රතිචාරය කුමක්ද යන්නද දැනගැනීම අවශ්‍යය.



AJITH PARAKUM
(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය  praja.lk  හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...