BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

ඉන්දීය හමුදා විසින් යාපනය රෝහලේදී මරා දැමූ 68ක් සිහිපත් කෙරේ

T

The Leader Desk

October 24, 2022 • 3:58 PM

ඉන්දීය හමුදා විසින් යාපනය රෝහලේදී මරා දැමූ 68ක් සිහිපත් කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ප්‍රශ්නයට විසදුම් ලෙස අත්සන් තැබුණු ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු උතුරු නැගෙනහිර පළාත් වලට
  • සාම සාධනය සඳහා යැයි රජයේ ආරාධනයෙන් පැමිණ උතුරේ වාඩිලා සිටි ඉන්දීය භටයන් විසින් සිදුකරන ලද සමූහ ඝාතන මාලාවක්ම සිදු කර ඇත්තේ 1987 ඔක්තෝබර් මාසයේය.
  • පරිමලර් වෛද්‍යවරු තිදෙනාත්, ආර්.
  • ඉන්දීය සාම සාධක හමුදාවේ යාපන ශික්ෂණ රෝහල් සංහාරයේ 35 වැනි සමරුව සති අන්තයේදී කාර්ය මණ්ඩලයේ  සහභාගිත්වයෙන් යාපන රෝහලේදී පවත්වා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කැඳවූ ඉන්දිය සාම සාධක හමුදාව විසින් මිට තිස් පස් වරකට පෙර මරා දැමුවන් සැමරුමක් යාපනය රෝහලේ පවත්වා තිබේ.


සාම සාධනය සඳහා යැයි රජයේ ආරාධනයෙන් පැමිණ උතුරේ වාඩිලා සිටි ඉන්දීය භටයන් විසින් සිදුකරන ලද සමූහ ඝාතන මාලාවක්ම සිදු කර ඇත්තේ 1987 ඔක්තෝබර් මාසයේය.

1987 ඔක්තෝබර් 21 වැනිදා ලුතිනන් ජෙනරාල් දිපේන්ද්‍ර සිං ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය සාම සාධක හමුදා භට පිරිස් යාපනය ශික්ෂණ රෝහලට කඩා වැදී සිදු කළ වෙඩි ප්‍රහාරයෙන් රෝහල් කාර්ය මණ්ඩලයේ 21 ක් සහ ප්‍රතිකාර ලබමින් සිටී රෝගීන් 47 ක් ඇතුළු 68 දෙනෙකු මරා දැමිණි.

ඉන්දීය හමුදා විසින් මරා දැමුවන් අතර ඒ. සිවපාදසුන්දරම්, එම්.ජේ.ගනේෂරත්නම් සහ කේ. පරිමලර් වෛද්‍යවරු තිදෙනාත්, ආර්. රාමනාදන්, සිවපාතියම්  සහ ලීලාවතී හෙදියන් තිදෙනාත්, දුරකථන ක්‍රියාකරු කනගලිංගම්, වැඩ සුපරික්ෂකයන් වූ ආර්.ක්‍රිෂ්නරාජ්, කේ. සෙල්වරාජ්   සහ වී. ෂන්මුගලිංගම්  නම්  ගිලන් රථ රියදුරා ද වුහ.

ඉන්දීය සාම සාධක හමුදාවේ යාපන ශික්ෂණ රෝහල් සංහාරයේ 35 වැනි සමරුව සති අන්තයේදී කාර්ය මණ්ඩලයේ  සහභාගිත්වයෙන් යාපන රෝහලේදී පවත්වා තිබේ.     

 
  
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...