BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

පාම් ඔයිල් තහනමෙන් BOI සමාගම් කිහිපයක්ම හාන්සි! - බේකරි හිමියන්ගෙන් රතු එළියක්!

T

The Leader Desk

April 6, 2021 • 2:26 PM

පාම් ඔයිල් තහනමෙන් BOI සමාගම් කිහිපයක්ම හාන්සි! - බේකරි හිමියන්ගෙන් රතු එළියක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවට පාම් තෙල් ආනයනය අප්‍රේල් මස 05 දින සිට ක්‍රියාත්මක වන සම්පූර්ණයෙන්ම තහනම් කිරීම
  •   දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙසද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.
  •   මීට සමගාමීව කටුපොල් වගාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපතිවරයා දී ඇති උපදේශය බලාත්මක කරමින් ඊට අදාළ නීති යටතේ නියෝග පනවා තිබේ.
  •   එවැනි කර්මාන්තශාලා පහකටකට ආසන්න ප්‍රමාණයක් ඇති අතර මේ සියල්ල ආයෝජන මණ්ඩල යටතේ ක්‍රියාත්මක වන විදේශීය ආයෝජන කර්මාන්තයන්ය.
අකුරු ප්‍රමාණය (Font Size):
තුළ ආයෝජන මණ්ඩලය අනුමැතිය යටතේ ක්‍රියාත්මක විදෙස් සමාගම් කිහිපයක්ම බරපතල අර්බුදයකට ගොස් ඇතැයි වාර්තාවේ.
 
වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දී ඇති උපදෙස් පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා ආනයන අපනයන පාලකවරයා වෙත දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (05) නිවේදනය කළේය.
 
දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙසද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.
 
මීට සමගාමීව කටුපොල් වගාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපතිවරයා දී ඇති උපදේශය බලාත්මක කරමින් ඊට අදාළ නීති යටතේ නියෝග පනවා තිබේ.
 
 
 
BOI සමාගම් ගැන චක්‍රලේඛයේ නැහැ ?
 
ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ක්‍රියාත්මක වන කර්මාන්තශාලා කිහිපයක් ආයෝජන මණ්ඩලය අනුමැතිය යටතේ පිරිපහදු නොකරන පාම්තෙල් ශ්‍රී ලංකාවට ආනයනය කර, මෙරට තුළදී  පිරිපහදු කර අගය එකතු කර (වනස්පති  මේදය වශයෙන් )හෝ බේකරි මේද සහ මාගරින් වශයෙන් ඉන්දියාව ආනයනය කරනු ලබයි.
 
එවැනි කර්මාන්තශාලා පහකටකට ආසන්න ප්‍රමාණයක් ඇති අතර මේ සියල්ල ආයෝජන මණ්ඩල යටතේ ක්‍රියාත්මක වන විදේශීය ආයෝජන කර්මාන්තයන්ය.
 
මෙම අදාල චක්‍රලේඛයේ මෙම කර්මාන්තශාලා හෝ ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොමැත.
 
ඉතාමත් තීරණාත්මක විදේශ විනිමය අර්බුදයකට සහ විදේශ ආයෝජන හිඟයකට මුහුණ පා ඇති ශ්‍රී ලංකාව මෙවැනි සංවේදි ආයෝජන සම්බන්ධයෙන් සැලකිළිමත් නොවීම ඉතාමත් බරපතල තත්වයක් බවත්, මෙම තත්ත්වය ‍යටතේ මෙරට ආයෝජන කිරීම ආයෝජකයන් දෙවරක් සිතනු නොඅනුමාන බවත් මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ විශේෂඥයකු පැවසිය.
 
 
බේකරි හිමියන්ගෙන් රතු එළියක් !
 
Margarine
බේකරි නිශ්පාදන සදහා අත්‍යවශ්‍යම සාධකයක් වන මාගරින් නිපදවෙන්නේ පාම් ඔයිල් යොදාගනිමිනි.
 
 
මේ අතර සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පවසන්නේ, මෙරට පාම් ඔයිල් ආනයනය තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණය නිසා බේකරි නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන් කඩා වැටෙනු ඇති බවත්, මෙරට බේකරි නිෂ්පාදනය තාවකාලිකව නවතා දැමීමට සිදු වනු ඇති බවත්ය.
 
බේකරි නිශ්පාදන සදහා අත්‍යවශ්‍යම සාධකයක් වන මාගරින් නිපදවෙන්නේ පාම් ඔයිල් යොදාගෙන බැවින් පාම් ඔයිල් තහනම් කිරීම හේතුවෙන් බේකරි නිෂ්පාදන කටයුතු සිදු කිරීමය නොහැකි වනු ඇත.
 
අවශ්‍ය වෙනත් ඔයිල් වර්ග ගෙන්වන්නේ නොමැතිව පාම් ඔයිල් තහනම් කිරීම ප්‍රයෝගික නොවන අතර මෙය විශාල අර්බුදයක පෙර නිමිත්තක් බව එන්. කේ. ජයවර්ධන සඳහන් කරයි.
 
මේ තීරණයෙන් වන්නේ ලංකාව පුරා සිටින බේකරි සහ හෝටල්කාරයින් පාරට ගෙන්වා නැති ප්‍රශ්නයක් ඇති කිරීමට බව එන්. කේ. ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කරයි.
 
 Keheliya Rambukwella
''කාලීන අවශ්‍යතාවයන් මත ගැසට් නිවේදනයේ යම් වෙනස්කම් සිදුවීමට ඉඩ තියනවා. '' -කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල
 
පාම් ඔයිල් හා පොල්තෙල් සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසා සිටියේය.
 
එහිදී අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුයේ, පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට අදාළව නිකුත් කිරීමට නියමිත ගැසට් නිවේදනයේ කාලීන අවශ්‍යතාවයන් මත යම් වෙනස්කම් සිදුවීමට ඉඩ ඇති බවයි. 
 
ඒ අතර ආහාරවල අන්තර්ගත වියයුතු “ඇෆ්ලටොක්සින්“ ප්‍රමාණය සම්බන්ධයෙන් රජය ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
 
 
 

 

 


 

THE LEADER TV

 

පොට් සිටි කොමිසෙන් රටට වෙන දේ - ආචාර්ය රොහාන් සමරජීව

 

සීතා - දමිත හුටපටේ...!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...