චීනය ඇතුළු රටවලින් පැමිණි ජාවාරම්කරුවන් විසිට් වීසා මත ලංකාවට ඇවිත් සිදුකරන අධිපොලී ඔන්ලයින් ණය ජාවාරම!
පිරමීඩාකාර මූල්‍ය ජාවාරම්වලට හසුව සිය සේසතම අහිමි කරගත් මෙරට ජනතාව ලක්ෂ ගණනකටත් වඩා වැඩිය. අද සමාජයේ බොහෝ පිරිස් මෙම පීරමිඩ වංචාවට හසු වී ඇත්තේ නිසියාකාර දැනුමක් නොමැති නිසාද යන්න ගැටලුවකි. තමන්ට අහිමි වූ මුදල් නැවත ලබා ගැනීම සඳහා ඔවුන් අධිකරණයේ පිහිට පැතීමට පැමිණෙන අයුරු සුලභව දක්නට ලැබේ.
මාර්ගස්ථ ක්‍රමය ඔස්සේ (online) ණය ලබාදීමද පිරමීඩාකාර මූල්‍ය ජාවාරමට එහා ගිය වංචාවකි. මෙම වංචාවට හසුව සිටින පිරිස්ද ලක්ෂ ගණනකි. මෙම වංචාව මෙහෙයවන බහුතර පුද්ගලයන් විදේශීය ජාතික ජාවාරම් කරුවෝය. ඔවුන් බහුතරයක් චීනය, යුක්ක්‍රේනය, ලිතුවේනියාව, ක්‍රොඒෂියාව, ලැට්වියා , වියට්නාමය සිංගප්පූරුව, පිලිපීනය වැනි රටවලින් විසිට් වීසා මත මෙරටට පැමිණි පුද්ගලයෝ වෙති.
මෙම කුප්‍රකට මූල්‍ය ජාවාරමට මෙරට පිරිසක්ද සම්බන්ධය. එම කුප්‍රකට පුද්ගලයන් මෙහෙයවන එම මූල්‍ය වංචාවේ සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කරන්නේ ලාංකික ජාවාරම්කාර පුද්ගලයන්ය.
මෙලෙස ජනාතාව මහා පරිමාණ ලෙස හසු වු පිරමීඩ වංචා රාශියක පැමිණිලි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතියි. ඒ නඩු විභාග වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තුළ හුස්මක් ගැනීමට ඉඩක් නොමැත. මන්ද යත් තමන් ජිවිත කාලය දුක් මහන්සි වි හම්බ කරපු සේසතම පිරිමිඩාකාර වංචාවකට යට කර මිනිසුන් තම මුදල් ලබා ගැනීම වෙනුවෙන් අරගල කරති.
ඔවුන් එම නඩු පවතින දින අධිකරණය ඉදිරිපස උද්ඝෝෂණ පවා පවත්වයි. මෙයට වගකිය යුත්තේ එම වංචාවට හසුවූ මිනිසුන්ද? මෙවැනි ක්‍රියා සමාජයේ උඩු දුවනකම් බලාගෙන සිටි පාලකයන්ද යන්න පිළිබඳ අදටත් හිඩැසක් පවතී.
ඔන්මැක්ස් ඩී.ටී. වංචාව: බිලියන ගණනක මුදල් ජනතාවගෙන් උදුරා ගත් මහා පිරමීඩ ජාවාරමකි.
ශ්‍රී ලංකාවේ විශාල අවධානයකට ලක් වූ Onmax DT පිරමීඩ ආකාරයේ මූල්‍ය වංචා නඩුව මේ වන විටත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී. නවතම විමර්ශන අනුව මෙම ජාවාරමට සම්බන්ධව මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 20,000 ඉක්මවා ඇති අතර, වාර්තා වූ මුළු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 11කට වැඩි බව අධිකරණයට දැනුම් දී තිබේ.
Onmax DT යනු කුමක්ද?

Onmax DT නමින් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන අන්තර්ජාලය හරහා ආයෝජන සහ ඉහළ ප්‍රතිලාභ ලබාදෙන බව පවසමින් ජනතාව ආකර්ෂණය කරගත් බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. ශ්‍රී ලංකා බලධාරීන් විසින් මෙය නීති විරෝධී පිරමීඩ ආකාරයේ මූල්‍ය ජාවාරමක් ලෙස හඳුනාගෙන තිබේ.
මෙවැනි පිරමීඩ ක්‍රමයකදී නව සාමාජිකයන්ගෙන් ලැබෙන මුදල් මත පෙර සාමාජිකයන්ට ප්‍රතිලාභ ලබාදීම සිදුවිය හැකි අතර, අලුතින් මුදල් ඇතුළත් වීම අඩුවූ විට එම පද්ධතිය කඩා වැටීමේ අවදානම ඉතා ඉහළය.
වංචාවේ ප්‍රමාණය කොපමණද?
2025 දෙසැම්බර් මාසයේදී CID විසින් අධිකරණයට දැනුම් දී තිබුණේ පැමිණිලි අනුව වංචාවට සම්බන්ධ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 9.7ක් පමණ වන බවයි. එම අවස්ථාවේ සැකකරුවන්ගෙන් හඳුනාගෙන/අයකර ගැනීමට හැකි වී තිබුණේ රුපියල් බිලියන 2.6ක් පමණක් බවද සඳහන් විය.
කෙසේ වෙතත්, 2026 පෙබරවාරි මාසයේ අධිකරණයට ඉදිරිපත් වූ නවතම තොරතුරු අනුව පැමිණිලි 20,931ක් ලැබී ඇති අතර, ඒවායින් දැක්වෙන මුළු පාඩුව රුපියල් බිලියන 11කට වැඩි බව සඳහන් විය. එයින් රුපියල් බිලියන 2.6කට ආසන්න වටිනාකමක දේපළ හඳුනාගෙන ඇති නමුත් තවත් රුපියල් බිලියන 8කට වැඩි මුදලක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන අවශ්‍ය බව අධිකරණයට දැනුම් දී ඇත.
දහස් ගණනක් ආයෝජකයන්ට සිදුවූ දේ
2025 වසරේදී CID විසින් Onmax DT සම්බන්ධ පැමිණිලි ක්‍රමානුකූලව එකතු කිරීම ආරම්භ කළ අතර, පසුව පැමිණිලි සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගියේය. 2026 පෙබරවාරි වන විට පැමිණිලි 20,931ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
මෙයින් පෙනී යන්නේ මෙම සිද්ධිය තනි පුද්ගලයන් කිහිපදෙනෙකුට සිදුවූ පාඩුවක් නොව, රට පුරා විශාල පිරිසකට බලපෑ මූල්‍ය ජාවාරමක් බවයි.
සැකකරුවන් සහ නීතිමය ක්‍රියාමාර්ග

Onmax DT සමාගමේ අධ්‍යක්ෂවරුන් ඇතුළු කිහිපදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, අධිකරණය විසින් ඇතැම් සැකකරුවන්ට ඇප ලබාදී තිබේ. තවත් සැකකරුවන් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර ඇති අවස්ථාද වාර්තා වී ඇත.
2025 පෙබරවාරි මාසයේදී Onmax DT නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස සඳහන් වූ පුද්ගලයෙකු ඩුබායි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබීය. ඔහුට එරෙහිව Interpol Red Notice එකක්ද නිකුත් කර තිබූ බව CID සඳහන් කළේය.
තවද, 2025 ජූලි මාසයේදී Onmax DT ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ දෙවන හා තෙවන මට්ටමේ පුද්ගලයන් 212 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට CID වෙත උපදෙස් ලබාදී තිබුණි.
ආයෝජකයන්ගේ මුදල් නැවත ලැබේද?
මෙය මෙම නඩුවේ වැදගත්ම ප්‍රශ්නයකි. 2025 දෙසැම්බර් මාසයේදී රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ සැකකරුවන්ගෙන් අයකරගන්නා මුදල් තැන්පත් කිරීම සඳහා මහ බැංකුව යටතේ විශේෂ ගිණුමක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බවයි. එම මුදල් පසුව බලපෑමට ලක්වූ තැන්පත්කරුවන් වෙත බෙදාදීම අරමුණ වී තිබුණි.
කෙසේ වෙතත්, සියලු ආයෝජකයන්ට සම්පූර්ණ මුදලම නැවත ලැබෙන බව මේ වන විට නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක. අධිකරණය සහ විමර්ශන ආයතන තවදුරටත් සැකකරුවන්ගේ වත්කම් හඳුනාගෙන මුදල් අයකර ගැනීමට කටයුතු කරමින් සිටී.
Onmax DT සිද්ධිය ශ්‍රී ලංකාවේ ජනතාවට වැදගත් මූල්‍ය පාඩමක් ලබාදෙයි. ඉතා කෙටි කාලයකදී ඉහළ සහතික කළ ප්‍රතිලාභ ලබාදෙන බව පවසන ආයෝජන යෝජනා පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.
ආයෝජනය කිරීමට පෙර ආයතනය නීත්‍යානුකූලව ලියාපදිංචි වී තිබේද, අදාළ නියාමන ආයතනවල අනුමැතිය තිබේද, මුදල් උපයන ආකාරය පැහැදිලිද සහ ප්‍රතිලාභ ගෙවන්නේ සැබෑ ව්‍යාපාරික ආදායමකින්ද යන්න පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ.
ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ ජනතාව විසින් තැන්පත් කළ රුපියල් කෝටි 800 කට අධික මුදලක් සැකකාර අධ්‍යක්ෂකවරු විසින් වංචාකර හෝ සොයා ගැනීමට නොහැකි දේපලක් බවට පත්ව ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා අධිකරණයය හමුවේ දන්වා සිටියේය.
රුපියල් කෝටි 1100 කට අධික මුදලක් තැන්පත් කර ඇති බවට ජනතාව පැමිණිලි ඉදිරිපත් කර තිබුණද ,රහස් පොලිසිය මගින් මේ වන විට අනාවරණය කරගෙන ඇත්තේ රුපියල් කෝටි 260 කට අසන්න දේපලක් බවත් නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ නීතිඥ ඔස්වර්ඩ් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
සැකකාර අධ්‍යක්ෂකවරුන් විසින් තැම්පත්කරුවන්ට මුදල් ආපසු ගෙවීමට සූදානම් නම් බවට අධිකරණය ඉදිරියේ පවසා ඇති හෙයින් මෙතෙක් අනාවරණය කර නොමැති කෝටි 800 ක මුදල ගෙවීම් කරන්නේ කෙසේදැයි අධ්‍යක්ෂකවරුන් අධිකරණය හමුවේ පැවසිය යුතු බවද රජයේ නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.
කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය" එරාමිරකල් ජෙනිසික්" නැමැති පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් මඟින් තැන්පත්කරුවනන්ගෙන් රුපියල් කෝටි 1000ක මුදල් ප්‍රමාණයක් වංචා කළා යැයි කියන සිද්ධියට අදාළව එහි අධ්‍යක්ෂකවරයා සහ මුල්‍ය අධ්‍යක්ෂිකාව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදා හැර ඇත.

මාර්ගගත ක්‍රමය ඔස්සේ රැකියා ලබා දෙන බව පවසා තැන්පතුකරුවන් සතු කෝටි 1000 කට අධික මුදලක් වංචා කළ බව කියන "ශේඩ් ඔප් ප්‍රෝකෙයා" නැමැති නීත්‍යානුකූල නොවන පිරමීඩ ආයතනය තැන්පත්කරුවන් සතු කෝටි 10,000 කට අධික මුදලක් වංචා කළ ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබිය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ බව කියා සිටියේ සිද්ධිය සම්බන්ධය විමර්ශන ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත්පත් කරමිනි.
ශේඩ් ඔප් ප්‍රෝකෙයා" නමින් ආයතනයක් පවත්වාගෙන යමින් මාර්ගගත ක්‍රමය ඔස්සේ රැකියා ලබා දෙන බව පවසා කෝටි 1000 කට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධියට අදාලව විමර්ශන කටයුතු සිදු කරන බැවින් එම නම භාවිතා නොකර වෙනත් නම් ඔස්සේ මෙම පිරමීඩ ජාවාරම රට තුළ ක්‍රියාත්මක කිරීමට දැනට ඇප මත සිටින ප්‍රෝකෙයා ආයතනයේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිස කටයුතු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දන්වා සිටියේය.
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ එම සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී මෙලෙස නියෝග කළේය. සිද්ධියට අදාල සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළේය.
තවද මෙම සිද්ධියට අදාළව දැනට ඇප මත සිටින එම පිරමීඩ වංචාවේ අධ්‍යක්ෂකවරයා ඇතුළු තිදෙනාට ඇප ලබා දුන් පුද්ගලයන් වෙනස් කරන බව ද නීතිඥවරුන් විසින් දැනුම් දෙනු ලැබිය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ, "ශේඩ් ඔප් ප්‍රෝකෙයා" නමැති ආයතනය මේ වන විට තහනමට ලක්ව ඇති බැවින් එම ආයතනයේ සිටින අධ්‍යක්ෂකවරු ඇතුලු පිරිස විසින් වෙනත් නම් ඔස්සේ මෙම පිරමීඩ ජාවාරම සිදු කරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විමර්ශන නිලධාරියා සඳහන් කර සිටියේ, එම පිරිමිඩ වංචාව විවිධ නම් වලින් පවත්වාගෙන යන බවයි. දැනට කරන ලද විමර්ශනවලින් නම් තුනක් මේ වනවිට අනාවරණය වී ඇති බව ද අධිකරණයට දැනුම්දෙනු ලැබිය.
''ඉනෙක් ඉන්ටනැෂනල්'', ''ෆ්‍රිලාන්ස් ක්‍රියේටිව්'', ''සංදේශ් යන නම් ඔස්සේ මාර්ග ගත ක්‍රම ඔස්සේ රැකියා ලබා දෙන බව පවසා ජනතාවට සතු මුදල් වංචා කරන බව ද විමර්ශන නිලධාරීයා අධිකරණයට දැනුම්දෙනු ලැබිය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් භාවයක් නොමැතිකමින් රැවටීමට ලක්ව ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට හමුවේ පැවසිය.
ඒ අනුව, ප්‍රධාන පිරමීඩ වංචාවට සම්බන්ධ අනෙකුත් පිරමීඩ වංචා සම්බන්ධයෙන් මෙම සැකකරුවන් ක්‍රියාකළ තිබේ නම් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
කුලියාපිටිය නගරය කේන්ද්‍ර කර ගනිමින් දිවයින පුරා ව්‍යාප්ත කළ ''ඉසි මඟ ඉන්ටර්නැෂනල්'' නම් නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ පාර්ලිමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සිසිර සම්පත් කුමාර, සුභාෂිනි සිරිවර්ධන, ලහිරු බණ්ඩාර, චන්දන ප්‍රදීප් කුමාර, එන්.සාගරිකා යන සැකකරුවන් මෙසේ ඇප මත මුදාහැරිය.

එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසටද නියෝග කළේය.
අදාල නීති විරෝධී පිරමීඩාකාරී මූල්‍ය සමාගම තවදුරටත් ක්‍රියාත්මක නොවීම සහ සැකකරුවන් විමර්ශනයන්ට සහය දීම සම්බන්ධයෙන් අධිකරණයේදී එකඟත්වය පළකිරීම මත මෙසේ ඇප නියම කෙරින.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරණු දක්වමින් කියා සිටියේ වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් මගින් ප්‍රතිලාභ අත්කර දෙන බවට ප්‍රචාරය කරමින් මෙම පිරමීඩාකාර මුල්‍ය ආයතනය පවත්වා පවත්වාගෙන ගොස් ඇති බවය.
''ඉසිමඟ ඉන්ටර්නැෂනල්'' නම් අදාළ සමාගම ශ්‍රී ලංකා මහ බැංකුව මගින් තහනම් කොට ඇති බවද, සමාගමේ මුදල් ආයෝජනය කර අගතියට පත් තැන්පත්කරුවන් දස අට (18) දෙනකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පැවසිය.
සැකකරුවන්ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කළ යුතු හෙයින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද ඉල්ලා සිටියේය. සැකකරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥවරුන් සඳහන් කර සිටියේ මේ වන විට සමාගමේ කටයුතු අත්හිටුවා ඇති බවය.
මෙම සමාගම පිරමීඩාකාරය මූල්‍ය සමාගමක් නොවන බවත් පරිගණක මෘදුකාංගයක් මඟින් භාණ්ඩ අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් පමණක් බවද විමර්ශකයින් සඳහන් කළේය.
සැකකරුවන් විසින් විමර්ශනයන්ට සහය දැක්වීම සහ අගතියට පත් තැන්පත් කරුවන්ට ප්‍රතිලාභ අත්කර දී ඇති බැවින් සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ දේපළ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කළේය. සැකකරුවන්ට ඇප නියම කරමින් විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළේය.
මෙලෙසින් ජනතාව පීරමිඩාකාර වංචාවලට බොහෝ සෙයින් හසුවී ඇත. ඒ පිළිබදව නඩු අධිකරණයේ විභාග වෙමින් පවතියි. යම් පිරමීඩාකාර සමාගම් මහ බැංකුවෙන් තහනම් කර ඇති අතර ඇතැම් මේවා තවමත් ජනතාව රවටා මුදල් ගරමින් සිටිති.
මෙවැනි පිරිමිඩාකාර වංචා සඳහා අධිකරණයෙන් මෙලෙසද නියෝග ලබා දී තිබේ.
ඔන්මැක්ස් ඩී.ටී නැමැති පිරමීඩාකාර ජාවාරමට හසුවූ වින්දිතයන්ගේ මුදල් ඔවුන්ට ලබා දීමට අදාළ වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය සිද්ධියට අදාල සියලුම පැමිණිලි භාර ගැනීම සඳහා දිවයිනේ සියලූම ප්‍රාදේශීය පොලිස් ස්ථාන දැනුවත් කරන ලෙස වැඩ බලන පොලිස්පති නියෝග කර ඇත.
ලැබී තිබෙන පැමිණිලි සලකා බලා වහාම විමර්ශනයක් පවත්වා අගතියට පත් පාර්ශවයන්ට අදාලව නීතිමය පියවර ගන්නා ලෙසට ප්‍රකාශ කරමින් මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට මෙලෙස නියෝග කර තිබේ.
ඔන්මැක්ස් ඩීටී' තැන්පත්කරුවන්ගේ මුදල් බැර කිරිමට මහ බැංකුවෙන් ගිණුමක්
"ඔන්මැක්ස් ඩීටී" පිරමීඩාකාර මූල්‍ය වංචා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සතුව තිබියදී සොයාගන්නා ලද තැන්පත්කරුවන්ගේ මුදල් බැර කිරීම සඳහා රජයේ අනුමැතිය ඇතිව මහ බැංකුව තුළ ගිණුමක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවකොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම වෙත දැන්විය.
මින් පෙර කිසිදු දිනයක මෙවැනි ගිණුමක් ආරම්භ කර නොමැති බවත් එම ගිණුම රජය පාලනය යටතේ පවතින බවද නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැන්විය.
එම ගිණුම ආරම්භ කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ඒ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා දැනුවත් කර ඇති බවද අධිකරණයට දැන්විය.
මෙලෙසින් ඔවුන් මෙම මූල්‍ය ජාවාරම සිදු කරන්නේ ක්ෂණික ණය මුදල් ලබාදෙන මුවාවෙනි.මේ මූල්‍ය ජාවාරමට පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ඔවුන් පළමුවෙන්ම කරන්නේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ක්ෂණික ණය දෙන බවට ඉතා ආකර්ෂණීය දැන්වීම් පළ කිරීමය.එම දැන්වීම්වලට ප්‍රතිචාර දක්වන පුද්ගලයන් ණය ගැනීමට ඉල්ලුම් කරන අවස්ථාවන්හිදී එම ජාවරම්කරුවන් ඉතා සූක්‍ෂම ආකාරයෙන් එම ණය ඉල්ලුම්කරුවන්ගේ බැංකු තොරතුරු, දුරකථක අංක, ඡායාරූප ඇතුළු සියලු තොරතුරු ඇප් එකක් හරහා ලබා ගැනීම සිදුකරයි.
යම් අයෙක් එම දැන්වීම්වලට ප්‍රතිචාර දක්වා ණය ඉල්ලා නොසිටින අවස්ථාවන්හිදී ඔවුන්ගේ දුරකථනවලට කෙටි පණිවිඩ හා ඇමතුම් ලබාදෙමින් ඔවුන් ආකර්ෂණය කර ගැනීම මෙම ජාවාරම්කරුවාගේ කැපී පෙනෙන ලක්ෂණයකි. ණයදීම සඳහා කිසිදු ඇපකරුවෙකු අවශ්‍ය නොවන නමුත් ණය ඉල්ලුම්කරුගේ හිතවතුන් දෙදෙනෙකුගේ දුරකථන අංක ලබාගැනීමද ඔවුන් සිදු කරනු ලබයි.ණය ඉල්ලා සිටින පුද්ගලයන්ට ඇප් එකක් හ හෝ වෙබ් අඩවියක් හරහා ඉල්ලුම් පත්‍රයක්ද යොමු කරන අතර ණය ඉල්ලුම්කරුවන්ගේ නම, ගම, දුරකථන අංක, ගිණුම් අංක, හැදුනුම්පත් අංකය ඇතුළු සියලු තොරතුරු එම ඉල්ලුම්පත්‍රය මඟින් ලබාදිය යුතුය. එම තොරතුරු ලබා නොදෙන්නේ නම් එම ණය මුදල ලබා ගැනීමට ඉල්ලුම්කරුවන්ට හැකියාවක් ලැබෙන්නේද නැත. ණය මුදල් ලබාදීමේදී රුපියල් පන්දහසේ සිටියේ රුපියල් ලක්ෂ දෙක දක්වා සීමාවක් පනවන අතර එම ණය මුදල් වල මාසික පොලි අනූපාතය. සියයට පනහේ සිට සියයට එකසිය විස්සටටත් වඩා ඉහළ අගයක් ගනියි.උදාහරණයක් ලෙස ගත් විට රුපියල් පන්දහසක ණය මුදලක් ලබා ගන්නා ණය ඉල්ලුම්කරුවකු දින හතක් තුළ පොලි අනුපාතය ද සමඟ ගෙවිය යුතු මුදල රුපියල් අටදහස් පන්සීයකි. ඒ ආකාරයට ලබාගන්නා ණය මුදල් අනුව ප්‍රතිශතය ද වෙනස් වේ.
ණය මුදල් පියවීමට ලබාදෙන උපරිම කාලසීමාව දින හතේ සිට දින 30 දක්වා සීමා කර තිබේ. යම් හෙයකින් එම කාලය තුළ ණය ඉල්ලුම්කරුවන්ට අදාළ ණය මුදල පියවීමට නොහැකිවන අවස්ථාවන්හිදී ණය ගත් පුද්ගලයන්ට එරෙහිව විවිධ ආකාරයෙන් තර්ජනය කරයි..එම තර්ජන එසේ සිදුවන අවස්ථාවන්හිදී මෙම ජාලයටම සම්බන්ධ තවත් වංචනිකයින් පිරිසක් ණය උගුලට හසුවූ පුද්ගලයින්ට ඇමතුම් ලබා දෙමින් ක්ෂණික ණය මුදලක් ලබාදීමට යෝජනා කරයි. එම උපක්‍රමයට හසුවන ණයකරුවන් එම පුද්ගලයන් මගින් තවත් ණය මුදලක් ලබාගෙන පෙරගත් ණය මුදල පියවනු ලබයි. දෙවනි වරටද ණය ලබා ගන්නා එම පුද්ගලයින්ට ණය මුදල පියවීමට නොහැකි වන අවස්ථාවන්හිදී පෙර පරිදිම එම ජාවාරම්කරුවන්ගේ තර්ජනවලට මුහුණපාන්නට ණයකරුවන්ට සිදුවීම නිසා ඔවුන්ට දැඩි මානසික අපහසුතාවයකට පත්වන්නට සිදුව තිබේ.
එසේ එල්ලවන තර්ජන හමුවේ කරකියා ගත දෙයක් නොමැති ණයකරුවන් තමන් දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් දේපළ විකුණමින් උකස් කරමින් එම ණය මුදල් පියවීම සිදු කරනු ලබයි. මෙවැනි වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙස මහබැංකුව කෙතරම් දැනුවත් කළද මෙරට විවිධ ප්‍රදේශවල සිටින ලක්ෂ ගණන් ජනතාව මෙම වංචාවට හසුව ඇති අතර අවසානයේ ඔවුන්ට පොලිසියේ හා අධිකරණයේ පිහිට පැතීමට සිදුව තිබේ.
දුප්පත් අහිංසක ජනතාව රවට්ටමින් සූරා කන මුදල් එම ජාවාරම්කරුවන් ඔවුන්ගේ මව් රටවල් වලට රැගෙන යන අවස්ථාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්නා තිබෙනවා. මෙරට තුළ පවතින නීති රීතිවල හිඩැස් , අඩුපාඩු උපරිම ආකාරෙයෙන් අවභාවිතා කර ඔවුන් මෙවැනි වංචාවල නිරත වන බවයි මේ අනුව පෙනී යන්නේ. මෙම වංචනිකයන්ගේ උගුලට හසුවීම නිසා ණයගත් පුද්ගලයන්ගේ පවුල්වල ආර්ථිකයටද දැඩි බලපෑමක් එළවී තිබෙන බව දක්නට ලැබේ. .එම ණය සඳහා අධික පොලී ගෙවීමට සිදුවීම තුළින් එම පවුල්වල , දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු ඇතුළු පවුලේ ආර්ථිකයට දැඩි බලපෑමක් ඇතිවී ඇත. මෙම මූල්‍ය ජාවාරමට හසු වූ බොහෝ පිරිසක් මේ වන විට නීතියේ පිහිට පැතීමට කටයුතු කර තිබේ.

අසාධාරණයට ලක්වූ පිරිසක් ගොනුකළ නඩු කිහිපයක් අධිකරණයේ විභාග වෙමින් පවතින බවත් ඊට අමතරව රටේ විවිධ ප්‍රදේශයන්හි පොලිස් ස්ථාන කීපයකට මෙවැනි පැමිණිලි බොහෝ සංඛ්‍යාවක් ඉදිරිපත් ව ඇති බව දක්නට ලැබේ.
නමුත් පැමිණිලි විභාග කිරීම සඳහා මෙම ජාවාරම්කරුවන් පොලිසි වෙත කැඳවනු ලැබුවද ඔවුන් සැඟව සිටීම නිසා එම විමර්ශන කටයුතුවලට බාධා ඇති වී තිබේ.
මහජනතාවට ක්ෂණික ණය ලබා ගැනීමට මෙරට බැංකු පද්ධති තුළ පහසුකම් ඇති නමුත් විදේශීය ජාවාරම්කරුවන් විසින් අප රට තුල විවිධ නම් වලින් ලියාපදිංචි කර ඇති ආයතන මගින් සමාජ මාධ්‍ය ජාලා හරහා ගෙන යනු ලබන මෙම දැවැන්ත ප්‍රචාරණය හමුවේ දේශීය බැංකු පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වීමද දක්නට ලැබේ.
මෙවැනි නීති විරෝධී ණය ලබාදීම් වෙනත් රටවල් වල තහනම් කර තිබෙන නිසා මෙම ජාවාරම්කරුවන් මෙරට පැමිණ මෙම ජාවාරම සිදු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත.
මෙරට දුප්පතුන් සූරාකන මෙම අපරාධය වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම රජය හා මහ බැංකුව සතු වගකීමකි.
( සටහන | විනු කරුණාරත්න )




