මේ හෝටලේ නං රස්සාවක් ලැබුනත් කරන්නෙ නෑ කියල හිතාගත්තු මම එහෙම කිව්වෙ එතනින් ඉක්මනට ම යන්න බලාගෙන.
මොකද යසේ තවම මේ මොනවත් දන්නෙ නෑ. මිනිහ මෙතෙනට ආවොත් එහෙම තවත් ගිනි විජ්ජුම්බරයක්. මම එයාට කිව්වෙ මම කතා කරනකං ඇතුළට එන්න එපා කියල.
‘‘ආ... එහෙමද... තවුසෙට පිඟන් හෝදන්ඩ පුළුවන්ද...?’’
කැෂියර් එකේ හිටපු මිනිහ එහෙම ඇහුවෙ අනිවාර්යයෙන් ම මෙහේ පිඟන් හෝදන වැඩේට කවුරු හරි අඩු ඇති කියල මට දැනුණා. ඒත්...
‘‘බෑ මහත්තයො...’’
මම කෙළින් ම කැෂියර් එකේ හිටපු කෙනාට කිව්වෙ එයා ඊළඟට කියන්නෙ මොනව ද කියල හරියට ම දැනගෙන. මම හිතුව වගේ ම එයා, එයාගෙ උත්තරය දුන්නා.
‘‘ආ... එහෙම ද... එහෙනං ඉති මෙහේ වෙන වැඩ නෑ...’’
* * *
ටිකක් වෙලා බලාගෙන ඉඳල බැරිම තැන මම හෝටලයට යන්න හැරෙද්දි ම සුසන්ත මගේ ළඟ.
‘‘මක්කයි සුසා වුණේ... වැඩේ හරි ගියයි...?’’

‘‘ම්හ්...,’’ කියල කොඳුරපු සුසා මගේ අතින් අල්ලගෙන මාත් එක්ක ම ඉක්මනට ඉක්මනට ඉස්සරහට ගියේ හරියට වැරැද්දක් කරපු කෙනෙකුගෙ පස්සෙන් කවුරු හරි එළවද්දි ඒකෙන් ගැලවෙන්න හිතාගෙන යනව වගේ.
‘‘කියනෝ සුසා... මක්කයි උණේ...?’’
සුසන්තගෙ කලබලය නිසා මට එහෙම අහන්නෙ නැතුව ඉන්න බැරි වුණා. ඒත් සුසන්ත නෙවෙයි කතා කරේ; මිනිහ කෙරුවෙ මාවත් ඇදගෙන ඉස්සරහට ඇවිදගෙන යන එක විතරයි.
එහෙම පොඩ්ඩක් දුර ගිහින් ආයෙත් හෝටලයක් ඉස්සරහ නතර වුණා.
‘‘ඔයැයි මෙහෙන් ඉන්නව හරිය... මං ඩිංගක් ගිහිං බලල එන්නං...,’’ කියල කියපු සුසන්ත මම ‘හා’ හරි ‘බෑ’ හරි කියන්නත් කලින් හෝටලේ ඇතුළට ගියා.
විනාඩි පහක් ගතවුණෙත් නෑ... ඒ වතාවෙ ආවෙ කලබලයකින් නොවුනත් මූණෙ තිබුණෙ කලකිරුණු ගතියක්.
‘‘මක්කයි සුසා වෙන්නෙ... අර කඩේට ගිහිං පොකට්කාරයෙක් පොකට් එහෙකට විද්ද වගේ විජහට විජහට මාවත් ඇදං ආව. දැන් මූණ බෙරි කරගෙන...,’’ කියල මම අහද්දිත් සුසන්ත කිසිම වෙනසක් පෙන්නුවෙ නෑ.
‘‘මක්කයි සුසා වෙන්නෙ... අර කඩේට ගිහිං පොකට්කාරයෙක් පොකට් එහෙකට විද්ද වගේ විජහට විජහට මාවත් ඇදං ආව. දැන් මූණ බෙරි කරගෙන...,’’ කියල මම අහද්දිත් සුසන්ත කිසිම වෙනසක් පෙන්නුවෙ නෑ.
‘‘මේ පාරෙ තව අපිට බලන්න තියෙන්නෙ එක හොටලයක් විතරයි යසේ. අපි ඒකෙත් බලමු.’’
සුසන්ත උත්තර දුන්නෙ මම අහපු ප්‍රශ්නයට නෙවෙයි. හැබැයි ඒ උත්තරය මම අහන්න හිතාගෙන හිටපු ප්‍රශ්නයකට ලැබෙන්න නියමිත උත්තරයක්.
‘‘හරි හරි... මං අහන්නෙ මක්කයි මේ හොටල දෙකෙන් කිව්වෙ කියල නෙව... ඒකට උත්තර දීල ඉන්නවකො...’’
‘‘එව්ව පස්සෙ කතා කරමුකො. අපි රංජනා හොටෙලෙටත් ගිහින් බලමුකො. මෙහ්... ඒක නෙවෙයි... අපි ප්ලෙන්ටියක් ගහන ගමං ම අහමු ද...?
මෙච්චර වෙලා කිසිම දෙයක් සිද්ධ වුණේ නෑ වගේ සුසන්ත යෝජනා කළා. තේ බොන එක කොහොම වෙතත්: අව්වෙ ඇවිදලා, හිටගෙන ඉඳලා වගේ ම හැම පැත්තෙන් ම ඇහෙන ඝෝෂාව නිසා මටත් ටිකක් මහන්සි ගතියක් දැනුණා. ඒ නිසා කිසිම පැකිළීමක් නැතුව ම සුසන්තගෙ යෝජනාවට කැමති වුණා.
‘‘ඉතිං... දැං කියනවකො... මක්කයි ඉස්සෙල්ල ගියපු හොටල දෙකෙන් කිව්වෙ...?’’
අපි දෙන්නා හෝටලේට ගිහින්, වාඩිවෙලා ප්ලේන්ටි වෙනුවට මම කිරි තේ දෙකක් ම ඕඩර් කරා
අපි දෙන්නා හෝටලේට ගිහින්, වාඩිවෙලා ප්ලේන්ටි වෙනුවට මම කිරි තේ දෙකක් ම ඕඩර් කරා. කිරි තේ දෙක ගේන අතරෙ මට තිබණ ඉස්පපාසුවක් නැතිකම නිසා ම යි මම සුසන්තගෙන් විස්තර ඇහුවෙ.
‘‘එව්ව පස්සෙ කතා කරමුකො. අපි තේ බොන ගමන් මෙහේ වේටරයකුගෙන් අහමු මේ හොටලෙ වැඩ තියෙනව ද කියල.’’
මගේ ප්‍රශ්නයට පිළිතුරු දෙනව වෙනුවට සුසන්ත කළේ තවත් යෝජනාවක් ඉදිරිපත් කරන එක. මට ඉතිං ඕකට විරුද්ධ වෙන්නත් බෑ.
‘‘හම්ම්ම්... ඔයැයිගෙ කැමැත්තක්...’’
සුසන්ත
තේ බොන අතර මම වේටර්ගෙන් අපේ වුවමනාව ඇහුවා.
‘‘මීට කලිං කොහේද වැඩ කරේ...?’’
මගේ ප්‍රශ්නයට උත්තර දෙනව වෙනුවට වේටර් අපෙන් ප්‍රශ්න කළා. මම යසසිරිට ඇහැක් ගහල සද්ද නැතුව ඉන්න කියල වේටර්ට උත්තර දුන්නා.
‘‘මීට කලිං කොහේද වැඩ කරේ...?’’
‘‘අපි වැඩ කරේ ගාල්ලෙ...’’
‘‘ගාල්ලෙ...!’’
මම ඉතිරි ටික කියන්නත් කලින් වේටර් ටිකක් පුදුමයෙන් වගේ ඇහුවා.
‘‘ඔවු... ඇයි... ඔහේ ගාල්ලෙ ය...?’’
‘‘න්... න්... නැ නෑ... මං ගාල්ලෙ නෙවෙයි... ම්... ම්... මං ඇහුවෙ ගාල්ලෙ ඉඳල මෙහ් ආවෙ හොටල් රස්සාවක් කරන්න ම ද කියල... ම්ම්... මං මං අර මේසෙ පොඩ්ඩක් බලල එන්නං...’’
වේටර් කලබල වුණ විදිය සහ අපිව මගහරින්න කරපු උත්සාහය නිසා මට මිනිහ ගැන පොඩි සැකයක් ආවා. නමුත් මම ඒ විත්තියක් පෙන්නුවෙ නෑ. මේසෙ බලන්න කියල ගියපු වේටර් කලබලයෙන් වගේ බිල පිරිසියක තියාගෙන ඇවිත්, අපි ඉස්සරහින් තියල ‘‘අර... අතන බිල් ලියන මහත්තෙය ඉන්නව නේද... එයාගෙන් අහන්ඩ... වේටර් වැඩ නං නෑ... හැබැයි කෑම පැන්ට්‍රියට නං කෙනෙක් හොය හොයා ඉන්නෙ...,’’ කියල අපි සල්ලි තියන්නත් කලින් මනුස්සයා අනික් මේසෙ වාඩි වෙලා හිටපු දෙන්න ගාවට ගියා.
‘‘යසේ... මට සල්ලි දෙන්න... මං බිලත් ගෙවල... බිල් මහත්තෙයාගෙන් විස්තරේ අහගෙන එන්නං... එතකං ඔහේ තේක බොන්න...’’
හැම වෙලාවෙ ම මම ම ඉස්සර වෙන්නෙ යසසිරිට මේ හැම දෙයක් ම පුරුදු නැති නිසා. අනික රස්සාවක් ඉල්ල ඉල්ල යසසිරි එක එක්කෙනා ගාව පාච්චල් වෙනවටත් මම කැමති නෑ. අනික මාව විශ්වාස කරල මාත් එක්ක කොළඹ ආපු යසසිරිට කොළඹ හුර වෙනතුරු එයාව ආරක්ෂා කරගන්න එක මගේ වගකීමක්.
අපි සල්ලි තියන්නත් කලින් මනුස්සයා අනික් මේසෙ වාඩි වෙලා හිටපු දෙන්න ගාවට ගියා.
මම තේ එක බිබී කල්පනා කර කර ඉද්දි එක පාරට ම සුසන්ත මගේ ළඟට ඇවිත් ‘‘වැඩේ හරි යසේ... ඔයැයිට මෙහේ කෑම පැන්ට්‍රියෙ වැඩ කරතහැකි...,’’ කියල කිව්වෙ පුදුම සතුටකින්. ඒත් මට ඒක සතුටට කාරණයක් වුණේ නෑ. මොකද සුසන්ත කියපු විදියට රස්සාවක් ලැබිල තියෙන්නෙ මට විතරයි.
‘‘එතකොට ඔයැයි...?’’
‘‘ආ... මට ඔය මක්ක හරි හෙයාගත්තැහැකි. ඔයැයි මෙහේ වැඩට නතර වෙන්නකො.’’
සුසන්ත එහෙම කියද්දි මගේ මුළු ඇඟම පිච්චෙනව වගේ දැනුණා. ‘දෙයියනේ...! මං කොහොම ද එහෙම කරන්නෙ... අපි දෙන්න ම කොළඹ ආවෙ එකට... ඉතිං මට ඇහැකිය සුසාව තනි කරල මං විතරක් රස්සාවක් කරන්න...’ ඒ වචන මගේ කටින් පිට වුණේ නැහැ. හැබැයි මගේ හිතෙන් කියවුණ ඒ වචන ටික ඒ විදියට ම සුසන්තට දැනුණා.
‘‘මං ගැන හිතන්නෙපා... අපි දෙන්නට ම එකම තැනක රස්සාවක් හොයන්න අපහසු වෙයි. ඒ හිංද ඔහේ මේ රස්සාව බාරගන්න. බිල් මහත්තෙය කිව්වෙ මේ දැං ඉඳල වුනත් වැඩ කරතහැකි කියල. අනේ යසේ...’’
‘සුසන්තගෙ පැත්තෙන් එයා හරි... මොකද මම කොළඹ නුහුරු මිනිහා; එයා කොළඹ කරක් ගහපු මිනිහා. ඒ වුනාට සුසන්ත හැව්ලොක් එකෙන් ආවෙ මම නිසා; ඒක එයා ම හිතල ගත්තු තිරණයක්; ඒත් එයා ඒ රස්සාව නැති කරගත්තෙ මම නිසා. ඉතිං එහෙව් එකේ මම කොහොම ද...?’
සුසන්ත එහෙම කියද්දි මගේ මුළු ඇඟම පිච්චෙනව වගේ දැනුණා. ‘දෙයියනේ...! මං කොහොම ද එහෙම කරන්නෙ... අපි දෙන්න ම කොළඹ ආවෙ එකට... ඉතිං මට ඇහැකිය සුසාව තනි කරල මං විතරක් රස්සාවක් කරන්න...’
‘‘ඔච්චර හිතන්න දෙයක් නෑ... යහ්... මං ඔහේව බිල් මහත්තෙයට අඳුරල දෙන්නං. ඔහේ මෙහේ කෑම පැන්ට්‍රියෙ වැඩේ බාරගන්න...’’
එහෙම කියපු සුසන්ත මාවත් එක්කරගෙන බිල් ලියන කෙනා ගාවට මාව එක්කරගෙන ගියා.
‘‘මහත්තයො... මේ රොහාන්... රොහාන් යසසිරි... මෙයැයිට මට වගේ නෙවෙයි; හැම වැඩක් ම ඇහැකි. කෑම පැන්ට්‍රිය, තේ පැන්ට්‍රිය, වේටර් වැඩ... ඒ විතරක් නෙවෙයි මහත්තෙයො... මෙයැයිට කුස්සියෙ වැඩත් ඇහැකි...’’
සුසන්ත ඒ විදියට මාව හඳුන්නලා දෙද්දි මමත් හිනාවේගෙන බිල් ලියන කෙනා දිහා බලාගෙන හිටියා. මිනිහත් මගේ කකුල් දෙකේ ඇඟලිවලින් පටන් අරගෙන නළල දක්වා ම මිනිහගෙ ඇස් දෙක අරගෙන ගියා. ඒක හරියට ම බලාගන්න ඕනෙ නිසා මමත්, මගේ ඇස් මිනිහගේ ඇස් දෙක දිහාට ම එල්ල කරගෙන හිටියා. ඉතිං මගේ ඇස් ඒ මිනිහගේ ඇස් එක්කම එකට තමයි ගමන් කරේ. අන්තිමට මිනිහගෙ ඇස් දෙකෙන් ටිකක් වෙලා කෙළින් ම මගේ ඇස් දිහා බලාගෙන බලාගෙන හිටියා.
ඉස්සෙල්ලම කැෂියර් මහත්තය ගාවට ගිහින් අර ටියුලිප් බෑග් එකක් ඉල්ලගෙන යාළුවගෙ ඇඳුං ටික ඒකට දාල දීල උඩට ගිහිං, උඩ ඉන්නව සමරතුංග කියල කෙනෙක්. එයාට තමුංගෙ ඇඳුං ටික දීල පල්ලෙහාට එනවකො.’’
‘‘හම්ම්ම්... ඒ කියන්නෙ තමුං ඕල් රවුන්ඩර් කෙනෙක්...! නියමයි... හරි... ඉස්සෙල්ලම කැෂියර් මහත්තය ගාවට ගිහින් අර ටියුලිප් බෑග් එකක් ඉල්ලගෙන යාළුවගෙ ඇඳුං ටික ඒකට දාල දීල උඩට ගිහිං, උඩ ඉන්නව සමරතුංග කියල කෙනෙක්. එයාට තමුංගෙ ඇඳුං ටික දීල පල්ලෙහාට එනවකො.’’
ඒ කියන්නෙ මිනිහ මාව රස්සාවට අරගෙනත් ඉවරයි. සුසන්තව ගන්නෙ නැහැ කියල තීරණය කරලත් ඉවරයි. ඒත් මට එහෙම කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණෙ නෑ. මම හොඳට හිතට ධෛර්ය ගත්තා.
‘‘මහත්තයො මේ... සුසන්තට මෙහේ මුකුත් රස්සාවක් නැතෙයි...,?’’
‘‘සුසන්තට රස්සාවක්...! ඔවු... එයාටත් රස්සාවක් දෙන්ඩ තිබ්බ... එයත් තමුං වගේ වැඩ දැනගෙන හිටිය නං. කොහෙද ඒ හාදය කිසිම දෙයක් දන්නැහැනෙ. ඒ නිසා තමුන් වැඩට එනව. එයා රස්සාවක් හොයාගනිවි.
දැන් තීරණය තියෙන්නෙ මගේ අතේ...
සතියකින් හමුවෙමු...
(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2025/01/04
ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්
ගෙන්දගම් පොළොව 06 : එව්ව ඉතිං හීන විතරයි යසේ - (ජයසිරිගේ අලුත්ම නවකතාව)
ගෙන්දගම් පොළොව 05 : සුසන්ත නම් දවසක් කිව්වෙ ‘'එව්ව ප්‍රයිවෙට් බස්' කියල - (ජයසිරිගේ අලුත්ම නවකතාව)
ගෙන්දගම් පොළොව 04 : මෙහෙ දෙන්නෙ පත බත් එකක් - (ජයසිරිගේ අලුත්ම නවකතාව)
ගෙන්දගම් පොළොව 03 : ''ඒ තමයි මෙව්වයි වේටර්ලගෙ හැටි...'' - (ජයසිරිගේ අලුත්ම නවකතාව)
ගෙන්දගම් පොළොව 02 : 'ඌ ගිහින් තියෙන්නෙ යට තට්ටුවත් උස්සගෙන'
ගෙන්දගම් පොළොව 01 : 'අපිට ඇඩ්‍රස් නෑ අක්කෙ'
ගෙන්දගම් පොළොව - (ජයසිරිගේ අලුත් වැඩක් )





