ඇය, තව තවත් මා ඇගේ සිරුරට තෙරපා ගන්නා අතර ම ඇගේ මුව මගේ දකුණු සවනට ළං කළා ය. ඇගේ ලවන් පෙති මගේ සවනත ස්පර්ශ වන තරමට

ම ආසන්න කර ‘‘උඹ... උඹ... එදා කිව්වෙ... ‘අනේ සර්... එහෙම කරන්නෙපා... එතකොට මට මොකද වෙන්නෙ සර්’ කියල,’’ යැයි තෙපළුවා ය.

එසැණින් ම යළි ‘‘එහෙම කියපු ගමන් උඹ ෆේන්ට් උණා... ඊට පස්සෙ... ඊට පස්සෙ... උඹ වගේ ම මමත් දන්න නොදන්න හුඟක් දේවල් සිද්දවෙලා අහිංසනා... ඔවු... තව හුඟක් දේවල් සිද්ද වෙලා...’’

එතැන් සිට සිදුව ඇති සියල්ල ම කෙසේ වුව ද දුලීකා දන්නා තොරතුරු ඇය මා ඉදිරියේ දිගහැරියා ය.

***

 sri lankan schoolgirls nr. 3

‘‘අනේ සර්... මේ අහිංසනා...’’

අහිංසනා අසල ම සිටි තාරුකා, සිය යෙහෙළිය සිහිසුන්වන බව වටහාගත් සැණින් ඇයව වත්තන් කරගන්නා අතර ම සිය හැඟීම් වදන්වලට හරවා වාතලයට මුදා හැරියා ය; ඒ වදන් කෙතරම් වේගවත් ද, කෙතරම් හඬකින් අවට සිසාරා පැතිරුණා ද යන්න ඇයට නිනව්වක් නොවුණ ද එම වදන්වල ප්‍රබලත්ව සමස්ත ශාලාව පුරාම පැතිර ගියේ ය. එසැණින් අවට පංතිවල සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද ශබ්දය ගලා ආ පංතිය දෙසට අවධානය යොමු කළහ.

අයෝද්‍ය සර් කඩිනමින් ම අහිංසනා අසලට ගොස් ‘‘කෝ... ඔය දූල හතරපස් දෙනෙක් එක්ක මෙයාව ඩාන්සිං රූම් එකට අරගෙන යන්න. තව දෙන්නෙක් ගිහින් කාංචනා මිස්ට එන්න කියන්න. යැයි පවසනවාත් සමග ම අසල පංතියක සිටි කාංචනා මිස් ද එතැනට ළඟා වූවා ය. ඇය ඍජුවම පැමිණියේ අයෝද්‍ය සර් අසලට ය.

‘‘ඇයි... මොකද්ද සර් උණේ...?’’

‘‘න්... න්... නෑ මිස් මේ... අහිංසනා එකපාට්ට ම ෆේන්ට් උණා.’’

අයෝද්‍ය සර් මුදාහළ වදන් එපමණක් වුව ද ඔහුගේ සිත තුළ වදන් දහසක් කැලතෙමින් තිබිණ. එහෙත් ඒ එකදු වදනක් හෝ මුදාහළ නොහැකි ය. නමුදු මෙතැන් සිට සිදු වන්නේ කුමක් ද යන්න පිළිබඳ වටහාගන්නට ඔහුට අපහසු නොවිණ.

‘‘ෆේන්ට් උණා...!’’

කාංචනා මිස් ද අයෝද්‍ය සර් පැවසු වදන් යළි පුනරුච්චාරණය කළා ය.

‘‘ඔවු මිස්... ඒ දරුව මේ... පාඩමට ඇහුංකන් නොදී වෙන කල්පනාවක ඉන්නව වගේ දැනුණ නිසා මං ටිකක් තදිං කතා කරා. එතකොට ම... මේ... එක පාට්ට ම ෆේන්ට් උණා.’’

කාංචනා මිස් නැවත ආපසු හැරී බලන විට ශිෂ්‍යාවෝ කිහිප දෙනෙකු එක්ව අහිංසනා පංතිකාමරයෙන් පිටතට රැගෙන යමින් සිටියහ.

‘‘හරි සර්... දැං සර් කලබල වෙන්න එපා. සර් ඔහොම්ම ඉන්න. මං ගිහිං බලන්නං,’’ යැයි පැවසූ ඇය ද පංතිකාමරයෙන් පිටවුවා ය.

 

asa

 

සිදුවූ සියල්ල පංතියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇසු දුටු බැවින් තව දුරටත් නිදහසට කරුණු දැක්වීමෙන් හෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් කරුණු විමසීමෙන් පලක් නොවන බව වටහාගත් අයෝද්‍ය ‘‘එහෙනං ළමයි... අදට පාඩම ඉවර කරමු,’’ යැයි පැවසූ සැණින් එතෙක් නොසන්සුන් බවෙන් පිරී තිබූ පංතිකාමරය මතු නොව සමස්ත ශාලාව ම යළි සන්සුන්කාරී තත්ත්වයට පත්විය. ශාලාවේ සිටි සියලු ගුරුවර ගුරුවරියෝ සහ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ යළි ඉගැන්වීම් සහ ඉගෙනීමේ නිරත වූහ.

 

සිදුවූ දෙය පිළිබඳව ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තමාගෙන් යම් යම් දෑ විමසයිදෝ යන සැකයෙන් පසු වූ අයෝද්‍ය පංතියෙන් බැහැර වීමට ප්‍රථම එම සැකය දුරු කරගනු වස් ‘‘මේ... ඔයාල දන්න කරමින් අහිංසනාට විශේෂ අසනීපයක් එහෙම තිබුණෙ නෑ නේද...?’’ යැයි විමසුවේ ශිෂ්‍යාවෝ සිටි දෙසට අවධානය යොමු කරමිනි.

‘‘මෙච්චර කාලයක් නං එහෙම දෙයක් දැනගෙන හිටියෙ නෑ සර්... නෑ සර්... අපි දන්න තරමින් නං එහෙම නෑ සර්... නෑ සර්... මීට කලිං නං එහෙම වෙලා නෑ සර්...’’

යනාදි වශයෙන් එක් එක් අය එක් එක් අදහස් පැවසුහ. නමුදු ඒ සියල්ලෙහි අන්තර්ගතව තිබුණේ මීට පෙර එවැන්නක් සිදුවී නොමැති බවයි.

‘‘හරි... එහෙනං ඔය ළමයි ඊළඟ පීරියඩ් එකට සූදානං වෙන්න. අපි හෙට හම්බවෙමු,’’ යැයි පැවසු සැණින් සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ නැගිට අයෝද්‍ය සර් හට ආචාර කළහ. අයෝද්‍ය සර් ද සුපුරුදු ස්මිතය පා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආචාර කළ ද ඔහුගේ මනස තුළ විකාර රූපී සිතුවම් පෙළක් ඇඳමින් තිබිණ.

*****

‘‘හරි... එතකොට ඔයාල හැමෝ ම කියන්නෙ... අයෝද්‍ය සර් ‘මොකද්ද අහිංසනා මේ වැඩේ තේරුම... මං මගේ උගුර ලේ රහ වෙනකං තමුසෙලට උගන්නනව. තමුසෙල ඔහේ බකංනිලාගෙන ඉඳල ගෙදර යනව... එහෙම කරන්න නං මොන කෙහෙල්මලට ද තමුසෙල ඉස්කෝලෙ එන්නෙ...?’ කියල ඇහුව ම අහිංසනා ‘අනේ සර්... එහෙම කරන්නෙපා... එතකොට මට මොකද වෙන්නෙ සර්’ කියල ඇහුව... එහෙම අහනවත් එක්ක ම ෆේන්ට් උණා... එහෙම ද...’’

ඊළඟ පරිච්ඡේදයේ උගන්වන්නට සිටි ගුරුවරිය වෙනුවට පංතියට පැමිණි විදුහල්පතිවරිය සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අදහස් විමසීමෙන් ඉක්බිති, එය තහවුරු කරගනු වස් යළි අවධානයෙන් විමසුවා ය.

‘‘ඔවු මැඩම්... එහෙම තමයි උණේ...’’

සියලු ම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එක හඬින් පිළිවදන් දුන්හ.

‘‘හරි... දැන් මේ සිද්ද වෙච්ච කිසිම දෙයක් කිසිම කෙනෙක් එක්ක කතා කරන්න බෑ. අඩුම ගානෙ අහිංසනා ආයෙත් ස්කෝලෙ ආවට පස්සෙ එයත් එක්කවත් කතා කරන්න බෑ... එයාගෙන් මේ ගැන කිසිම දෙයක් අහන්නත් බෑ... තේරුණා ද...?’’

විදුහල්පතිතුමිය දැඩි අවධානයෙන් විමසා සිටියා ය.

‘‘ඔවු මැඩම්... තේරුණා...’’

***

judgement david lane

වසා දමා තිබෙන විදුහල්පති කාමරය තුළ අෂ්ට කන් මන්ත්‍රණයකි. මන්ත්‍රණයට සහභාගි වන්නේ: විදුහල්පතිතුමිය, විනය භාර ගුරුතුමිය වන රංජනී මිස්, අහිංසනා ඉගෙන ගන්නා පංතියේ පංති භාර ගුරුතුමිය වන කාංචනා මිස් සහ අපොස උසස් පෙළ සිංහල විෂය භාර අයෝද්‍ය නමැති ගුරුවරයා ය.



‘‘මිස්ට අයෝද්‍ය... දැන් නිදහසට කාරණා කිව්වට වැඩක් නෑ. මේ වෙද්දි සිද්දිය අනාවරණය වෙලා ඉවරයි. හැබැයි සැකයේ වාසියක් ගන්න මිස්ට අයෝද්‍යට පුළුවං... එහෙම නේ ද රංජනී මිස්...?’’

විදුහල්පති තුමිය අවසන් වදන් කිහිපය මුදා හලේ විනය භාර ගුරුතුමිය දෙසට අවධානය යොමු කරමිනි.

අයෝද්‍ය සර් පසුවන්නේ දැඩි ව්‍යාකූල තත්ත්වයකිනි. ඔහු, මන්ත්‍රණය ආරම්භයේ දි ම ‘‘මගේ නම් එහෙම සම්බන්ධයක් හරි එහෙම බලාපොරොත්තුවක් හරි නෑ මැඩම්,’’ යැයි පැවසුවා මිස ඒ හැර මේ වනතුරු කිසිදු වදනක් මුදා හළේ නැත. අනෙක් තිදෙනා විටින් විට දක්වන අදහස් දෙස අවධානය යොමු කර සිටියා පමණි.

විදුහල්පතිවරිය සිය අදහස ප්‍රකාශකර වින යභාර ගුරුතුමිය වෙත අවධානය යොමු කළ පසු ඇය ද ‘‘ඔවු මිස්ට අයෝද්‍ය... සමහර විට ඔයාගෙයි අහිංසනාගෙයි අතර අපි හිතන විදියෙ සම්බන්ධයක් නොතිබෙන්න පුළුවං. අඩුම ගානෙ මිස්ට අයෝද්‍යෙග හිතේ උනත් එහෙම දෙයක් නොතිබෙන්න පුළුවං. නමුත් සිද්ද වෙච්ච දේවල් එක්ක අපිට එන්න පුළුවන් අවම නිගමනයක් තියෙනව. එහෙම නේද මැඩම්,’’ යැයි පැවසු විනය භාර ගුරුතුමිය විදුහල්පතිවරියගෙන් විමසුවා ය.

‘‘ඔවු... මිස්ටර් අයෝද්‍ය නිවැරැදි වෙන්න පුළුවං. හැබැයි අපිට පැහැදිලියි මිස්ට අයෝද්‍ය කොහොම වෙතත් අහිංසනාගෙ හිතේ එහෙම අදහසක් තියෙන බව. සමහර විට මිස්ට අයෝද්‍ය අහිංසනාට තදින් අවවාද කරන්න ඇත්තෙත් අහිංසනාගෙ හිතේ එහෙම දෙයක් තියෙනව කියල දැනගෙන වෙන්න පුළුවං. මොකද ලැබුණ ආරංචිවල හැටියට මිස්ට අයෝද්‍ය අහිංසනා දඬුවමට ලක් කරනව වැඩියි. ඒ, අහිංසනාගෙ අදහස වෙනස් කරන්න වෙන්න පුළුවං. ඒත් දැන් මේ ප්‍රශ්නෙ හුඟක් දුරදිග ගිහිං... ඒනිසා අපිට සිද්ද වෙනව අවම මට්ටමේ හරි විනය ක්‍රියාමාර්ගයකට එළඹෙන්න. මොකද මෙතන තව ගැටලුවකුත් තියෙනව. එහෙම නේ ද කාංචනා මිස්...?’’ යැයි විමසන අතර විදුහල්පතිවරිය පංති භාර ගුරුතුමිය වෙත අවධානය යොමු කළා ය.

‘‘ඔවු... මිස්ට අයෝද්‍ය දන්නව ඇති නෙ... අහිංසනාගෙ අම්මත් මේ ආසන්නයෙ ම තියෙන ස්කෝලෙක විදුහල්පතිවරියක් බව. ඒ නිසා අපිට එයාගෙ ආත්ම ගෞරවය ගැනත් හිතන්න වෙනව. අනෙක අපි දන්නව මිස්ට අයෝද්‍ය තමන්ගෙ විෂය නිසියාකාරව නෙවෙයි ඊටත් වඩා ගැඹුරින් දරුවන්ට අවබෝධ කරල දෙනව කියල.’’

පංති භාර ගුරුතුමියට සිය අදහස ඉදිරිපත් කර අවසන් කරන්නට නොහැකි විය. ඒ ඇගේ ප්‍රකාශය අතර මැදට අයෝද්‍ය පැමිණි බැවිනි.

‘‘හරි මිස්... මට මේ හැම දෙයක් ම තේරෙනව...’’ යැයි පැවසු හෙතෙම ඍජුව ම විදුහල්පතිවරිය වෙත අවධානය යොමු කළේ ය.

‘‘මැඩම්... මම වරදක් කරල තියෙනව කියල හිතෙනව නං මැඩම්ල කැමති ක්‍රියා මාර්ගයක් ගන්න. ඒ ගැන මගේ කිසිම විරුද්ධත්වයක් නෑ.’’

worried by art by yo d8v6ork fullview

‘‘ඔවු මිස්ට අයෝද්‍ය... කොහොමටත් අපිට අවම විනය ක්‍රියාමාර්ගයකට හරි යන්න වෙනව. ඒ කාරණා දෙකක් නිසා. එකක් මිස්ට අයෝද්‍ය මේ වෙද්දි උසස් පෙළ දරුවන්ට සිංහල සාහිත්‍ය විෂය ඉතාම හොදින් උගන්වමින් ඉන්න එක. අනෙක අහිංසනාගෙ අම්මගෙ සමාජ තත්ත්වය. හැබැයි එහෙමයි කියල අපි මොනවත් ම නොකර හිටියොත් ඒක ස්කෝලෙට හොඳ නෑ. අනිත් ළමයි උනත් වැරැදි අවබෝධයක් ගන්න පුළුවං. ළමයි නං මට පොරොන්දු උණා මේ වෙච්ච කිසිම දෙයක් කිසිම කෙනෙක් එක්ක කතා-බහ කරන්නෙ නෑ කියල. ඒ උනාට මට ඒ ගැන සියයට සියක් විශ්වාස නෑ. ඒ නිසා අපි මිස්ට අයෝද්‍යව මෙතෙන්ට කැඳෙව්වෙ යම් තීරණයක් අරගෙන. ඒ තීරණයෙන් ගුරුවරයෙක් විදියට මිස්ට අයෝද්‍යටත්, ඒ වගේ ම ශිෂ්‍යාවක් විදියට අහිංසනාටත් බරපතළ හානියක් වෙන්නෙ නෑ. එහෙම නේද රංජනී මිස්...?’’  යැයි විනය භාර ගුරුතුමියගෙන් විමසුවා ය.

‘‘ඔවු මැඩම්... මැඩම්... අපි මේ සම්බන්ධයෙන් ලෙටර් එකක් ගහනව ද...?’’

විනය භාර ගුරුතුමිය විදුහල්පතිවරියගෙන් විමසුවා ය.

‘‘නැ නෑ... අපි මේකට ලෙටර් එකක් ගහන්න ඕනෙ නෑ. අපේ තීරණය වාචිකව මිස්ට අයෝද්‍යට දැනුම් දෙමු. මොකද ලෙටර් එකක් ගහන්න නං... මිස්ට අයෝද්‍යයි අහිංසනයි අතරෙ එහෙම සම්බන්ධයක් තියෙනව කියල ඔප්පු කරන්න එපායැ. එහෙම ඔප්පු කරන්න නං අපි ඒ ගැන සාක්ෂි හොයන්න එපායැ. ඒ උනාට මේ පවතින තත්ත්වයත් එක්ක එහෙම දෙයක් කරන්න බැහැ නෙ. අපි දැනට මිසිටර් අයෝද්‍යගෙ වචන විස්වාස කරනව. ඒ නිසා මිස්ට අයෝද්‍යත් මේ ගැන හිතල, විශේෂයෙන් ම තමන්ගෙන් ඉගෙන ගන්න දරුවො ගැන හිතල මේ අවම දඬුවම බාරගනිවි කියල මං බලාපොරොත්තු වෙනව.’’

විදුහල්පතිවරියගේ වදන් ඍජු ය; අවංක ය. ඒ ඍජු, අවංක වදන් ඉදිරියේ ඇය සහ අනෙක් තිදෙනා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කරුණු විමසීමට හෝ ඊට එරෙහි ක්‍රියා මාර්ගයක් ගැනීමට තරම් ආත්ම ශක්තියක් අයෝද්‍ය සතුව නොපැවතිණ. ඒ, ඔහු ඔහුගේ හාද සාක්ෂියට අවංක වන බැවිනි.

‘‘ක... ක... කමක් නෑ මැඩම්... මැඩම් කැමති තීරණයක් ගන්න. ඒ ගැන මගේ හිතේ අමනාපයක් නෑ...’’

අයෝද්‍ය පැවසුවේ කිසියම් වරදක් කළ කුඩා දරුවකු සිය මව හෝ පියා ඉදිරියේ වරදට දඬුවම් ඉල්ලා සිටින ආකාරයෙනි.

*****

‘‘අනේ දුලී... ඉතිං...! ඊට පස්සෙ මොකද වෙලා තියෙන්නෙ...?’’

මෙතෙක් දුලීකා පැවසු සියල්ල නිහඬව අසා සිටි මා සිහිනයෙන් බියවූ තැනැත්තියක සේ ඇගේ දෙඋරෙන් අල්ලා සෙලවූවා ය.

ඉවර නෑ....


අරගලය: දින පනහකින් ඉක්බිති...-(ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්


වජ්ජා‘වජ්ජ 25 : මං බඳිද්දි මට අවුරුදු විසි එකයි -(ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 24 - අපි ජීවත් වෙන්නෙ ආසියාතික කලාපෙ නොදියුණු ම රටක - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 23 - ගඩොල් තාප්ප කැඩුවට මිනිස් තාප්පෙකින් අපි හැමෝ ම වට කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 22 : 'දැං වැඩේ හොඳට ම පත්තු වෙලා ඉවරයි'

වජ්ජා’වජ්ජ 21 - ඔයා දන්නව ද ඒ කවුද කියල...? - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 20 - 'ඇගේ සැබෑ නම මාලිනී ය' - ( ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 19 : මං මොකටද ඔයාට බොරු කියන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 18 : මේක හරියට අයිස් බර්ග් එකක් වගේ -(ජයසිරිගේ නවකතාවක්)


වජ්ජා’වජ්ජ 16 : මං මේ වයසට ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ වයස පහු කරල - (ජයසිරිගේ නවකතාවක්)

වජ්ජා’වජ්ජ 15 : ‘‘ෂ්ෂ්ෂ්... මෙතන තව අය පොත් කියවනව...’’ - (ජයසිරිගේ නවකතාවක් )

වජ්ජා’වජ්ජ 14 : හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ...(ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්