මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත් කිරීම තවත් සති කිහිපයක් ප්‍රමාද කිරීමට කටයුතු කළ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.


ජනාධිපතිවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු එම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළම විවිධ මතගැටුම් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා සඳහන් කළේය.

එසේම එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේවනවිට ජනාධිපති වික්‍රමසිංහ වෙත දැඩි බලපෑමක් එල්ලවී ඇත.


IMF  ගැන දින තුනක විවාදයක්


අලුත් අවුරුද්දෙන් පසුව පළමුවරට පාර්ලිමේන්තුව අද (25) පෙරවරු 09.30ට රැස්වීමට නියමිතය.

අපරාධ නඩු විධාන සංග්‍රහය පනත යටතේ 2023 ජනවාරි මස 30 දිනැති අංක 2217/28 ගැසට් පත්‍රයේ පළකළ නියමය අද විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට (26) සිට ආරම්භ වේ.

ඒ අනුව හෙට සිට ලබන 28 වන දින දක්වා දින තුනක් තුළ විවාදය පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේය.

IMF විවාදයට දිගටම සහභාගි වන්නැයි ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත.

විවාදයෙන් අනතුරුව පනත සම්බන්ධයෙන් ඡන්ද විමසීමක්ද පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

 

සබැඳි පුවත් හා ලිපි :

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතට මැදිහත්වන්න - ඇම්නෙස්ටිය අමෙරිකානු ජනපති ගෙන් ඉල්ලයි

ත්‍රස්තවිරෝධී පනත අසාර්ථක ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට වඩා හොඳ ද? - (මහාචාර්ය රොහාන් සමරජීව)

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට - අධිකරණ ඇමති

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගැන 'සාධාරණ සමාජයේ' ස්ථාවරය මෙන්න

'කුමන්ත්‍රණවලට ඉඩ දිය නොහැකියි' - රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

'ප්‍රතිත්‍රස්ත පනතේ ඇතැම් කරුණුවලට එකඟ විය නොහැකියි' - ඇමති අලි සබ්‍රි

ලංකාව ප්‍රතිත්‍රස්ත පනත ප්‍රතික්ෂේප කළ යුතුයි ! - 'හියුමන් රයිට්ස් වොච්'

ප්‍රතිත්‍රස්ත පනත: අධිකරණ ඇමති ගෙන් සිවිල් සංවිධාන නියෝජිතයින්ට සහතිකයක්

වැළැක්විය යුත්තේ කාගේ ත්‍රස්තවාදයද? - (ගාමිණී වියන්ගොඩ)

'ත්‍රස්ත විරෝධී' නව පනත් කෙටුම්පත කල් දමයි

නව ප්‍රතිත්‍රස්ත පනත ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් ද?

'ත්‍රස්ත විරෝධී' පනත් කෙටුම්පත: නීතීඥ සංගමයෙන් කමිටුවක්

'ලියන කියන දෙයක් ජුනි මාසයට කලින් අවසන් කරනවා නම් හොඳයි' - (කුසල් පෙරේරා)

හෙට ප්‍රමාද වැඩියි. අද ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හෙට ත්‍රස්තවාදී ක්‍රියාවකි - (රංජිත් හේනායකආරච්චි)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්