මුලතිව් මහෙස්ත්‍රාත් ටි.සරවණරාජා වෙත එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, මහෙස්ත්‍රාත්වරුන්ගේ ආරක්ෂාව සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවරගන්නා ලෙසත්

ඉල්ලමින් උතුරු පළාතේ නීතිඥයන් අද නඩු කටයුතුවලින් ඉවත්ව වර්ජනයක නිරතවිය.

යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කයන් හි නීතිඥයවරු එලෙස නඩු කටයුතුවලින් ඉවත්ව වැඩ වර්ජනයක නිරත වූහ.

නීතිඥයවරුන් නඩු කටයුතුවලින් ඉවත්වීම නිසා උතුරු පළාතේ අධිකරණයන් හි දෛනික කටයුතු අඩාලවීම හේතුවෙන් පැමිණි පිරිස් දැඩි අපහසුතාවට පත්ව සිටි අතර නීතිඥයන් නොමැතිවීම හේතුවෙන් අධිකරණයන් හි නඩු විභාග කල්දැමීම පමණක් එහිදී සිදුවිය.

මුලතිව් දිස්ත්‍රික් නීතීඥයවරුන් ටි.සරවණරාජා මහෙස්ත්‍රාත්වරයාට එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකොට අදාල පුද්ගලයන්හට නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා වැඩ වර්ජනයේ නිරතවන අතර විසඳුමක් ලැබෙනතුරු තමන් අඛණ්ඩව අධිකරණ කටයුතු වර්ජනයේ නිරතවන බවත් මුලතිව් නීතීඥයවරුන්ගේ සංගමය පවසයි.

mari2ජීවිත තර්ජන ඇතැයි පවසමින් මුලතිව් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ටී. සරවණරාජා සිය ධුරයන් ගෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු 2023 සැප්තැම්බර් 23 දාතමින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇති අතර තමන් දරණ ලද සියලුම තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව එහි සඳහන් කර තිබේ.

තමන්ගේ ජීවිතයට ඇති තර්ජන සහ අධික මානසික පීඩනය හේතුවෙන් මෙම තීරණය ගත් බව අදාළ ලිපියේ සඳහන්ය.

සරවණරාජා විනිසුරුවරයා ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නව විනිසුරුවරයෙකු පත් කරනු ලැබීමට නියමිතය.

'මේ ගැන සොයා බලනවා'

මුලතිව් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ටී. සරවණරාජා ඉල්ලා අස්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපිය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගෙන් කරුණු විමසු අවස්ථාවේදී අමාත්‍යවරයා බීබීසි සිංහල සේවයට පැවසුවේ තමන් ඒ ගැන සොයා බැලූ බවයි.

" මට දැන ගන්න ලැබුණා මේ ගැන. ඒ පිළිබඳව මා සොයා බැලීමක් කළා" යැයි අමාත්‍යවරයා පැවසුවේය.

මෙම විනිසුරුවරයා අභියාචනාධිකරණය හමුවේ විභාගවන නඩු පහකට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිට ඇතැයි අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ සඳහා උපදෙස් ගැනීම සඳහා විනිසුරුවරයා සිය කැමැත්තෙන්ම නීතිපතිවරයා හමුවීමට ගොස් ඇත්තේ අදාළ නඩුවල වගඋත්තරකරුවෙකු නිසා බවද ඔහු පැවසීය.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසුවේ, විනිසුරුවරයාට ජීවිත තර්ජනයක් තිබුණේ නම් විනිසුරුවරයෙකු ලෙස ඒ සඳහා වරෙන්තුවක් නිකුත් කිරීමේ හැකියාව හා බලය ඔහුට තිබූ බවය.

මෙම විනිසුරුවරයා සතියකට පමණ පෙර කොළඹට පැමිණ සිය මෝටර් රථයද විකුණා ඇති අතර ඔහු බටහිර රටවල තානාපතිවරුන් දෙදෙනෙකුද හමුවී මෙලෙස ධුරයෙන් ඉවත්ව ඇති බවට තොරුතුරු සොයා බැලීමේදී අනාවරණය වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සබැඳි පුවත් :

මුලතිව් දිස්ත්‍රික් විනිසුරුවරයා රට හැරයාම : ඇමති ටිරාන් ගෙන් CID යට නියෝගයක්

මුලතිව් විනිසුරුගේ ඉල්ලා අස්වීම විදෙස් මාධ්‍ය අවධානයට

මුලතිව් මහේස්ත්‍රාත් ඉල්ලා අස්වීම ගැන ජනපති අණින් පරීක්ෂණ

දිසා විනිසුරු සරවනරාජාගේ අවාසනාවන්ත පෞද්ගලික තීන්දුව නීතිය හා යුක්තිය පිළිබඳ ප්‍රශ්නයට ලඝු නොකළ යුතුයි -(කුසල් පෙරේරා)

මරණ තර්ජන හමුවේ කුරුන්තුර්මලේ නඩු ඇසු විනිසුරු සේවය හැරයයිමරණ තර්ජන හමුවේ කුරුන්තුර්මලේ නඩු ඇසු විනිසුරු සේවය හැරයයි

විනිසුරුගේ දෙමළ කම හෙලා දුටු සරත් වීරසේකරට උතුරේ විරෝධය

මුලතිව් විනිසුරුට අපහාස කළ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීට එරෙහිව විරෝධතා

කුරුන්තුර්මලේ අලුත් ඉදිකිරීම් ගැන පුරාවිද්‍යා ලොක්කාට උසාවියෙන් ප්‍රශ්න

කුරුන්තුර්මලේ පුද පුජා සඳහා හින්දුන්ට කොන්දේසි පැනවේ !

කුරුන්තුර්මලේ පුරාවිදු බිමේ හින්දු වතාවත්වලට තහනමක් නෑ

ආගමික ඇදහිල්ලට බාධා කළ පොලිසියට විරුද්ධව ‘පියවර ගන්නවා’ - ජනපති

සිව දේවාලයක පුද පූජාවලට එරෙහි පොලිස් ප්‍රචණ්ඩත්වය ගැන පැමිණිලි

‘මේක බෞද්ධ රටක්’ බව උසාවියට කියා දීමට ගිය රියර් අද්මිරාල්ට නීතිඥ විරෝධය

විනිසුරුගේ දෙමළ කම හෙලා දුටු සරත් වීරසේකරට උතුරේ විරෝධය

කොළඹ ඉන්න මන්ත්‍රීවරු වන්නි යන්නේ 'ජාතිවාදය අවුස්සන්නයි'


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්