leader s

රම්බෝ ඝාතන තැතෙහි වරද මත සිරගත කෙරුණු පොල් වෙර්ලෙන් දින 555ක බරපතළ වැඩ සහිත දඬුවම් විඳ යළි කාව්‍යමය සමාජයට කලඑළි බැසීමෙන් ඉක්බිති ක්‍රමයෙන් කවියන් අතර කුමාරයා බවට පත්වූයේය.


එවන් කිරුළක් අත්පත් වන්නට හේතු පදනම කුමක් ද?  ඔහු සිර මැදිරිය තුළ අඛන්ඩව රැකගත් තියුණු කරගත් කවීත්වය මය.

WhatsApp Image 2026 03 29 at 11.07.50 AMPortrait of Paul Verlaine - Gustave Courbet කොහොමටත් ඔහු ශතවර්ෂාවසානය සනිටුහන් කල කළ ෆ්‍රන්සක්කාර මහා කවීන් ගේ බලකණුකි. ඔහු තිරසරවම, කාව්‍යය නූතනවාදයට පාර සකස් කෙරුණු රම්‍යකර සංකේතවාදයේ පෙළහරකරුවකි. මත්ලෝලීභාවයේ ගිරි මුදුනේ කොඩිය ගැසූ වෙර්ලෙන්  'ඇබ්සන්ත්" නම් වූ මන්මත් කරවන  සදාහරිත ඇල්කොහොලික ශාඛසාර දියරය තුළ කිමිදුණු සාහිත්‍ය කලාකරුවන්ගේ ප්‍රමුඛයෙකු වූයේ ය. එවන් උන්මාදකර නිදහස් නිවහල් බාහිර ලොවක සිට, දඬුවම් විනයකට යටත්ව දිවිගෙවන්නට සිදුවීම, හිස මුළුමනින්ම අවුල් කර ගැනීමට පහසු මඟකි. ඒත් මේ මහා කවියා කාව්‍යමය හික්මීම අත්පත් කරගත්තේ දෙවියන්ගෙන් ලද කැඳවීමක් මෙනි. තමන් සතුව තිබී කාව්‍ය හැඳුනුම්පත කිකලකවත් කවර කොන්දේසියක් යටතේවත්, අස්ථානගත කළ නොහැකි බව ඔහු භාවිතයෙන් ඔප්පු කළේය.

සිරගත සමය වෙර්ලෙන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වනවා මෙන්ම මනුෂ්‍ය භාවයේ මූලික සදාචාරයන් වෙත ඔහු නැවත කැඳවීමක් ද විය. ඔහුගේ විශිෂ්ටතම කවි ලෙස සැලකෙන කවි රැසක් මෙකී දින 555 ඇතුළත, සිරකුටි අංකය වූ 252 තුළ කුරුටු ගා, සටහන් කළ, දීප්තිමත්ම නිර්මාණයන් වේ. ඊට හේතුව ලෙස සැලකෙන්නේ තමන්ගේ ජීවිතය පිළිබඳ අවලෝකනය කර ගැන්මට අවස්ථාව උදා වීම යි.

 

Paul Verlaine

තමන්ට මෙවන් සිරගත ජීවිතයක් අත්පත් වූයේ ඇයි, යන සිතුවිල්ල හරහා ඔහු තමන්ගේ තුරුණු ජීවිතය විශ්ලේෂණය කරලන්නට විය. 28 හැවිරිදි පොල් වෙර්ලෙන් කිසියම් අධ්‍යාත්මික ඉස්පාසුවක් අත්පත් කරගනු පිණිස තම හදවතට කතෝලිකකරණය වීමට ඉඩ ලබා දුන්නේ ය. වෙඩි වදින්නෙකු මත ඇතිවන තුවාල මෙන් නොව වෙඩි තබන්නෙකුගේ අභ්‍යන්තරයේ ඇතිවන තුවාල සනීප කරලීම තරමක අමාරු කාරියකි. ඔහු ජේසුස් හා ප්‍රේමයෙන් වෙලීම නිසා කෙමෙන් සුවපත් මිනිසකු බවට පත් විය.ඉදින් කෙසේ හෝ මේ මහා කවියා තමන්ට අත්පත් වූ ඉරණම සමග පොරබදා ඉන් එළියට ආවේ කුමාරයෙකු බවට පත්වෙමින්ය. ඔහු නැවත බිරිඳගේ විශ්වාසයත්, නෑ හිතවතුන්ගේ විශ්වාසයක්, කාව්‍ය සංස්කෘතික සමාජයේ විශ්වාසයක් කෙමෙන් තමා කෙරෙහි නතු කර ගත්තේය.

බරපතල වැඩ සහිත දඬුවම කෙමෙන් ලිහිල් වන්නට වූ අතර ලිවීම පිණිසත්, කිරීම සඳහා පොත් ලබා ගැන්ම පිණිසත් වෙර්ලෙන් ට අවකාශ ලැබිණ.

vintage portrait photograph of paul verlaine sitting
යහපත් කල්කිරියාව මත සමස්ත කාලයට පෙර දඬුවම හමාර කෙරුණෙන් එලියට ආ කවියා තමන්ගේ සිපිරි ගෙදර සියලු රචනා සම්පත්තිය එක්තැන්කොට "සෙලුලෙයර්මෝ" නමින් පළ කිරීමට සිතුවද පසුව සියලු කවි කෘති තුනක් ලෙස වෙන් වෙන්ව පළ කෙරුණි. "සජෙස්" හෙවත් "ප්‍රඥාව" නම් කෘතියේ එන ම' විසින් "පියස ඉහළින් පෙනෙන, ඒ අහස"මැයෙන්  අනුවර්තනය කෙරුණු පහත කව, සිපිරි කවි  සියල්ල අතරින් ප්‍රංශය පුරා මෙන්ම සමස්ත කාව්‍ය ලෝකය පුරාම සුප්‍රකට සුපිරි කවියකි.

"පියස ඉහළින් පෙනෙන ඒ අහස
නිල්වන්ව! සන්සුන්ව!
ගසක් දිස්වෙයි පියස්සට ඉහළ
කිරුළු ළූ හිස නමන.

සීනුවකි, අප දකින, අහස මත
සිහින් මෘදු නද මුදන
ව්හඟෙකිය, පෙනෙන ගස අතු පතර
දුක් මුසුම ගී ගයන..

අහෝ  දෙවියනි අහෝ, මෙහිමය ඉදින් දිවිය—
සන්සුන් ය; නිහැඬියාවට බරය
සුළුනුවර එ සන්සුන් හඬරාව
සුසුමන්ව ඇවිද එන.

පවසන්න!, දකින සිහිනය මතින්
කඳුළු වලකන්න බැරි ,බොඳ ඇසින්
ඔබේ යවුවන සමය
දමා ආවෙද කොතැන?"


පොල් වෙර්ලෙන් කෙතරම් අධ්‍යාත්මික වුවද ඔහුගේ කවියේ බස මෙන්ම සංකේත පරිහරණයෙහි සුවිශිෂ්ට බව කවියන් අතර කුමාරයා වීමට මඟ හෙළි කරන ලදී. "ඇබ්සන්ත්" මුක්තකර වෙර්ලෙන්ගේ ගැඹුරු අධ්‍යාත්මික දිවිය කවියෙහි වෙලී කොයි තරම් නම් කාලයක් නිරුපද්‍රිතව පැවතියේද යන්න හෙම්න් සන්සුන්ව විමසා බැලිය යුතු ඉතිහාසයකි.

manjula wediwardhana
(සටහන | මංජුල වෙඩිවර්ධන)
Manjula Wediwardena
Journalist/Writer
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

සබැඳි ලිපි :

ෆ්‍රන්සක්කාරයෝ : රම්බෝට වෙඩි තැබූ රිවෝල්වරය යුරෝ 434,500කට විකිණෙයි | මංජුල වෙඩිවර්ධන

ෆ්‍රන්සක්කාරයෝ : බෝද්ලෙයානු මොහොතක මත්වීමේ ආදිනව - (මංජුල වෙඩිවර්ධන)

ෆ්‍රන්සක්කාරයෝ : රම්බෝ - වෙර්ලෙන් මධුරාදරේ කවි සමේ | මංජුල වෙඩිවර්ධන

ෆ්‍රන්සක්කාරයෝ : රම්බෝ ; ආතුරසහගත ප්‍රේමය දක්වා ජීවිතය | මංජුල වෙඩිවර්ධන

ෆ්‍රන්සක්කාරයෝ : සෝබර ය, වෙනසකුදු නැත දවස රැය සදිසිමය | මංජුල වෙඩිවර්ධන

ෆ්‍රන්සක්කාරයෝ : ඔන්ද්‍රෙ ෂෙනියේ පුරාවත | මංජුල වෙඩිවර්ධන

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්