BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

NDB බැංකුවේ රුපියල් බිලියන 13.5ක වංචාව: පාරිභෝගික ගිණුම්වලින් මිලියන 314ක් පියවූ බව CIDය කියයි

T

The Leader Desk

August 21, 2026 • 3:48 PM

NDB බැංකුවේ රුපියල් බිලියන 13.5ක වංචාව: පාරිභෝගික ගිණුම්වලින් මිලියන 314ක් පියවූ බව CIDය කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැකකරුවන් ලබන 4 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට; පස්වැනි සැකකරුට ඇප
  • බෝදරගම හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සාක්ෂිවලට බලපෑම් සිදුවීමේ හැකියාව සැලකිල්ලට ගනිමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් ලබන සැප්තැම්බර් 4 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
  •   එහිදී විවෘත අධිකරණයේදී කරුණු දැක්වූ විමර්ශන නිලධාරියා:   "ස්වාමීනි, මෙම සිද්ධියට අදාළ වංචාව වන්නේ රුපියල් බිලියන 13.5ක මුදලක්.
  • එම මුදලට අදාළව බැංකුවේ පාරිභෝගික ගිණුම් 11කින් රුපියල් මිලියන 314.5ක මුදලක් ප්‍රතිපූර්ණය වී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ගනුදෙනු වනතුරු උසස් නිලධාරීන් නොදැන සිටියේ කෙසේදැයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් ප්‍රශ්න  

ජාතික සංවර්ධන බැංකුවේ (NDB) අභ්‍යන්තර පොදු ලෙජර් ගිණුම් පද්ධතිය (General Ledger) ආශ්‍රිතව සිදුව ඇති බව කියන රුපියල් බිලියන 13.5කට අධික මූල්‍ය අක්‍රමිකතාවට අදාළව, එම බැංකුවේම පාරිභෝගික ගිණුම් 11කින් රුපියල් මිලියන 314.5ක මුදලක් ප්‍රතිපූර්ණය (Reimburse) කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.  

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සාක්ෂිවලට බලපෑම් සිදුවීමේ හැකියාව සැලකිල්ලට ගනිමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් ලබන සැප්තැම්බර් 4 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. කෙසේවෙතත්, සිද්ධියට අදාළ පස්වන සැකකරු ඇප මත මුදාහැරීමට පියවර ගෙන තිබේ.  

විමර්ශන ප්‍රගතිය සහ පාරිභෝගික ගිණුම් හුවමාරුව  

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට වැඩිදුරටත් කරුණු වාර්තා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් පෙන්වා දුන්නේ, මෙම මූල්‍ය ජාවාරමට සම්බන්ධ ගිණුම් 26ක් අතරින් ගිණුම් 14කට අදාළ පුද්ගලයන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බවයි.  

එහිදී විවෘත අධිකරණයේදී කරුණු දැක්වූ විමර්ශන නිලධාරියා:  

"ස්වාමීනි, මෙම සිද්ධියට අදාළ වංචාව වන්නේ රුපියල් බිලියන 13.5ක මුදලක්. එම මුදලට අදාළව බැංකුවේ පාරිභෝගික ගිණුම් 11කින් රුපියල් මිලියන 314.5ක මුදලක් ප්‍රතිපූර්ණය වී තිබෙනවා. ඒ පිළිබඳව දීර්ඝ විමර්ශනයක් සිදු කරනවා. විමර්ශන කටයුතු අතරතුර බැංකුව විසින් දැනුම් දුන්නා පොදු ලෙජරයේ ගිණුම් හුවමාරු වන බව. වෙනත් ගිණුම්වලින් රුපියල් මිලියන පහක් බැරවී ඇති අතර පාරිභෝගික ගිණුම්වලින් මුදල් බැරවී නැවත එම ගිණුම්වලටම යොදමින් මෙම මුදල් ප්‍රතිපූර්ණය සිදුකර තිබෙනවා."


අධිකරණයෙන් දැඩි අවධානය සහ නියෝග  
මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේ පාරිභෝගික ගිණුම්වලින් මුදල් අඩුවීම අනාවරණය වූයේ කවදාද, එය විමර්ශන නිලධාරීන්ගේ සොයාගැනීමක්ද නැතහොත් බැංකු විගණන වාර්තා මඟින් හෙළිවූවක්ද යන්නයි.  

පාරිභෝගික ගිණුම් ඔස්සේ මෙවැනි මුදල් හුවමාරු සිදුවන තෙක් බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය සහ වගකිවයුතු නිලධාරීන් ඒ පිළිබඳව දැනුවත්ව නොසිටියේද යන්න පිළිබඳව ද විශේෂ විමර්ශනයක් පවත්වන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඊට අමතරව, සැකකරුවන්ට අයත් පෞද්ගලික ගිණුම් පිළිබඳව මෙන්ම පාරිභෝගික ගිණුම් හරහා සිදුව ඇති මුදල් ප්‍රතිපූර්ණය සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරාත්මක වාර්තාවක් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කෙරිණි.  

නියාමන අධීක්ෂණය සහ පසුබිම  

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) මීට පෙර නිවේදනය කර තිබුණේ බැංකුවේ පද්ධති සුරක්ෂිතභාවය සහ ද්‍රවශීලතා තත්ත්වයන් කෙරෙහි මහ බැංකුවේ දැඩි අධීක්ෂණය පවතින බවත්, අභ්‍යන්තර පාලන පද්ධති විමර්ශනය සඳහා ස්වාධීන අධිකරණ වෛද්‍ය විගණනයක් (Forensic Audit) ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇති බවත්ය.  

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...