BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

මඩකලපුවේ මුල්ලිවයික්කාල් සමරු පැවැත්වූ 10ක් නිදහස්

T

The Leader Desk

April 26, 2022 • 12:00 PM

මඩකලපුවේ මුල්ලිවයික්කාල් සමරු පැවැත්වූ 10ක් නිදහස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුද්ධයෙන් මළවුන් සැමරීම නිසා ත්‍රස්ත නීති යොදාගෙන හත් මසකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා තබාගැනිමෙන් පසු ඇප මත නිදහස් කර
  • එහෙත් තමන් වරදක් නොකළ බවට දුන් අධිකරණ තීන්දුව දැනගැනීමට එක් අයකු ජීවතුන් අතර හිඳ නැත.
  • දොළොස්වැනි මුල්ලිවයික්කාල් සමරුව යෙදුනු 2021 මැයි 18 වැනිදා මඩකලපුවේ කිරාන් වෙරළ තීරයේ අනුස්මරණයක් පැවැත්වූ එම පිරිස ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගනිමින් කල්කුඩා පොලිසිය විසින් පසුදා අත් අඩංගුවට ගන්නා ලදී.
  • එම පිරිස හත් මසකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ රදවා තබා ගැනීමෙන් අනතුරුව පසුගිය වසරේ දෙසැම්බර් 7 වැනි අඟහරුවාදා වාලච්චේන දිසා  විනිසුරු එම්.එච්.එම් ෆසීල් නියෝග කර තිබුනේ සැකකරුවන් දහ දෙනා ඇප මත නිදහස් කිරීමටයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සිටි කල්කුඩාවේ කාන්තාවන් ඇතුළු දෙමළ දසදෙනකු සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කොට තිබේ.

එහෙත් තමන් වරදක් නොකළ බවට දුන් අධිකරණ තීන්දුව දැනගැනීමට එක් අයකු ජීවතුන් අතර හිඳ නැත.

දොළොස්වැනි මුල්ලිවයික්කාල් සමරුව යෙදුනු 2021 මැයි 18 වැනිදා මඩකලපුවේ කිරාන් වෙරළ තීරයේ අනුස්මරණයක් පැවැත්වූ එම පිරිස ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගනිමින් කල්කුඩා පොලිසිය විසින් පසුදා අත් අඩංගුවට ගන්නා ලදී.

එම පිරිස හත් මසකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ රදවා තබා ගැනීමෙන් අනතුරුව පසුගිය වසරේ දෙසැම්බර් 7 වැනි අඟහරුවාදා වාලච්චේන දිසා  විනිසුරු එම්.එච්.එම් ෆසීල් නියෝග කර තිබුනේ සැකකරුවන් දහ දෙනා ඇප මත නිදහස් කිරීමටයි.

නමුත් ඔවුන්ට අධිකරණ නියෝග පරිදි සෑම මසකම අවසන් සදුදා දිනයේ පොලීසියේ පෙනී සිටීමට සිදුවී තිබුනි.

2022 අප්‍රේල් 25 වැනි සදුදා නඩුව යළි කැදවු අවස්ථාවේ මහේස්ත්‍රාත් පී කරුනාකරන් නීතිපති උපදෙස් මත එම පිරිස කොන්දේසි විරහිතව නිදහස් කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

දෙමළ 10 දෙනාට අයත් වු කුරුසුමුත්තු විමලසේනා නඩු තීන්දුව ලැබෙන විටත් මිය ගොස් සිටි බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් සදහන් කරති.


ත්‍රස්ත නීති යටතේ



පසුගිය වසරේ දෙසැම්බර් 8 වැනිදා ඇප පිට නිදහස ලබා පිටතට පැමිණි  අයෙක් සදහන් කළේ මලවුන් සැමරීම තමන් විසින් සෑම වසරකම සිදු කළත්  මෙවර  ත්‍රස්තවාදී චෝදනා එල්ල කරමින් පොලීසිය  තමන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් බවයි.

"මේක අපි 2009 ඉඳලා හැම අවුරුද්දෙම තියන සමරුවක්. මේ අවුරුද්දේ කෝවිඩ් ප්‍රශ්නේ හින්දා අපි පවුල්වල කට්ටිය විතරක් එක්කහු වෙලා තිබ්බා. එතකොට අපිව අල්ලලා ත්‍රස්තවාදී චෝදනා දාලා නිරපරාදේ මාස හතක් හිරේ දාගෙන හිටියා."

සමරුව පැවැත්වීමෙන් කොරෝනා නීති කැඩූ බවට මුලින්ම චෝදනා කොට අත් අඩංගුවට ගෙන වසංගත සමය තුළ මාස හතක කාලයක් තමන් ඇතුළු පිරිස  රදවා ගෙන සිටියත් කිසිදු අවස්ථාවක PCR පරීක්ෂණයක් හෝ සිදු නොකළ බව ඇප පිට නිදහස ලැබු තවත් අයෙක් සදහන් කළේය.

"අපි නිදහස් කළේ මාස හතක් දුක් වින්දට පස්සේ. අපි අත් අඩංගුවට ගත්තු දා ඉඳලා කිසිම PCR එකක් කරලා නෑ. කොරෝනා සම්බන්ධයෙන් කිසිම පරීක්ෂණයක් අපිට කළේ නෑ. අපි දහදෙනා තියාගෙන හිටියේ පොලිස් ස්ටේෂන් 3ක. එරවුර්වල හතරයි, වාලච්චේන හතරයි, ගෑණු ළමයි දෙන්නෙක් කල්කුඩාවල තියාගෙන හිටියා."


සබැඳි පුවත් :

මඩකලපුවේ දස දෙනකුට හත් මාසයකට පසු ඇප දෙයි

දෙමළ මළ'වුන් සැමරූ 10ක් පොලිස් පමාවෙන් දිගටම රිමාන්ඩ්

මළවුන් සැමරූවන් පොලිස් වාර්තා පමාවෙන් තවත් දෙසතියක් රිමාන්ඩ්

හය මසක් නඩු නැති මඩකලපුවේ 10ක් තව දුරටත් රිමාන්ඩ්

මළවුන්ගේ සමරු පැවැත්වූ 10ක් මාස 5ක් තිස්සේ දිගටම රිමාන්ඩ්

මළවුන් සැමරූ දෙමළ දහයක් උසාවිය නැවතත් රිමාන්ඩ් කරයි

මඩකලපුවේ දී මියගිය ඥාතීන් සැමරූ දෙමළ දහදෙනෙක් රිමාන්ඩ්

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...