BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

කැබිනට් ඇමතිවරුන් 10 ක් අද දිවුරුම් දෙති !

T

The Leader Desk

May 20, 2022 • 2:27 AM

කැබිනට් ඇමතිවරුන් 10 ක් අද දිවුරුම් දෙති !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් දසදෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (20 ) දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
  • ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන් ඊයේ (19) රාත්‍රී ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති අතර ඔහු ලබන අඟහරුවාදා යලි දිවයිනට පැමිණි පසු දිව්රුම්දීමට නියමිතව ඇති පැවසේ.
  •  ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන පරිදි කෙහෙළිය රඹුක්වැල්ල හා වෛද්‍ය රමේෂ් පතිරණ ද අමාත්‍යවරුන් ලෙස අද දිනයේ දිව්රුම්දීමට නියමිතව ඇතැයි පැවසේ.
  • ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළුව 25 දෙනකුට සීමා කෙරෙන අතර ඉන් සිවු දෙනකු දැනටමත් දිවුරුම් දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ආණ්ඩුවට සම්බන්ධ වන වෙනත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල ඇමතිවරුන් දසදෙනකු මෙසේ දිවුරුම් දෙනු ඇතැයි දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන සුසිල් ප්‍රේම ජයන්ත, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ, ටිරාන් අලස්, නලින් ප්‍රනාන්දු, ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද, සමගි ජන බලවේගය නියෝජනය කරන හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් මෙසේ  දිවුරුම් දෙනු ඇතැයි දැනගන්නට ඇත.

නිමල් සිරිපාල ද සිල්වා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ද, මහින්ද අමරවීර කෘෂිකර්ම ඇමතිවරයා ලෙස ද, සුසිල් ප්‍රේම ජයන්ත අධ්‍යාපන ඇමතිවරයා ලෙස ද  විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා ලෙස ද , ටිරාන් අලස් මහජන ආරක්ෂක ඇමැතිවරයා ලෙස ද දිවුරුම් දීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන් ඊයේ (19) රාත්‍රී ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති අතර ඔහු ලබන අඟහරුවාදා යලි දිවයිනට පැමිණි පසු දිව්රුම්දීමට නියමිතව ඇති පැවසේ.

 ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන පරිදි කෙහෙළිය රඹුක්වැල්ල හා වෛද්‍ය රමේෂ් පතිරණ ද අමාත්‍යවරුන් ලෙස අද දිනයේ දිව්රුම්දීමට නියමිතව ඇතැයි පැවසේ.

ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළුව 25 දෙනකුට සීමා කෙරෙන අතර ඉන් සිවු දෙනකු දැනටමත් දිවුරුම් දී ඇත.

 ඉතිරි අමාත්‍යවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් පත්කරනු ඇතැයි දැනගන්නට ඇත. ඔවුන්  ඉදිරි දිනකදී දිවුරුම්දීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

මේ  අතර රාජ්‍ය ඇමතිවරුන් තිස් දෙනකු පත් කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.

නව කැබිනට් අමාත්‍යවරුන්ට හිමි වැටුප නොගෙවන බව අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.  අමාත්‍යවරුන්ට හිමි වරප්‍රසාද ද අඩු කිරීමට කටයුතු කරන බව ද අගමැතිවරයා කියා සිටියේය.

(උපුටා ගැනීම් - lankadeepa.lk)
 

 
 
 

Leader Whats app

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...