BREAKING
පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●
Top Ad
පුවත්

ඇල්පිටිය ප්‍රතිඵලයෙන් ඉස්මතුවූ වැදගත්ම කාරණය : ශ්‍රීලනිපය පොහොට්ටුව ප්‍රතික්ෂේප කරලා

T

The Leader Desk

October 12, 2019 • 3:26 AM

ඇල්පිටිය ප්‍රතිඵලයෙන් ඉස්මතුවූ වැදගත්ම කාරණය : ශ්‍රීලනිපය පොහොට්ටුව ප්‍රතික්ෂේප කරලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරණදී පොහොට්ටු පක්ෂයේ අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ දිනවීම සඳහා එම පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම
  • ඇත්තටම මේ මැතිවරණයේදී පොහොට්ටු පක්ෂය ලබාගෙන තියන්න ඡන්ද ප්‍රතිශතය සියයට 56.31% ක් පමණයි.
  • මහින්ද රාජපක්ෂ මහත්තයා පසුගිය 2015 ජනාධිපතිවරණයේදී බෙන්තර-ඇල්පිටිය ආසනයෙන් සියයට 59.08% ගත්තා.
  •  දැන් තමන් බලාපොරොත්තුවූ සියයට 65 ඉලක්කයට යාගන්න බැරිවුන නිසා සන්ධානයට ලැබුන ඡන්දත් තමන්ගේ ගොඩට දාගෙන ජනතාව මුලාකරන්න පොහොට්ටුවේ නායකයින් උත්සහ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සන්ධානගතව දින කිහිපයක් තුල පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ අවසන් ප්‍රතිපලය අනුව ශ්‍රීලනිප පාක්ෂිකයින් පොහොට්ටුවට එරෙහිව සන්ධානය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සුවිශේෂී කාරණයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිටපු පෞද්ගලික ලේකම් නීතිඥ රාජික කොඩිතුවක්කු පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ ප්‍රධානියකු වන නීතිඥ කොඩිතුවක්කු එබව සඳහන් කළේ ඊයේ පැවති ඇල්පිටිය ඡන්ද විමසීමේ ප්‍රතිපලය සම්බන්ධයෙන් theleader.lk කළ විමසීමකදීය. එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

''මේ ප්‍රතිපලය ඉතාමත් පැහැදිලියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඔවුන්ගේ තනතුරු වරප්‍රසාද වෙනුවෙන් පක්ෂය පවා දුන්නාට පාක්ෂිකයින් ශ්‍රීලනිපය අතහැරලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශකල පොහොට්ටු පක්ෂයට ඔවුන්ගේ විරෝධය පලකරලා තියන්නේ සන්ධානය පරදිනවා කියලා දැනදැනත් සන්ධානයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන්.

ඇත්තටම මේ මැතිවරණයේදී පොහොට්ටු පක්ෂය ලබාගෙන තියන්න ඡන්ද ප්‍රතිශතය සියයට 56.31% ක් පමණයි. මහින්ද රාජපක්ෂ මහත්තයා පසුගිය 2015 ජනාධිපතිවරණයේදී බෙන්තර-ඇල්පිටිය ආසනයෙන් සියයට 59.08% ගත්තා. ඒ අනුව මෙවර යම් පසුබෑමක් තියනවා.

මේ මොහොත ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ එක්වීමත් සමග පොහොට්ටුව කිසියම් මට්ටමකින් ඉදිරියට පැමිණ තිබෙන මොහොතක්. එවැනි තත්වයක් තුල පවා ගම්මට්ටමේ ශ්‍රී ලංකා පාක්ෂිකයින් පොහොට්ටුව ප්‍රතික්ෂේප කරලා තියනවා.  දැන් තමන් බලාපොරොත්තුවූ සියයට 65 ඉලක්කයට යාගන්න බැරිවුන නිසා සන්ධානයට ලැබුන ඡන්දත් තමන්ගේ ගොඩට දාගෙන ජනතාව මුලාකරන්න පොහොට්ටුවේ නායකයින් උත්සහ කරනවා.

මන්ත්‍රීවරු පවාදුන්නට ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයා වෙනස්වෙලා නැහැ. ඔවුන් ඇල්පිටියේදී එබව පෙන්නුවා. අපි පැහැදිලිව කියනවා,  ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් වන අපි මෙදා ජනාධිපතිවරණයේදී 'පොහොට්ටුවට' නිසි පාඩමක් උගන්නනවා. ගෝඨාබයට දිනන්නනම් ඉඩතියන්නේ නැහැ ..''

ඒ ඒ පක්‍ෂ විසින් ඊයේ ඇල්පිටියේදී ලබා ගත් ඡන්ද ප්‍රතිශතයන් මෙසේය.

පොහොට්ටුව  23372  – 56.3%
එජාප ය           10113  – 24.3%
සන්ධානය         5273  – 12.7%
ජවිපෙ                2435  – 5.8%

 ''ඇල්පිටිය ඡන්දෙන් සමස්ත ජනමතය පිළිඹිබු වෙන්නේ නෑ'' - එජාප මහ ලේකම්

ඊයේ පැවති ඇල්පිටිය ප්‍රාදේශය සභා මැතිවරණයේ ප්‍රකාශිත ඡන්දවලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 23,372ක් රැස් කරගෙන තිබූ අතර, එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 10,113 ක් හිමි වී තිබුණි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද 5273 ක් සහ ජනතා විමුක්ති පෙරමුණට 2435ක් ලැබී තිබිණ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීමක් ලෙස එම පෙරමුණ හඳුන්වයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ 2015 ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේ දී ඇල්පිටිය ආසනය තමන් පරාජයට පත්වුවද සමස්ත ඡන්ද විමසීමේදී තමන්ට පහසු ජයග්‍රහණයක් අත් වූ බවය. 

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දයෙන් සමස්ත ශ්‍රී ලංකාවේම ජනමතය කිසිසේත් පිළිඹිබු නොවන අතර එය ඉතා සුළු ප්‍රදේශයක ජනතාවගේ මතයක් පමණකැයි එක්සත් ජාතික පක්ෂයේ test 07මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවැසීය.

එක්සත් ජාතික පක්ෂය ඉතා ඉහළ ජයග්‍රහණයක් ලැබූ මැතිවරණවලදී පවා බෙන්තර ඇල්පිටිය ආසන්නයෙන් එජාපයට හිමිවුයේ අඩු ඡන්ද ප්‍රතිශතයකැයිද ඇමැතිවරයා කීය.

එක්සත් ජාතික පක්ෂයට මැද කොළඹ,උතුරු කොළඹ සේම පොහොට්ටුවට බෙන්තර ඇල්පිටිය වැනි ආසන වල වැඩි බරක් තිබෙන බවද එය එම පක්ෂයේ විශේෂ ජයග්‍රහණයක් නොවන බවද ඔහු පැවසීය.

''ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂය ලොකු බරක් වෙහෙසක් දැම්මේ නෑ. අපට වැදගත් ජනාධිපතිවරණය. ගාලුමුවදොර ඇතුළු කොළඹින් භායක්ම සෙනග පුරවලා අපි අපේ මංගල ජන රැලිය පැවැත්වුවා.
පොහොට්ටුවේ මංගල ජනරැලියට එතරම් සෙනගක් හිටියේ නැහැ.''

 මහින්ද එදා කියපු කතාව

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වන්නයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගකල අවස්ථාවේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ද මෙවැනි පුංචි මැතිවරණයක ප්‍රතිපල ජනාධිපතිවරණයට කිසිඳු ලෙසකින් බලනොපාන බවයි.

වීඩියෝ

 සබැඳි පුවත් :

ඇල්පිටියේ ප්‍රචාරක කටයුතු අවසන්: පොහොට්ටුවේ ඉලක්කය 65%ක්!

ඇල්පිටිය ඡන්දය අදයි - පොහොට්ටුව 70% වැඩි ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තුවෙන්!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇල්පිටිය ප්‍රතිඵලයෙන් ඉස්මතුවූ වැදගත්ම කාරණය : ශ්‍රීලනිපය පොහොට්ටුව ප්‍රතික්ෂේප කරලා | The Leader