BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
ක්‍රීඩා

‘ස්වීප්’ ලකුණු 176ක් ලබා ගත් සොනාල් දිනූෂගෙන් නව ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක්

T

The Leader Desk

August 28, 2026 • 10:42 AM

‘ස්වීප්’ ලකුණු 176ක් ලබා ගත් සොනාල් දිනූෂගෙන් නව ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයෙන් ගලවා ගනිමින් ජෝ රූට්ගේ ලෝක වාර්තාව බිඳ දැමූ සොනාල්ගෙන් ඓතිහාසික ඉනිමක්
  • ක්‍රීඩාංගණයේ ඊ‌යේ අවසන් වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සොනාල් දිනූෂ ඔහුගේ දෙවැනි ශතකය වාර්තා කරමින් ඉන්දියාවේ ජයග්‍රහණය හා ශ්‍රී ලංකාවේ පරාජය අතර මහා පවුරක් ලෙස නොසැලී සිටියා.
  • එම තරගය ජය පැරදුමින් තොරව අවසන් කර ගැනීම සඳහා තම කණ්ඩායමට උපකාර කළ ඔහු දැන් ලොව විශිෂ්ටතම ක්‍රිකට් ලෙජන්ඩ්ස්ලාගේ පෙළැන්තියට ඇතුළත්ව සිටිනවා.
  • මේ ශ්‍රී ලංකා වමත් පිතිකරුවා ඉන්දියාව ට එරෙහිව පැවති ද්විත්ව-තරග ටෙස්ට් තරගමාලාව අවසන් කළේ ශතක තුනක් හා අර්ධ ශතකයක් (84) සටහන් කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):


තරගමාලාවේ ශතක 3ක් සමගින් අංක 6 ස්ථානයේ පිතිකරණ වාර්තා රැසක් අලුත් කළ දිනූෂ ලෝක ක්‍රිකට් ඉතිහාසයට එක්වෙයි



කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ ඊ‌යේ අවසන් වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සොනාල් දිනූෂ ඔහුගේ දෙවැනි ශතකය වාර්තා කරමින් ඉන්දියාවේ ජයග්‍රහණය හා ශ්‍රී ලංකාවේ පරාජය අතර මහා පවුරක් ලෙස නොසැලී සිටියා. එම තරගය ජය පැරදුමින් තොරව අවසන් කර ගැනීම සඳහා තම කණ්ඩායමට උපකාර කළ ඔහු දැන් ලොව විශිෂ්ටතම ක්‍රිකට් ලෙජන්ඩ්ස්ලාගේ පෙළැන්තියට ඇතුළත්ව සිටිනවා.

මේ ශ්‍රී ලංකා වමත් පිතිකරුවා ඉන්දියාව ට එරෙහිව පැවති ද්විත්ව-තරග ටෙස්ට් තරගමාලාව අවසන් කළේ ශතක තුනක් හා අර්ධ ශතකයක් (84) සටහන් කරමින්. මේ වික්‍රමාන්විත පිතිකරණයේදී දිනූෂ වාර්තා ගණනාවක් බිහි කළ අතර මෙයින් ප්‍රධාන තැනක් ගන්නේ ඔහු ‘ස්වීප්’ පහරවලින් ලකුණු 176ක් රැස් කරගෙන පිහිටුවූ නව ටෙස්ට් ක්‍රිකට් වාර්තාව යි.

ශ්‍රී ලංකාව දෙවැනි තරගයේ ජය පැරදුමින් තොර අවසානයක් කරා ගෙන යාමේදී 25 හැවිරිදි දිනූෂ නොදැවී ලකුණු 133ක් රැස් කළා. ඔහුගේ මේ ඉනිම වාර්තා වුණේ පළමු ඉනිමේ ලබා ගත් ලකුණු 103 හා ගාල්ලේ පැවති පළමු ටෙස්ට් ගැටුමේදී ඔහු ලබා ගත් ශතකයට පසුවයි. ඊයේ ශතකය මේ තරගමාලාවේ ඉනිම හතරකදී ඔහුගේ තෙවැනි ශතකය වී තිබුණා.

ජෝ රූට්ගේ වාර්තාව බිඳ දැමූ ‘ස්වීප්’ පහරවල්

cddrr
Cricinfo ට අනුව, මේ තරගමාලාවේදී දිනූෂ ලකුණු 176ක් ලබා ගෙන තිබෙන්නේ ‘ස්වීප්’ පහරවලින්. මේ කාර්යයේ පළමු වාර්තාව පිහිටුවා තිබෙන්නේ එංගලන්තයේ ජෝ රූට්. ඔහු 2021 වසරේදී ශ්‍රී ලංකාව ට එරෙහිව ස්වීප්-පහර ලකුණු 168ක් ලබා ගෙන තිබෙනවා.

දිනූෂ මේ තරගමාලාව අතරතුර ස්වීප් පහර 121ක් එල්ල කිරීමට උත්සාහ කර තිබෙනවා. මෙය ටෙස්ට් තරගමාලාවකදී පිතිකරුවෙකු විසින් ක්‍රීඩා කළ වැඩිම ස්වීප් පහර සඳහා වන තවත් වාර්තාවක්. 2021 තරගමාලාවේදී රූට් ස්වීප් පහර 113ක් උත්සාහ කළා.

ඉන්දියාව පළමු ඉනිමේ ලකුණු 213ක පෙරමුණක් ලබා ගෙන ශ්‍රී ලංකාව ට නැවත පන්දුවට පහර දෙන ලෙසට බලකර සිටිමෙන් පසුව ශ්‍රී ලංකාව ඔවුන්ගේ ඉනිම දෙක හරහා ඕවර  243.4ක් පන්දුවට පහර දුන්නා. මෙහිදී දිනූෂ තරගයේ පන්දු 426කට මුහුණ දුන්නා.

අංක 6 ස්ථානයෙන් බිහිවූ නව ලෝක වාර්තා

ටෙස්ට් තරගමාලාවක අංක 6 ස්ථානයේ හෝ ඊට පහළින් පිතිකරණයේ නියැලෙමින් ශතක 3ක් වාර්තා කළ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ හය වැනි පිතිකරුවා බවට ද දිනූෂ පත්ව සිටිනවා. එම වික්‍රමය සටහන් කළ පළමු ශ්‍රී ලාංකිකයා මෙන්ම ද්විත්ව-තරග ටෙස්ට් තරගමාලාවකදී එම දක්ෂතාව දැක්වූ  පළමු ක්‍රීඩකයා වන්නේත් දිනූෂ යි.

කොළඹදී ලබා ගත් ශතක දෙකත් සමග සොනාල් දිනූෂ අංක 6 හෝ ඊට පහළින් පන්දුවට පහර දෙමින් ටෙස්ට් තරගයක ඉනිම දෙකේදී ම ශතක ලබා ගත් ලොව පස් වැනි පිතිකරුවා ලෙසින් ද ඔහුගේ නම ක්‍රිකට් වාර්තා පොතේ සටහන් කර තිබෙනවා. මෙහි මීට කලින් වන අවස්ථා හතරෙන් තුනක් සටහන් කර තිබෙන්නේත් ශ්‍රී ලාංකික පිතිකරුවන් විසින්.

"ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ජය ගත්තා" - ඉන්දීය නායකයාගෙන් පැසසුම්

 

fdgdfrff
ශ්‍රී ලංකාව කොළඹදී ඉන්දියාව ට ජයග්‍රහණයක් හා තරගමාලාවේ පූර්ණ ජයග්‍රහණයක් ලබා නොදී තිබියදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිර්භීත ක්‍රීඩාව ප්‍රශංසාවට ලක් කළ ඉන්දියා නායක ෂුබ්මන් ගිල් “ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අද ජයග්‍රහණය කළා” යැයි කියා සිටියේ ශ්‍රී ලංකාව නැවත තරගයට අවතීර්ණ වූ විශිෂ්ට ආකාරයෙන් තම කණ්ඩායමට ද පාඩම් උගත හැකි බවට ප්‍රකාශ කරමින්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com


සබැඳි පුවත් :

සොනාල් දිනූෂගේ ඓතිහාසික ශතක ද්විත්වයේ වික්‍රමයෙන් ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා‌වේ ජනප්‍රිය පරාජය වළක්වා ගැනීමක් සටහන් කරයි!

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...