BREAKING
නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●
Top Ad
ක්‍රීඩා

ග්ලාස්ගෝ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලින් පසු ක්‍රීඩකයන් පිරිසක් අතුරුදන්!

T

The Leader Desk

August 5, 2026 • 3:30 PM

ග්ලාස්ගෝ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලින් පසු ක්‍රීඩකයන් පිරිසක් අතුරුදන්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උගන්ඩා සහ පාකිස්ථාන බොක්සිං ක්‍රීඩකයන් පෙරළා සිය රටවලට නොගොස් ස්කොට්ලන්තයේ රැකවරණ ඉල්ලීමට සැරසෙති
  • ඉරිදා අවසන් වූ මේ ක්‍රීඩා උළෙලෙන් පසුව ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආගිය අතක් නැති බවට වාර්තා ලැබී ඇතැයි ස්කොට්ලන්ත පොලිසිය ප්‍රකාශ කරනවා.
  • උගන්ඩා බොක්සිං සංචිතයේ සාමාජිකයින් සිවු දෙනෙක් නැවත ඔවුන්ගේ රට බලා යන ගුවන් යානයට ගොඩවීම පිණිස පැමිණ නැති අතර ක්‍රීඩකයින් ස්කොට්ලන්තයේ රැකවරණ ඉල්ලා සිටීමට අදහස් කරගෙන සිටින බවට කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙක් NBS Sport වෙබ් අඩවියට පවසා තිබෙනවා.
  • පාකිස්තාන බොක්සිං ක්‍රීඩක කොඩ්රතුල්ලා ද පාකිස්තානය බලා නැවත යාම පිණිස ඔහුගේ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් සමග එක්ව නැති බවත් නිලධාරීන් ඔහු සොයා ඔහුගේ කාමරයට යන විට ඔහු අතුරුදන්ව සිටි බවත් Pakistan Today වාර්තා කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


වඩා හොඳ අනාගතයක් සහ පුහුණු පහසුකම් පතා තීරණය ගත් බව අතුරුදන් වූ ක්‍රීඩකයෙකුගෙන් ප්‍රකාශයක්

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ තරග කිරීමෙන් පසුව ක්‍රීඩකයින් කිහිප දෙනෙක් අතුරුදන්ව තිබෙනවා. මේ ක්‍රීඩකයින් ඔවුන්ගේ අනෙක් කණ්ඩායම් සමග යළි සියරට ගොස් නැතැයි වාර්තා වනවා.

ඉරිදා අවසන් වූ මේ ක්‍රීඩා උළෙලෙන් පසුව ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආගිය අතක් නැති බවට වාර්තා ලැබී ඇතැයි ස්කොට්ලන්ත පොලිසිය ප්‍රකාශ කරනවා.

උගන්ඩා බොක්සිං සංචිතයේ සාමාජිකයින් සිවු දෙනෙක් නැවත ඔවුන්ගේ රට බලා යන ගුවන් යානයට ගොඩවීම පිණිස පැමිණ නැති අතර ක්‍රීඩකයින් ස්කොට්ලන්තයේ රැකවරණ ඉල්ලා සිටීමට අදහස් කරගෙන සිටින බවට කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙක් NBS Sport වෙබ් අඩවියට පවසා තිබෙනවා.

පාකිස්තාන බොක්සිං ක්‍රීඩක කොඩ්රතුල්ලා ද පාකිස්තානය බලා නැවත යාම පිණිස ඔහුගේ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් සමග එක්ව නැති බවත් නිලධාරීන් ඔහු සොයා ඔහුගේ කාමරයට යන විට ඔහු අතුරුදන්ව සිටි බවත් Pakistan Today වාර්තා කර තිබෙනවා.

ග්ලාස්ගෝ හි පැවති 2014 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඇතුළුව කලින් පැවති පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලන් හිදී ක්‍රීඩකයින් දුසිම් ගණනින් අතුරුදන්ව ගොස් තිබෙනවා. ඔවුන් පසුව එම රටවල රැකවරණ ඉල්ලා සිටි අතර තවත් සමහරු සම්පූර්ණයෙන්ම අතුරුදන්ව තිබෙනවා.

අතුරුදන් වූ ක්‍රීඩකයින් සිවු දෙනාගෙන් කෙනෙකු සමග කතා කළ බවත් ක්‍රීඩකයින් දේශපාලන රැකවරණ පතමින්, තමන් උපන් රටට වඩා හොඳ පුහුණු පහසුකම් හා ඉදිරියට යාමේ අවස්ථාවන් ඇති රටක තමන්ගේ බොක්සිං දිවිය ඉදිරියට ගෙන යන බවට එක් ක්‍රීඩකයෙකු පැවසූ බවත් NBS Sport ප්‍රකාශ කරනවා.

ක්‍රීඩකයින්ගේ තත්ත්වය තේරුම් ගන්නා ලෙසටත් ඔවුන් ගත් තීරණය මත පිහිටා ඔවුන් ගැන විනිශ්චය නොකරණ ලෙසටත් එම බොක්සිං ක්‍රීඩකයා උගන්ඩා ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

2014 වසරේදී උගන්ඩා රග්බි ක්‍රීඩකයින් දෙදෙනෙක් තරගාවලිය නිමා වීමෙන් පසුව අතුරුදන් වූ අතර ඔවුන් කාඩිෆ් නුවර කුඩා කණ්ඩායමක් වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින බව පසුව සොයා ගැණුනා.

මෙයින් එක් ක්‍රීඩකයෙකු වන Philip Pariyo කාඩි‌ෆ් හි කාන්තාවක් දූෂණය කිරීම හේතුවෙන් වසර හතර හමාරකට සිරගත කෙරුණා.

තවත් ක්‍රීඩකයෙකු වන කැමරූන් හි Cyrille Tchatchet II නමැති බරඉසිලීමේ ක්‍රීඩකයාද 2014 ක්‍රීඩා උළෙලෙන් පසුව අතුරුදන් වුණා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com  

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...