BREAKING
ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●
Top Ad
ක්‍රීඩා

දකුණු කොරියාවේ පාපන්දු බලධාරීන් විදෙස් තරග විනිසුරුවන්ට ලිංගික අල්ලස් දීලා!

T

The Leader Desk

August 13, 2026 • 10:27 AM

දකුණු කොරියාවේ පාපන්දු බලධාරීන් විදෙස් තරග විනිසුරුවන්ට ලිංගික අල්ලස් දීලා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *ලෝක කුසලාන සහ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරග ඉලක්ක කරගනිමින් විදේශීය විනිසුරුවන්ට ලිංගික සංග්‍රහ සපයා ඇති බවට හෙළිවෙයි
  •   ජාත්‍යන්තර තරගවලට සත්කාරකත්වය දැක්වූ සෝල් හා අනෙකුත් දකුණු කොරියානු නගරවල තිබෙන සම්බාහන ස්ථානවලින් විදෙස් තරග විනිසුරුවන්ට වින්දනයක් ලබා ගැනීම සඳහා වැයවූ මුදල KFA විසින් ගෙවූ බවට අනාවරණය වී තිබෙනවා.
  • මීට අදාළ තරග වී ඇත්තේ 2014 ලෝක කුසලානය හා 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරග බව වාර්තා වනවා.
  • මේ හෙළිදරව්වට පදනම්ව තිබෙන්නේ ක්‍රෙඩිට් කාඩ් ගිණුම් ප්‍රකාශයන් සහ 2016 වසරේ රජයේ විගණන වාර්තාවකින් ලබා ගත් ලේඛන.
අකුරු ප්‍රමාණය (Font Size):

*2016 විගණන වාර්තා සහ ගිණුම් සටහන් හරහා චෝදනා තහවුරු වුවද කාල සීමාව ඉක්මවා යාම නිසා FIFA සම්බාධකවලින් ගැලවෙයි

 

විදේශීය පාපන්දු තරග විනිසුරුවන්ට තරගවලට පෙර ලිංගික සම්බාහනය සැපයීම පිළිබඳව දකුණු කොරියාවේ පාපන්දු සංගමයට (KFA) චෝදනා එල්ල වී තිබෙනවා.

මේ ආන්දෝලනාත්මක චෝදනාව නැගී තිබෙන්නේ වසර 2011 හා 2012 අතර කාලයේ සිදුවූයේ යැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන්.

 2024 02 02T153713Z 1949921767 UP1EK2217DZGT RTRMADP 3 SOCCER ASIANCUP AUS KOR REPORT 1786174460

ජාත්‍යන්තර තරගවලට සත්කාරකත්වය දැක්වූ සෝල් හා අනෙකුත් දකුණු කොරියානු නගරවල තිබෙන සම්බාහන ස්ථානවලින් විදෙස් තරග විනිසුරුවන්ට වින්දනයක් ලබා ගැනීම සඳහා වැයවූ මුදල KFA විසින් ගෙවූ බවට අනාවරණය වී තිබෙනවා.

මීට අදාළ තරග වී ඇත්තේ 2014 ලෝක කුසලානය හා 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරග බව වාර්තා වනවා.


මේ හෙළිදරව්වට පදනම්ව තිබෙන්නේ ක්‍රෙඩිට් කාඩ් ගිණුම් ප්‍රකාශයන් සහ 2016 වසරේ රජයේ විගණන වාර්තාවකින් ලබා ගත් ලේඛන.

 

එයින් දැක්වෙන පරිදි ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරානය, බහරේන් හා උස්බෙකිස්තානයෙන් පැමිණි තරග විනිසුරුවන් 20 දෙනෙකුට තරග හතක් හරහා මේ ලිංගික සංග්‍රහයන් ලබා දී තිබෙනවා.

 

මේ වකවානුවේදී දකුණු කොරියාව තරග පහක් ජය ගෙන තරග දෙකක් විසඳුමකින් තොරව අවසන් කරගෙන අපරාජිත ගමනක් ගියා.

මෙයින් එක් කාලසීමාවකදී එම කණ්ඩායම 2011 සැප්තැම්බර් 21 වැනි දින පැවති ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගයකදී ඔ්මානය ගෝල් 2-0කින් ද, ඉන්පසුව 2014 ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලබා ගැනීමේ තරගයකදී කුවේටය ගෝල් 2-0කින් ද පරාජය කළා.

ඊළඟ මාසයේ කටාර් සමග පැවති ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තවත් තරගයක් ගෝල් රහිත ජය පැරදුමකින් තොරව අවසන් වූව ද, ඒ වන විටත් දකුණු කොරියානු කණ්ඩායම තරගාවලියට සුදුසුකම් ලබා ගෙන සිටියා.

 

මේ තරග තුනේදීම ශක්තිමත් කණ්ඩායම ලෙස ජනප්‍රියව සිටියේ දකුණු කොරියාව යි.

 

සමහර තරග විනිසුරුවන් මේ ලිංගික ත්‍යාග KFA ගෙන් බලාපොරොත්තු වූ බවත් ඔවුන්ට එම සංග්‍රහ සැපයීම ඒ කාලයේ සාමාන්‍ය දෙයක්ව තිබූ බවත් වාර්තා වී තිබෙනවා.

 aee0ae79 f760 4f17 90cd 61992762911a

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සදාචාර ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම වසර පහකින් පසුව විභාග කිරීමට නොහැකි වීම සහ අල්ලස් හා දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් වසර දහයකට පසුව නඩු පැවරීමට නොහැකි වීම හේතුවෙන් දකුණු කොරියානු පාපන්දු සංගමයට FIFA සම්බාධකවලින් ගැලවීමට ඉඩ ලැබී තිබෙන බව ද වාර්තා වනවා.

 

warnan Gunasekara

 

(සටහන : වර්නන් ගුණසේකර)

'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...