BREAKING
සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●
Top Ad
ක්‍රීඩා

එක්වදෝර පොලිසිය අල්ලා ගත් කොකේන් පැකට්වල නෝවේජියානු පාපන්දු තරුව හෝලම්ගේ ස්ටිකර්

T

The Leader Desk

August 13, 2026 • 3:27 PM

එක්වදෝර පොලිසිය අල්ලා ගත් කොකේන් පැකට්වල නෝවේජියානු පාපන්දු තරුව හෝලම්ගේ ස්ටිකර්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෑන්-අමෙරිකානු මාර්ගයේදී අත්අඩංගුවට ගත් ට්‍රක් රථයකින් ඩොලර් මිලියන ගණනක් වටිනා කිලෝග්‍රෑම් 469ක කොකේන් තොගයක් හමුවෙයි
  • කිලෝග්‍රෑම්ස් 469ක (රාත්තල් 1,034) කොකේන් මත්ද්‍රව්‍ය තොගය සමග වාහනයේ රියැදුරා ද ඊයේ අත්අඩංගුවට ගත් බව එක්වදෝර පොලිසිය පැවසුවත් නෝවේජියානු සුපිරි පාපන්දු ක්‍රීඩකයාගේ මුහුණ සහිත ස්ටිකර් පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදුකර නැහැ.
  • කෙසේ වෙතත්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නන් ඔවුන්ගේ පාර්සල්වල ජනප්‍රිය ක්‍රීඩකයින් හා අනෙකුත් කීර්තිමත් පුද්ගලයන්ගේ නම් හා පිංතූර අඩංගු ලේබල් ගැසීම සාමාන්‍ය ක්‍රියාවක් බවට පත්ව තිබෙනවා.
  • එය පරීක්ෂා කිරීමේදී ට්‍රක් රථයේ ව්‍යාජ පතුලක සඟවා තිබූ මත්ද්‍රව්‍ය පැකේජ 370ක් සොයාගෙන තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


අපරාධ ජාල සහ ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ජනප්‍රිය ක්‍රීඩකයන්ගේ රූප යොදාගැනීමේ රහස හෙළිවෙයි

නෝවේජියානු පාපන්දු තරුව ආලිං හෝලම්ගේ (Erling Haaland) මුහුණ දැන්වීම් පුවරු, වෙළෙඳ ප්‍රචාර, පෝස්ටර හා රූපවාහිනී තිරවල දිස්වන්නේ ජූලි මාසයේදී ලෝක කුසලාන පාපන්දු තරග හතරකින් ගෝල් හතක් ලබා ගැනීමෙන් පසුව ඔහු සමාජ මාධ්‍යයේ ආශ්චර්යමත් රුවක් බවට පත්ව සිටින බැවින්.

එහෙත් දැන්, එක්වදෝරයේ පොලිසිය ඔහුගේ මුහුණ අනපේක්ෂිත ස්ථානයකින් සොයාගෙන තිබෙනවා. ඒ, කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල්වල එය මුද්‍රණය කර තිබියදී. කොලොම්බියානු දේශසීමාව අසලදී අත්අඩංගුවට ගැනුනු ට්‍රක් රථයක තිබූ කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු කොළපැහැති පාර්සලවල හෝලම්ගේ මුහුණ මුද්‍රණය කර තිබෙනු දැකීමෙන් පොලිසිය විස්මයට පත්වුණා.

කිලෝග්‍රෑම්ස් 469ක (රාත්තල් 1,034) කොකේන් මත්ද්‍රව්‍ය තොගය සමග වාහනයේ රියැදුරා ද ඊයේ අත්අඩංගුවට ගත් බව එක්වදෝර පොලිසිය පැවසුවත් නෝවේජියානු සුපිරි පාපන්දු ක්‍රීඩකයාගේ මුහුණ සහිත ස්ටිකර් පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදුකර නැහැ.

කෙසේ වෙතත්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නන් ඔවුන්ගේ පාර්සල්වල ජනප්‍රිය ක්‍රීඩකයින් හා අනෙකුත් කීර්තිමත් පුද්ගලයන්ගේ නම් හා පිංතූර අඩංගු ලේබල් ගැසීම සාමාන්‍ය ක්‍රියාවක් බවට පත්ව තිබෙනවා. මෙමගින් ඔවුන් එම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ කුමන අපරාධ ජාලය ද සහ ඒවා අයත් වන්නේ කුමන ගනුදෙනුකාරයාට ද යන්න සංඥා කරනවා.

අඟහරුවාදා උදෑසන ලැබුණු නිර්නාමික ඔත්තුවකට අනුව මත්ද්‍රව්‍ය විරෝධී නිලධාරීන් පෑන්-අමෙරිකානු ප්‍රධාන මාර්ගයේ මෙහෙයුමක් දියත් කරමින් සිටියදී සැකසහිත ට්‍රක් රථයක් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුව තිබෙනවා. එය පරීක්ෂා කිරීමේදී ට්‍රක් රථයේ ව්‍යාජ පතුලක සඟවා තිබූ මත්ද්‍රව්‍ය පැකේජ 370ක් සොයාගෙන තිබෙනවා.

ආලිං හෝලම්ගේ ස්ටිකර් සහිත එම පැකට් ට්‍රක් රථයේ බොරු අඩියෙන් ඉවතට වැටෙන අයුරු පැහැදිලිව දිස්වන වීඩියෝවක් පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කැමැත්තක් දක්වන එකම පාපන්දු තරුව හෝලම් පමණක් නොවන බව පෙනෙනවා. ආජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායමේ නායක ලියොනල් මෙසීගේ රූපය ද කලින් අත්අඩංගුවට ගැනුනු මත්ද්‍රව්‍ය පැකේජයකින් හමුවී තිබෙනවා.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙසින් එක්වදෝරය සැලකෙනවා. මෙහිදී මත්ද්‍රව්‍ය තොග රැස්කර තබා ගනිමින් ඒවා ගබඩා කර බෙදා හැරෙනවා. මධ්‍යම අමෙරිකානු මාර්ග ඔස්සේ ප්‍රධාන වශයෙන් අමෙරිකාව ට මේ මත්ද්‍රව්‍ය යැවෙන අතර‌ මෙතැනින් යුරෝපය ට ද ඒවා නැවෙන් ප්‍රවාහනය කෙරෙනවා.

බදාදා සිදුකළ මෙහෙයුමේදී Maria R. ලෙසින් පමණක් හැඳින්වෙන කොලොම්බියානු හැඳුනුම් ලේඛන සහිත කාන්තාවක් එක්වදෝරයේ කීටෝ අගනුවරට කිලෝමීටර් 246ක් උතුරු‌ දෙසින් පිහිටි ටූල්කැන් නමැති දේශසීමා නගරය අසල ග්වාග්වා නීග්‍රෝ පළාතේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරනවා.

මේ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම දේශීය වෙළඳපොලේ ඩොලර් 842,000කට ආසන්න බවටත්, අමෙරිකාවේදී ඩොලර් මිලියන 11කට වැඩි බවටත් සහ යුරෝපයේදී ඩොලර් මිලියන 19.6කට (යුරෝ මිලියන 17) වැඩි බවටත් තක්සේරු කර තිබෙනවා.

එක්වදෝරයේදී, දේශීය අපරාධ කල්ලි කොලොම්බියානු හා මෙක්සිකානු කාටල සමග එක්ව මත්ද්‍රව්‍ය ප්‍රවාහන මාර්ග කළමනාකරණය කරමින් ඒවා නැව්ගත කරනවා. මෙයින් සියයට 80ක් කොලොම්බියාවෙන් ඇරඹෙන අතර ඉතිරියේ ආරම්භය පේරු දේශය යි.

මේ වර්ෂයේ පළමු භාගයේදී මත්ද්‍රව්‍ය ටොන් 80ක් අත්අඩංගුවට ගත් බවට පොලිසිය වාර්තා කර තිබෙන අතර 2025 වසරේදී බලධාරීන් විසින් විශේෂයෙන් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය ටොන් 215ක් රාජසන්තක කර තිබෙනවා. 2024 වසරේදී එම ප්‍රමාණය ටොන් 295කට ආසන්න වී තිබුණා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com          

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...