BREAKING
ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●
Top Ad
ක්‍රීඩා

කොළඹ රාජකීය විදුහලට ඉතිහාසයේ ප්‍රථම වතාවට බස්නාහිර පළාතේ වොලිබෝල් ශූරතාවක්

T

The Leader Desk

August 14, 2026 • 2:50 PM

කොළඹ රාජකීය විදුහලට ඉතිහාසයේ ප්‍රථම වතාවට බස්නාහිර පළාතේ වොලිබෝල් ශූරතාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවුරුදු 20න් පහළ බාලක ශූරතාව කොළඹ රාජකීය විදුහලට; බාලිකා කිරුළ ගෝතමී බාලිකා විදුහලට
  • ඔවුන් මේ ශූරතාව හිමිකර ගත්තේ බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ බාලක තරගාවලිය ජයග්‍රහණය කරමින්.
  • රාජකීය විදුහල් පිල ශූරතාව දිනා ගත්තේ අවසාන තරගයේදී ඌරාපොල මැදි මහ විද්‍යාලය වට 2-1කින් (ලකුණු 25-23, 21-25, 25-20) පරාජය කරමින්.
  • | අවුරුදු 20න් පහළ ශූරයෝ - කොළඹ රාජකීය විදුහල ගෝතමී බාලිකා විදුහල් කණ්ඩායම ශූරියන් වූයේ ප්‍රබල කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විදුහල වට 2-0කින් (25-16, 25-19) පරදවමින්.
අකුරු ප්‍රමාණය (Font Size):


පාසල් 122ක් තරග වැදුණු බස්නාහිර පළාත් තරගාවලියේදී වයස් කාණ්ඩ රැසක තියුණු මුහුණුවරක්

කොළඹ රාජකීය විදුහල ඉතිහාසයේ ප්‍රථම වතාවට බස්නාහිර පළාතේ වොලිබෝල් ශූරතාවක් දිනා ගැනීමට සමත් වුණා. ඔවුන් මේ ශූරතාව හිමිකර ගත්තේ බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ බාලක තරගාවලිය ජයග්‍රහණය කරමින්. මෙහි බාලිකා ශූරතාව ප්‍රථම වතාවට දිනා ගත්තේ කොළඹ ගෝතමී බාලිකා විදුහල යි. මේ අනුව මෙවර බස්නාහිර පළාතේ පාසල් බාලක හා බාලිකා වොලිබෝල් කිරුළු දෙක ම කොළඹ ට හිමි වීම විශේෂත්වයක්.

රාජකීය විදුහල් පිල ශූරතාව දිනා ගත්තේ අවසාන තරගයේදී ඌරාපොල මැදි මහ විද්‍යාලය වට 2-1කින් (ලකුණු 25-23, 21-25, 25-20) පරාජය කරමින්. මේ තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිවුණේ මීගමුව මාරිස්ටෙල්ලා විදුහලටයි.

Royal| අවුරුදු 20න් පහළ ශූරයෝ - කොළඹ රාජකීය විදුහල
ගෝතමී බාලිකා විදුහල් කණ්ඩායම ශූරියන් වූයේ ප්‍රබල කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විදුහල වට 2-0කින් (25-16, 25-19) පරදවමින්. ගම්පහ සිරිකුරුස විදුහල තෙවැනි ස්ථානයට පත්වුණා.

gothami| අවුරුදු 20න් පහළ ශූරියෝ - කොළඹ ගෝතමී බාලිකා විදුහල
වයස අවුරුදු 18න් පහළ බාලක තරගාවලිය ජයග්‍රහණය කිරීමට හෙනරත්ගොඩ කැප්පෙට්ටිපොල මහ විදුහල සමත් වුණා. අවසාන තරගයේදී ඔවුන් වෙතින් වට 2-0කින් (25-19, 26-24) පරාජය ලැබ අනුශූරයින් වුනේ සීදුව දවිසමර විදුහල යි. තෙවැනි ස්ථානය කාට්ටාව උතුර ධර්මපාල විදුහලට හිමිවුණා.

Henarathgoda| අවුරුදු 18න් පහළ බාලක - හෙනරත්ගොඩ කැප්පෙට්ටිපොල ම.ව.
එහි බාලිකා කිරුළ දිනා ගත්තේ කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විදුහල යි. අවසාන තරගයේදී එම කණ්ඩායම වට 2-0කින් (25-18, 25-20) කොළඹ ගෝතමී බාලිකා විදුහල පරාජය කළා. මේ අංශයේ තෙවැනි ස්ථානයට පත්වුණේ මාගම්මන මහ විදුහල යි.

sangamiththa| අවුරුදු 18න් පහළ බාලිකා - කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විදුහල
පොතුපිටිය මහ විදුහල තරග වට 2-0කින් (25-17, 25-19) කඩුගොඩ කණිෂ්ඨ විදුහල පරදවිමන් වයස අවුරුදු 16න් පහළ බාලක ශූරතාව දිනා ගත් අතර එම තරගාවලියේ තෙවැනි ස්ථානය මතුගම සාන්ත මේරි විදුහලට හිමිවුණා.

Pothupitiya| අවුරුදු 16න් පහළ බාලක - පොතුපිටිය ම.වි.
එම වයස් ඛාණ්ඩයේ බාලිකා කිරුළ දිනා ගත්තේ වට 2-1කින් (25-19, 23-25, 25-22) කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විදුහල පැරදවූ තම්මිට මහ විදුහල යි. ‌තෙවැනි ස්ථානය රදාවාන මහගමසේකර මහ විදුහලට හිමිවුණා.

Thammita| අවුරුදු 16න් පහළ බාලිකා - මිනුවන්ගොඩ තම්මිට ම.වි.
වාද්දුව පොතුපිටිය මහ විදුහල් ක්‍රීඩාංගණයේ පැවති‌ මේ තරගාවලියට කලාප 11ක් නියෝජනය කරමින් පාසල් 122ක් සහභාගි වුණා. බස්නාහිර පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලී අමරතුංග මහතාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) කුසලානි වික්‍රමරත්න මහත්මිය මේ තරගාවලිය සංවිධානය කර තිබුණා.

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com     

 
     

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...