BREAKING
ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●බ්‍රිතාන්‍ය දුම්රියකදී කාන්තාවකට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්●'මඩොල් දූව' ස්වීඩන් පාසල් දරුවන් අතරට යයි●දළ පූට්ටුවා ඝාතනය: වසර ගණනාවකට පසුත් යුක්තිය ප්‍රමාද ඇයි?●ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන ගැන වාර්තාවක්●රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි●
Top Ad
ක්‍රීඩා

රොනාල්ඩෝ - ජෝජීනා විවාහයේ ආන්දෝලනාත්මක 'දේපළ ගිවිසුම' එළියට

T

The Leader Desk

August 15, 2026 • 4:25 PM

රොනාල්ඩෝ - ජෝජීනා විවාහයේ ආන්දෝලනාත්මක 'දේපළ ගිවිසුම' එළියට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විවාහයෙන් එකතු වුණත් දේපළවලින් වෙන්වීමට දෙදෙනා අතර ඇතිවූ රහසිගත එකඟතාව මෙන්න.
  • මේ දෙදෙනාගේ විවාහ සහතිකයේ විස්තරවලට අනුව, රොනාල්ඩෝ හා ජෝජීනා විවාහ වී තිබෙන්නේ ‘දේපළවලින් වෙන්වීම’ යන රාමුව යටතේ බව වාර්තා වනවා.
  • මේ රීතිය මගින් රොනාල්ඩෝ හා රොඩ්රීගෙස් යන දෙදෙනා ට ම ඔවුනොවුන්ගේ දේපළවල අයිතිය කිසිම බාධාවකින් තොරව ලැබෙන බවට සහතික කෙරෙනවා.
  • පෘතුගාල නීතියට අනුව, මෙවැනි එකඟත්වයකින් රොනාල්ඩෝ හා ජෝජීනා දෙදෙනාම ඔවුනොවුන්ගේ සියලු වත්කම්, ඉපැයූ මුදල් හා විවාහයට පෙර හෝ විවාහය අතරතුර මේ පාර්ශවයන් දෙකෙන් එකක් අත්කර ගත් ආයෝජනවල සම්පූර්ණ පාලන බලය රඳවා තබා ගන්නා බව හඟවනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

වෙන්වීමක් සිදුවුවහොත් ජෝජීනාට ලැබෙන මාසික දීමනාව සහ ඩොලර් මිලියන 5.6ක මන්දිරය ගැන හෙළිදරව්වක්.

ජෝජීනා රොඩ්රීගෙස් සමග විවාහයෙන් පසුව ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ඔහුගේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරද්දී එම විවාහයට අයත් මුදල්මය වගන්තියක් අනාවරණය වී තිබෙනවා.

මේ දෙදෙනාගේ විවාහ සහතිකයේ විස්තරවලට අනුව, රොනාල්ඩෝ හා ජෝජීනා විවාහ වී තිබෙන්නේ ‘දේපළවලින් වෙන්වීම’ යන රාමුව යටතේ බව වාර්තා වනවා. මේ රීතිය මගින් රොනාල්ඩෝ හා රොඩ්රීගෙස් යන දෙදෙනා ට ම ඔවුනොවුන්ගේ දේපළවල අයිතිය කිසිම බාධාවකින් තොරව ලැබෙන බවට සහතික කෙරෙනවා.

පෘතුගාල නීතියට අනුව, මෙවැනි එකඟත්වයකින් රොනාල්ඩෝ හා ජෝජීනා දෙදෙනාම ඔවුනොවුන්ගේ සියලු වත්කම්, ඉපැයූ මුදල් හා විවාහයට පෙර හෝ විවාහය අතරතුර මේ පාර්ශවයන් දෙකෙන් එකක් අත්කර ගත් ආයෝජනවල සම්පූර්ණ පාලන බලය රඳවා තබා ගන්නා බව හඟවනවා.

වෙන්වීමක් වුවත් දේපළ බෙදී නොයන පෘතුගාල නීතිය

යම් හෙයකින් අනාගත දික්කසාදයකින් මේ දෙදෙනා වෙන්වුවහොත් පවා, ඉබේ ක්‍රියාත්මක වන වත්කම් බෙදීයාමකට මේ වගන්තිය අනුව අවස්ථාවක් නැහැ.

රොනාල්ඩෝ ඔහුගේ කොන්ත්‍රාත්, දැන්වීම් සහ ඔහු සෞදි වෘත්තීය පාපන්දු ලීගයේ අල්-නසර් කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් ලබා ගන්නා වැටුප හා Pestana CR7 හෝටල ජාලයෙන් ලබා ගන්නා ආදායම වැනි සියලු ව්‍යාපාරවල ඉපැයීම් දිගටම ඔහුගේ අයිතියේ පමණක් තිබෙන බවට ද එම එකඟත්වයෙන් අදහස් කෙරෙනවා.

මේ යුවල දික්කසාද වීම පිණිස නඩුවක් ගොනු කළහොත් ක්‍රියාත්මක වන වගන්ති කිහිපයක් ඔවුන්ගේ විවාහ ලියාපදිංචියේ තිබෙන බව ද පෘතුගාල මාධ්‍ය වාර්තා කරනවා.

දික්කසාදයකදී ජෝජීනාට හිමිවන මාසික දීමනාව හා මැඩ්රිඩ් මන්දිරය

මෙයින් පළමු රීතියට අනුව ජෝජීනා ට රොනාල්ඩෝගෙන් යුරෝ 100,000කට ආසන්න මාසික නඩත්තු දීමනාවක් ලැබෙනවා. තවත් වගන්තියකින් සඳහන් වන ආකාරයට මෙඩ්රීඩ් නුවර තිබෙන මේ යුවලගේ සුඛෝපභෝගී මන්දිරයේ සම්පූර්ණ හිමිකාරිත්වය ජෝජීනා සතුවනවා. මේ දේපළවල වර්තමාන වටිනාකම ඩොලර් මිලියන 5.6ක් වනවා.

රොනාල්ඩෝ හා ජෝජීනාගේ විවාහයේ සාක්ෂිකරුවන් වී තිබෙන්නේ ඔහුගේ ක්‍රීඩාවේ මුල් යුගයේ පටන් සමීප මිතුරෙකු වන Miguel Paixao හා ඇයගේ සොයුරිය වන Ivana Rodriguez සහ සමීපතම ස්පාඤ්ඤ යුවලක්.

පවුලේ අයවත් නොදැන සමීපතමයින් සිව්දෙනෙකු මැද කෙරුණු රහස් විවාහය

මේ සිවු දෙනාට අමතරව දරුවන් පස් දෙනාගේ සහභාගිත්වයෙන් පමණක් රහසේ පැවැත්වුණු විවාහෝත්සවයට රොනාල්ඩෝගේ ආදරණීය මව වන Dolores Aveiro හා ඔහුගේ සහෝදර සහෝදරියන් තිදෙනා වන Hugo, Elma සහ Katia ද සහභාගි වුනේ නැහැ.

ලෝකයේ එක් වඩාත්ම ජනප්‍රිය පුද්ගලයෙකු වන රොනාල්ඩෝ ඔහුගේ විවාහ උත්සවයට පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායමේ සගයින් හෝ අල්-නසර් කණ්ඩායමේ සගයින් හෝ වෙනත් කිසිම  කීර්තිමත් පුද්ගලයෙකුට ආරාධනා කර තිබුණේ නැහැ.

රොනාල්ඩෝ හා ජෝජීනා ඔවුන්ගේ වාසගම් වෙනස් නොකිරීමට ද තීරණය කර තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com      

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...