ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් හිමිකරගෙන සිටි 19 හැවිරිදි ෆින්ලේ ටාලිංගේ අකල් වියෝවෙන් ලෝක ක්‍රීඩා ක්ෂේත්‍රයම කම්පාවට.
‘පෘතුගාල පාපැදි සවාරිය’ (Volta a Portugal) තරගයට සහභාගි වෙමින් සිටි එංගලන්ත පාපැදි තරගකරුවෙක් වාහනයක ගැටී මිය ගොස් තිබෙනවා. මේ බරපතල අනතුරට ලක්වූයේ ෆින්ලේ ටාලිං (Finlay Tarling) නමැති 19 හැවිරිදි පාපැදි ධාවකයෙක්.
තරගයේ අට වැනි අදියරේදී බිය උපදවන මාර්ග අනතුරක් සිදුවූ බවත් මෝටර් රථයක් පැමිණ ටාලිං සමග ගැටුනු බවත් පෘතුගාලයේ මාධ්‍ය වාර්තා කරනවා.
පාපැදි තරගකරුවන්ගේ පොකුර තමන් පසුකර ගොස් ඇති බවට වැරදියට විශ්වාස කිරීමෙන් පසුව කාරය U හැරවුමක් ගනිමින් සිටියදී මේ අනතුර සිදුව තිබෙනවා.
වෛද්‍ය කණ්ඩායම් වහාම එම ස්ථානයට පැමිණියත් ටාලිං බේරා ගැනීමට නොහැකි වී තිබෙන අතර ඔහු අද උදෑසන මිය ගොස් තිබෙනවා.
Volta a Portugal සංවිධායකයින් හා පෘතුගාල පාපන්දු සම්මේලනය මේ මරණය “බරපතල අනතුරක්” යැයි තීරණය කර තිබුනත්, වැඩි විස්තර ලබා දී නැහැ. ටාලිං ට කරන ගෞරවයක් ලෙස තරගය අහෝසි කර තිබෙනවා.
ෆින්ලේ ටාලිං වෘත්තීය පාපැදිකරුවෙකු වන ජොෂ් ටාලිංගේ බාල සහෝදරයා යි.
යොවුන් වියේදීම දස්කම් දැක්වූ ක්‍රීඩා දිවිය
වේල්සයේ වැසියෙකු වන ෆින්ලේ 2023 වසරේ පැවති කණිෂ්ඨ යුරෝපීය ධාවන පථ ශූරතාවලියේ හා කණිෂ්ඨ Chrono des Nation තරගාවලියේ කණ්ඩායම් ලුහුබැඳ යාම ඉසව්වේ රිදී පදක්කම් දිනා ගත්තා.
ඔහු 2025 වසරේ පටන් ඊශ්‍රායලයේ Premier Tech ඇකඩමිය වෙනුවෙන් තරග කිරීම පිණිස දෙවසරක කොන්ත්‍රාත්තුවකට අත්සන් කර තිබුණා.
බොහෝ දෙනාගේ ආදරයට ලක්ව සිටි මේ යොවුන් ක්‍රීඩකයාගේ ජීවිතය ඉතා කෙටි කලකින් අවසන් වීම “අප සියලු දෙනාවම ඉතාමත් කම්පනයට පත්කළ ප්‍රවෘත්තියක්” යැයි පෘතුගාල අගමැති ලුවිෂ් මොන්ටිනේර් ප්‍රකාශ කරනවා.
(සටහන : වර්නන් ගුණසේකර)'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




