BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
ක්‍රීඩා

බිරියන් දෙන්නාගේ දබරය දුටු ඊජිප්තු පාපන්දු පුහුණුකරු සිහිනැතිව ඇද වැටෙයි: පළමු බිරිඳ වහාම දික්කසාද කෙරේ

T

The Leader Desk

August 21, 2026 • 11:59 AM

බිරියන් දෙන්නාගේ දබරය දුටු ඊජිප්තු පාපන්දු පුහුණුකරු සිහිනැතිව ඇද වැටෙයි: පළමු බිරිඳ වහාම දික්කසාද කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෝටල් අවන්හලකදී ඇති වූ දරුණු ගැටුමකින් පසු ඊජිප්තු ප්‍රධාන පුහුණුකරු හොසම් හසන් දශක ගණනාවක විවාහ දිවියට තිත තබයි.
  • එක් වරම පෝටෝ මරීනා සුඛෝපභෝගී හෝටලයක් ඇතුළත පාරාදීසය මහා අවුලක් බවට හැරුනේ එහි විනෝද වෙමින් සිටි පිරිස අන්දමන්ද කරවමින්.
  • හෝටල් අවන්හල යුද පිටියක් කළ බිරියන්ගේ ගැටුම ඔහුගේ දීර්ඝ කාලීන බිරිඳ හොවයිඩා අල්-ඝාබාවි (Howaida Al-Gharbawi) සහ දෙවැනි බිරිඳ ඩිනා මුස්ටාෆා (Dina “Dan Adam” Mustafa) අතර උණුසුම් වාදයක් හෝටල අවන්හලේ හටගත් අතර සැණින් එය ශාරීරික සටනක් බවට වර්ධනය වුණා.
  • කයිරෝ නුවර නීත්‍යානුකූල රෙජිස්ට්‍රාර් කාර්යාලයකදී ඔහු දික්කසාද ලේඛනවලට නිල වශයෙන් අත්සන් කළ බව වාර්තා වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


සුඛෝපභෝගී නිවාඩුවක් අතරතුර දෙවැනි බිරිඳ සමඟ ඇතිවූ ගැටුම නිසා ප්‍රවීණ පුහුණුකරු ක්ලාන්ත වෙයි; දීර්ඝකාලීන බිරිඳට දික්කසාදය.



පෝටෝ මරීනා නගරයේ නිවාඩුවක් ගත කරමින් සිටියදී තමාගේ බිරියන් දෙදෙනා එකිනෙකාගේ හිසකෙස් ඇදගෙන කළ සණ්ඩුව දැකීමෙන් හටගත් අධික මානසික ආතතියෙන් සිහිනැතිව ඇද වැටුනු ඊජිප්තුවේ ප්‍රධාන පාපන්දු පුහුණුකරු හොසම් හසන් (Hossam Hassan) ඉන්පසුව එක් බිරිඳක් වහාම දික්කසාද කර තිබෙනවා.

මේ පාපන්දු ප්‍රධානියා සිටියේ ඊජිප්තුවේ දර්ශනීය උතුරු වෙරළේ විනෝද වෙමින්. එක් වරම පෝටෝ මරීනා සුඛෝපභෝගී හෝටලයක් ඇතුළත පාරාදීසය මහා අවුලක් බවට හැරුනේ එහි විනෝද වෙමින් සිටි පිරිස අන්දමන්ද කරවමින්.

හෝටල් අවන්හල යුද පිටියක් කළ බිරියන්ගේ ගැටුම

sk6767

ඔහුගේ දීර්ඝ කාලීන බිරිඳ හොවයිඩා අල්-ඝාබාවි (Howaida Al-Gharbawi) සහ දෙවැනි බිරිඳ ඩිනා මුස්ටාෆා (Dina “Dan Adam” Mustafa) අතර උණුසුම් වාදයක් හෝටල අවන්හලේ හටගත් අතර සැණින් එය ශාරීරික සටනක් බවට වර්ධනය වුණා.

ඥාතීන් වහාම ඊට මැදිහත් වුනේ ආරක්ෂක නිලධාරීන් ද කැඳවමින්. කාන්තාවන් දෙදෙනා ට ම කැපුම් තුවාල හා තැළීම් සිදුව තිබුණා.

ප්‍රසිද්ධියේ සිදුවූ මේ දබරය හසන් ට දරා ගැනීමට නොහැකි වූ අතර ගැටුම නතර කිරීමට උත්සාහ කිරීමේදී ඔහු ක්ලාන්තියෙන් බිම ඇද වැටුනා.

සිද්ධියෙන් පසුව මේ ඊජිප්තු පාපන්දුවේ කළමනාකරු ඔහුගේ පළමු බිරිඳ වන හොවයිඩා දික්කසාද කළා. කයිරෝ නුවර නීත්‍යානුකූල රෙජිස්ට්‍රාර් කාර්යාලයකදී ඔහු දික්කසාද ලේඛනවලට නිල වශයෙන් අත්සන් කළ බව වාර්තා වනවා.

විවාහ නීතිය, දික්කසාදය සහ හසන්ගේ පාපන්දු ගමන්මග

sk789
මේ හදිසි වෙන්වීමට පෙර හසන් දශක ගණනාවක් තිස්සේ හොවයිඩා සමග එකට කල් ගෙවා තිබෙන අතර එම යුවලට දරුවන් තිදෙනෙක් සිටිනවා.

හසන් විසින් 2015 වසරේදී ඩිනා විවාහ කරගනු ලැබුවේ ඔහු ඒ වනවිටත් හොවයිඩා සමග විවාහ වී සිටියදී. ඊජිප්තුවේ නීතියට අනුව, මුස්ලිම් පිරිමියෙකුට බිරින්දෑවරු හතර දෙනෙක් දක්වා එකවර විවාහ කර ගැනීම සඳහා නීතියෙන් අවසර ලැබී තිබෙනවා. එම අවස්ථාවේදී, වර්තමාන බිරිඳ හෝ බිරින්දෑවරුන්ට නව විවාහය පිළිබඳව නිල දැනුම් දීමක් කිරීමට රජයේ රෙජිස්ට්‍රාර්වරයා නීතියෙන් බැඳී සිටිනවා.

එකවිට එක භාර්යාවකට වැඩියෙන් තබා ගෙන සිටින ස්වාමි පුරුෂයෙක් නිවාස, මුදල්මය ආධාර හා ජීවන මට්ටමේදී ඔහුගේ සියලුම බිරින්දෑවරුන්ට එක සමානව සැලකිය යුතු බවට ද නීතියේ සඳහන්ව තිබෙනවා.

2024 වසරේ සිට ඊජිප්තුවේ ප්‍රධාන පාපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන හොසම් හසන් පසුගියදා පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ඊජිප්තුව අවසන් කණ්ඩායම් 16 අතරට ගෙන යාමට සමත් වුණා.

ඇට්ලන්ටා හි පැවති තියුණු තරගයකදී ආජන්ටිනාව වෙතින් ගෝල් 3-2ක පරාජයක් ලැබ ඊජිප්තුව තරගාවලියෙන් ඉවතට විසිවුණා. හොසම් පසුව ජාතික කණ්ඩායම සමග ඔහුගේ කොන්ත්‍රාත්තුව අලුත් කර ගත්තේ වසර 2030 වනතුරු ඔහුගේ තනතුර සුරක්ෂිත කර ගනිමින්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...