BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
ක්‍රීඩා

හිටපු ලෝක බොක්සිං ශූර සොලානි ටෙත් නිවස ඉදිරිපිටදීම වෙඩි තබා ඝාතනය කෙරේ!

T

The Leader Desk

August 22, 2026 • 3:02 PM

හිටපු ලෝක බොක්සිං ශූර සොලානි ටෙත් නිවස ඉදිරිපිටදීම වෙඩි තබා ඝාතනය කෙරේ!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු අප්‍රිකාවේ ඩෑන්ට්සේන්හි පිහිටි නිවස අසල සැඟවී සිටි තුවක්කුකරුවන් එල්ල කළ වෙඩි වරුසාවෙන් 38 හැවිරිදි හිටපු ශූරයා එම ස්ථානයේදීම මරුට.
  • වසර 2006 සිට 2022 දක්වා දකුණු අප්‍රිකානු වෘත්තීය බොක්සිං සටන්කරුවෙකුව සිටි ඔහු අගෝස්තු 21 වැනිදා මිය යන විට 38 වැනි වියේ පසුවෙමින් සිටියා.
  • ද්විත්ව-බර අංශ ලෝක ශූරයෙකු වූ ටෙත් 2014 සිට 2015 දක්වා ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ (IBF) කණිෂ්ඨ-බැන්ටම්වේට් කිරුළ ද, 2017 සිට 2019 දක්වා ලෝක බොක්සිං සංවිධානයේ (WBO) බැන්ටම්වේට් ශූරතාව ද හිමි කරගෙන සිටියා.
  • තත්පර 11න් ප්‍රතිවාදියා බිම දැමූ ගිනස් වාර්තාගත ඉතිහාසය ටෙත් ප්‍රථම වතාවට බොක්සිං වළල්ලට පා තැබුවේ 2006 වසරේ මැයි මාසයේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

තත්පර 11ක ලෝක වාර්තාවක් තැබූ ටෙත්, සිව්වසරක තහනම නිමා කර යළි බොක්සිං වළල්ලට ඒමට සූදානම්ව සිටියදී සිදුවූ අභිරහස් ඝාතනය.

හිටපු බොක්සිං ලෝක ශූරයෙකු වන සොලානි ටෙත් (Zolani Tete) වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. වසර 2006 සිට 2022 දක්වා දකුණු අප්‍රිකානු වෘත්තීය බොක්සිං සටන්කරුවෙකුව සිටි ඔහු අගෝස්තු 21 වැනිදා මිය යන විට 38 වැනි වියේ පසුවෙමින් සිටියා.

ද්විත්ව-බර අංශ ලෝක ශූරයෙකු වූ ටෙත් 2014 සිට 2015 දක්වා ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ (IBF) කණිෂ්ඨ-බැන්ටම්වේට් කිරුළ ද, 2017 සිට 2019 දක්වා ලෝක බොක්සිං සංවිධානයේ (WBO) බැන්ටම්වේට් ශූරතාව ද හිමි කරගෙන සිටියා.


තත්පර 11න් ප්‍රතිවාදියා බිම දැමූ ගිනස් වාර්තාගත ඉතිහාසය

ටෙත් ප්‍රථම වතාවට බොක්සිං වළල්ලට පා තැබුවේ 2006 වසරේ මැයි මාසයේ. සිය පළමු තරග අට ම විනිසුරුගේ සටන නතර කිරීමේ තීරණවලින් ජය ගත් ඔහු ඔහුගේ අට වැනි තරගයේදී ලෝක බොක්සිං සම්මේලනයේ (WBF) ෆ්ලයිවේට් කිරුළ දිනා ගෙන  එය දෙවතාවක් රැක ගැනීමට ද සමත් වුණා.

බොක්සිං ඉතිහාසයේ ශූරතා සටනක වැඩිම වේගයෙන් ප්‍රතිවාදියා බිම හෙළීමේ ගිනස් ලෝක වාර්තාව හිමි කරගෙන සිටින්නේත් මේ ක්‍රීඩකයා යි. ටෙත් එම වාර්තාව පිහිටුවූයේ 2017 වසරේ පැවති තරගයක ආරම්භක වටය තත්පර 11ක් පමණක් ගෙවී ගොස් තිබියදී සීබොනීසො ගොන්යා (Siboniso Gonya) බිම දමමින්.

cgnfhfhh

ටෙත් පසුගිය සිකුරාදා වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගියේ ඔහු උපත ලැබූ නැගෙනහිර කේප් පළාතේ ඩෑන්ට්සේන් නමැති නගර ප්‍රදේශයේ තිබෙන ඔහුගේ ම නිවස පිටතදී.


නිවස ඉදිරිපිට සැඟවී සිට එල්ල කළ මාරාන්තික ප්‍රහාරය

පස්වරු 6.30 ට පමණ සිය නිවෙස වෙත පැමිණි ටෙත් ගේට්ටුව විවෘත කරන තුරු බලා සිටියදී ලෝම හිස් වැසුම් පැළඳ ආයුධ සන්නද්ධව සිටි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් සැඟවී සිට ඔහුට වෙඩි තබා ඇති බව පැවසෙනවා. ඔහු සමග වාහනයේ සිටි 27 හැවිරිදි කාන්තාවකට ද වෙඩි වැදී තිබෙන අතර ඇය දැන් රෝහල්ගතව සිටිනවා.

වාහනයකින් එළියට පැමිණි අවිගත් පුද්ගලයින් වෙඩි තබද්දී එම උණ්ඩ වරුසාවෙන් බේරීමට උත්සාහ කරමින් ටෙත් ඔහුගේ වාහනය ගෙයි මිදුලට පදවා තිබෙනවා. එහෙත් ඔහු එම ස්ථානයේදී ම මිය ගියා.

තහනම නිමා කර යළි පැමිණීමේ බලාපොරොත්තුව සුන්වෙයි

ටෙත්ගේ අවසාන බොක්සිං තරගය 2022 ජූලි මාසයේ වෙම්බ්ලි තරග බිමේ පැවැත්වුණේ බ්‍රිතාන්‍ය බොක්සිං ක්‍රීඩක ජේසන් කනිංහම් (Jason Cunningham) ට එරෙහිවයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය, IBF හා පුරප්පාඩු වී තිබූ WBO ජාත්‍යන්තර සුපර් බැන්ටම්වේට් යන කිරුළු වෙනුවෙන් පැවති ඒ තරගය ටෙත් ට ජයග්‍රහණය අත්වෙමින් සිවු වැනි වටයේදී අවසන් වුනේ ටෙත් ඔහුගේ ප්‍රතිවාදියා බිම හෙළමින්.

කෙසේ වෙතත්, ටෙත් stanozolol නමැති තහනම් ශරීර උත්තේජකය භාවිතා කර ඇති බවට ඔප්පු වීමෙන් පසුව එම තරග ප්‍රතිඵලය ‘තරගයක් නැත’ යනුවෙන් පසුව වෙනස් කෙරුණා.

‌මේ හේතුවෙන් එංගලන්ත තහනම් මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය ටෙත් ට සිවු වසරක බොක්සිං තරග තහනමක් පැනවූ අතර එම තහනම නිල වශයෙන් ආරම්භ වුනේ 2022 වසරේ ජූලි 30 වැනිදා.

එය 2026 ජූලි මාසයේ අවසන් වෙමින් සොලානි ටෙත් නැවත බොක්සිං වළල්ලට පිවිසීමට නියමිතව තිබුණා. නමුත් ඒ සැලසුම් සියල්ල දැන් මැකී ගොස් තිබෙන්නේ ඉතාමත් ඛේදජනක අයුරින්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com      


වැඩිදුර කියවීම සඳහා අදාළ මූලාශ්‍ර ලින්ක් :

BBC Sport - Boxing Profile & News:

BoxRec Official Fighter Profile (Zolani Tete Career Record:

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...