BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
ක්‍රීඩා

සොනාල් දිනූෂගේ ඓතිහාසික ශතක ද්විත්වයේ වික්‍රමයෙන් ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා‌වේ ජනප්‍රිය පරාජය වළක්වා ගැනීමක් සටහන් කරයි!

T

The Leader Desk

August 27, 2026 • 4:25 PM

සොනාල් දිනූෂගේ ඓතිහාසික ශතක ද්විත්වයේ වික්‍රමයෙන් ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා‌වේ ජනප්‍රිය පරාජය වළක්වා ගැනීමක් සටහන් කරයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ෆලෝ-ඔන් වී ඉනිම් දෙකේදීම ශතක ලබා ලෝක වාර්තාවක් තැබූ සොනාල්ගේ නොදැවුණු 133 හමුවේ
  • මිනිත්තු 420ක වීරෝදාර සටනකින් ඉන්දීය ජයග්‍රහණය වැළකෙයි; ඉන්දියාවට තරගමාලාවේ 1-0ක ජයක්.
  • ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්ම නැගී එන තරුව බවට පත්ව සිටින 25 හැවිරිදි මැද පෙළ වමත් පිතිකරු සොනාල් දිනූෂගේ වික්‍රමයන් මත ශ්‍රී ලංකාව අද ඉන්දියාව ට එරෙහිව කොළඹ එස්.එස්.සී.
  • ශ්‍රී ලංකාව මේ තරගය බේරා ගත්තේ තීරණාත්මක දෙවැනි ඉනිමේදී මිනිත්තු 663ක කාලයක් තුළ ඕවර 154කට මුහුණ දෙමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

SSC ටෙස්ට් ගැටුම ජය පරාජයෙන් තොරව අවසන් වේ.

මිනිත්තු 420ක වීරෝදාර සටනකින් ඉන්දීය ජයග්‍රහණය වැළකෙයි; ඉන්දියාවට තරගමාලාවේ 1-0ක ජයක්.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්ම නැගී එන තරුව බවට පත්ව සිටින 25 හැවිරිදි මැද පෙළ වමත් පිතිකරු සොනාල් දිනූෂගේ වික්‍රමයන් මත ශ්‍රී ලංකාව අද ඉන්දියාව ට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රිය පරාජය වළක්වා ගැනීමක් සනිටුහන් කළා.

ඉන්දියාව පළමු ඉනිමේදී සටහන් කළ 503/9ක දැවැන්ත මුළු ලකුණු සංඛ්‍යාව හමුවේ ලකුණු 290ට දැවී යාම හේතුවෙන් පිට පිට නැවත පන්දුවට පහර දීමට සිදුවූ ශ්‍රී ලංකාව කඩුලු 9කට ලකුණු 429ක් රැස් කරගෙන අද තරගයේ පස් වැනි දිනයේ පස්වරු 4.37 ට දෙවැනි ඉනිම නතර කිරීමත් සමග දෙවැනි ටෙස්ට් ගැටුම ජය පැරදුමින් තොරව කෙළවර වුණා. ශ්‍රී ලංකාව මේ තරගය බේරා ගත්තේ තීරණාත්මක දෙවැනි ඉනිමේදී මිනිත්තු 663ක කාලයක් තුළ ඕවර 154කට මුහුණ දෙමින්.

මේ අනුව දෙපිල අතර තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගමාලාවේ 1-0ක ජයක් ඉන්දියාව ට හිමි වුණා.

තරගයේ පිටුපසින් සිට නැවත නැගී සිටීම සඳහා ශ්‍රී ලංකාව ට ලොකු ශක්තියක් ලබා දෙමින් පැහැදිලිවම තරගයේ වීරයා බවට පත්වූ දිනූෂ මිනිත්තු 420ක් තිස්සේ පන්දු 264කට මුහුණ දෙමින් ලකුණු 133ක් රැස් කළ අතර ඔහුගේ මේ නොදැවුණු ඉනිම හතරේ පහර 8ක් සහ හයේ පහර 2කින් අලංකාර වී තිබුණා.

cddrr

 

ලෝක වාර්තා පොතට එක්වූ සොනාල්ගේ ද්විත්ව ශතකය

පළමු ඉනිමේදී ද ලකුණු 103ක් ලබා ගත් දිනූෂ, ටෙස්ට් ක්‍රිකට් තරගයක පිට පිට දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේදී (followed-on) තම කණ්ඩායම වෙනුවෙන් ශතක දෙකක් ලබා ගත් ලොව තෙවැනි පිතිකරුවා ලෙසින් අද වාර්තා පොතට එක්වුණා. 1948 වසරේ ඇඩිලේඩ් හිදී ඔස්ට්‍රේලියාව ට එරෙහිව ඉන්දියාවේ විජේ හසාරේ සහ 2001 වසරේ හරාරේ හිදී දකුණු අප්‍රිකාව ට එරෙහිව සිම්බාබ්වේ පිතිකරු ඇන්ඩි ෆ්ලවර් මීට පෙර මේ වික්‍රමයන් වාර්තා කර තිබෙනවා.

දෙවැනි ඉනිමේ කඩුලු 6කට ලකුණු 229 සිට අද තරගය ආරම්භ කළ ශ්‍රී ලංකාවේ මුළු ලකුණු සංඛ්‍යාව 253ක්ව තිබියදී, ඕවර 81යි පන්දු දෙකකට පසුව ඉන්දියාව දෙවැනි නව පන්දුව ලබා ගත්තා. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව ඔවුන්ගේ මුළු ලකුණු සංඛ්‍යාව 329 දක්වා ඉහළ නංවා තිබුණේ සොනාල් දිනූෂ හා කේශර නුවන්ත උදය වරුවේ පන්දු 242ක් පුරා 7 වැනි කඩුල්ල ආරක්ෂා කර ගැනීමට සමත් වෙමින්. ඒ වන විට මේ දෙදෙන එම කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක් එක් කර තිබුණා.

sgdssd
එහෙත් දිවා ආහාරයෙන් පසුව යැවුණු සිවු වැනි පන්දුවෙන් ඒ අගනා සබඳතාවට තිත වැටුණා. මානව් සුතාර්ගේ දඟ පන්දුවට ‘ස්ලිප්’ ක්‍රීඩක ධුරව් ජුරෙල් අතට පහසු උඩ පන්දුවක් දෙමින් නුවන්ත ඔහුගේ මංගල ටෙස්ට් අර්ධ ශතකය පෙනි පෙනී තිබියදී ලකුණු 46කට දැවී ගියා. මිනිත්තු 174ක් තිස්සේ පන්දු 150කට මුහුණ දුන් ඔහු හතරේ පහර 4ක් සමග ලකුණු 46ක් රැස් කළ අතර ශ්‍රී ලංකා 7 වැනි කඩුල්ල බිඳ වැටෙද්දී මුළු ලකුණු ප්‍රමාණය 330ක් වී තිබුණා. ඒ වන විට යැවෙමින් තිබුණේ 105 වැනි ඕවරය යි. දිනූෂ හා නුවන්තගේ ලකුණු 112ක සබඳතාව වාර්තා වුණේ පන්දු 246කින්.

නුවන්ත ලකුණු 16ක් රැස් කරගෙන සිටියදී අද තරගයේ හය වැනි ඕවරයේ (ඉනිමේ 79 වැනි ඕවරය) රවින්ද්‍ර ජඩේජාගේ පන්දුවට ‘ෂෝට් කවර්’ ස්ථානයට දුන් උඩ පන්දුව අල්ලා ගැනීමට දෙව්ඩට් පඩික්කල් අසමත් වුණා. අනතුරුව, 104 වැනි ඕවරයේදී ජඩේජාගේ ම පන්දුවට නුවන්ත කඩුල්ල මුවා කළ බවට පිටියේ තරග විනිසුරු තීරණය කළ ද, නුවන්ත වහාම එම තීරණයට අභියෝග කළා. තෙවැනි විනිසුරු එය දැවී යාමක් නොවන බවට තීරණය කළා.

පසුපෙළ සමග එක්ව ගොඩනැගූ දැවැන්ත ආරක්ෂක පවුර

fdgdfrff

දිනූෂ හා ප්‍රභාත් ජයසූරිය 8 වැනි කඩුල්ල වෙනුවෙන් එක්වෙමින් පන්දු 71කින් ලකුණු 25ක් එක් කරමින් සිටියදී ජයසූරිය (2), ජඩේජාගේ පන්දුවට ඩුරෙල් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේ පන්දු 28කට මුහුණ දීමෙන් පසුවයි. 117 වැනි ඕවරයේ එම කඩුල්ල බිඳ වැටුණේ මුළු ලකුණු 355දී.

සවස තේ පානය වන විට ශ්‍රී ලංකාව ඔවුන්ගේ දෙවැනි ඉනිමේ කඩුලු 8ක් දැවී ලකුණු 383ක් රැස් කරගෙන ලකුණු 170කින් පෙරමුණ ගෙන සිටියා.

සවස තේ පානයෙන් පසුව පළමු පන්දුවට ම ලකුණු දෙකක් ලබා ගනිමින් සොනාල් දිනූෂ මේ තරගයේ ඔහුගේ දෙවැනි ශතකය හා තරගමාලාවේ තෙවැනි ශතකය වාර්තා කළා. අද ඔහු ශතකය සටහන් කළේ පන්දු 196කින්. මිනිත්තු 339ක් කඩුල්ලේ රැඳී සිටිමින් ඔහු ලබා ගත් එම ශතකයට හතරේ පහර හයක් ඇතුළත්ව තිබුණා. දිනූෂ මේ ශතකය වාර්තා කරන අයුරු ක්‍රීඩා මණ්ඩපයේ සිට නරඹමින් සිටි ඔහුගේ පවුලේ සාමාජිකයින් සතුටු කඳුලෙන් දෑස් පුරවා ගෙන අත්පොළසන් දෙනු දර්ශනය වුණා.

මිනිත්තු 122ක් හා පන්දු 90ක් තිස්සේ නව වැනි කඩුල්ල මුරකිරී‌මේ ලහිරු කුමාර (12)ගේ අගනා කාර්යය අවසානයට පත්වෙමින් ඔහු 145 වැනි ඕවරයේදී ජඩේජාගේ පන්දුවට ‘ෂෝට් ලෙග්’ හි යශස්වි ජයිස්වාල් අතට උඩ පන්දුවක් දෙමින් මුළු ලකුණු 402දී දැවී ගියා. කුමාර සහ දිනූෂ 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 170කින් ලකුණු 47ක් එක් කළා.

ඉන්දීය නායකයාට හයේ පහරක්; අවසන් කඩුල්ල දක්වාම නොසැලුණු සටනක්

සිය කණ්ඩායමේ නිත්‍ය පන්දු යවන්නන් අසාර්ථක වෙද්දී 151 වැනි ඕවරයේදී පන්දුව අතට ගැනීමට ෂුබ්මන් ගිල් තීරණය කළ අතර දිනූෂ ඉන්දියා නායකයාව මහ ඉහළින් පිළිගත්තේ ඔහුගේ පළමු පන්දුව ට ම හයේ පහරකින් සංග්‍රහ කරමින්. ඊළඟ ඕවරයේදී යශාස්වි ජයිස්වාල් ප්‍රථම වතාවට පන්දු ප්‍රහාරයට එක්වූ අතර දිනූෂ ඔහුගේ පළමු පන්දුවට ද හතරේ පහරක් එල්ල කළා.

දිනූෂ හා අසිත ප්‍රනාන්දු (0) අවසන් කඩුල්ල වෙනුවෙන් පන්දු 56කින් ලකුණු 27ක නොබිඳි සබඳතාවක් සටහන් කළා.

ඉන්දියාවේ දෙව්ඩට් පඩික්කල් මේ තරගමාලාවේ වීරයා ලෙස නම් කෙරුණා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com    

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...