BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
ක්‍රීඩා

ආසියානු ක්‍රීඩා උළෙලේ තණතීරු හා නවාතැන් අවුලෙන් ක්‍රිකට් දැවැන්තයෝ දැඩි කනස්සල්ලෙන්!

T

The Leader Desk

August 31, 2026 • 2:49 PM

ආසියානු ක්‍රීඩා උළෙලේ තණතීරු හා නවාතැන් අවුලෙන් ක්‍රිකට් දැවැන්තයෝ දැඩි කනස්සල්ලෙන්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බේස්බෝල් පිටියක ක්‍රිකට් ගැසීම සහ කූඩාරම් ඩ්‍රෙසිං රූම්ස් ගැන ACC සහ BCCI සංවිධායකයන්ට විරෝධය පායි.
  • ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය සැප්තැම්බර් 19 වැනිදාට යෙදී තිබුණ ද, ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන්නේ සැප්තැම්බර් 17.
  • එය මීට මාස කිහිපයක් වනතුරුම තිබුණේ බේස්බෝල් පිට්ටනියක් ලෙසිනුයි.
  • අසම්පූර්ණ පිටියක් වන එහි තණතීරුවේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථ ලකුණක් ඉතිරිව තිබෙන බව වාර්තා වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

කිට් බෑගයක්වත් තියන්න ඉඩ නැති කුඩා කාමර නිසා ප්‍රධාන රටවල් 'B' කණ්ඩායම් එවීමේ සූදානමක.

ජපානයේ නගෝයා වරාය නගරයට නැගෙනහිරින් පිහිටි නිශින් නමැති පුංචි නගරය ආසියානු ක්‍රීඩා උළෙල සඳහා තව සති තුනකට අඩු කාලයකින් පැමිණෙන ආසියානු මහාද්වීපයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ දෙනෙකුව පිළිගැනීමට සූදානමින් සිටිනවා. ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය සැප්තැම්බර් 19 වැනිදාට යෙදී තිබුණ ද, ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන්නේ සැප්තැම්බර් 17.

කෙසේ වෙතත්, ආසියානු මහාද්වීපයේ ඉහළම පෙළේ ක්‍රිකට් කණ්ඩායම් ඔවුන්ගේ තරග වෙනුවෙන් තාවකාලිකව තනා තිබෙන ක්‍රීඩා පිටිය පිළිබඳව සැලිකිලිමත්ව සිටිනවා. එය මීට මාස කිහිපයක් වනතුරුම තිබුණේ බේස්බෝල් පිට්ටනියක් ලෙසිනුයි. මේ කාරණාව පළමුව මතුකළේ පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය යි. ඒ, මීට දෙසතියකට ඉහත පැවති ආසියානු ක්‍රිකට් කවුන්සල (ACC) රැස්වීමේදී.

බේස්බෝල් පිටියක් ක්‍රිකට් තණතීරුවක් වූ හැටි

ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය ප්‍රමුඛ අනෙක් සාමාජික රටවල් අතර පැවැත්වූ සාකච්ඡාවකින් පසුව ACCය එම ක්‍රීඩාංගණය හා ක්‍රීඩකයින්ගේ නවාතැන් පහසුකම් පරීක්ෂා කර බැලීම සඳහා නියෝජිත පිරිසක් යැවිය යුතු බවට තීරණය වුණා.

අසම්පූර්ණ පිටියක් වන එහි තණතීරුවේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථ ලකුණක් ඉතිරිව තිබෙන බව වාර්තා වනවා. එය අතුරා තිබෙන්නේ ඉතාමත් මෑතකදී වන අතර මැයි මාසයේ පැවති එක් තරගාවලියක් හැරුනුවිට එම තණතීරුව වැඩි පරීක්ෂාවකට ලක්වී නැහැ. නියම තත්ත්වයේ ක්‍රීඩක ඇඳුම් අඳින කාමර පවා එහි නැති බව පැවසෙනවා.

කූඩාරම් ඩ්‍රෙසිං රූම්ස් සහ මීටර් 500ක් ඈත වැසිකිළි

ක්‍රීඩකයින්ගේ ඩ්‍රෙසිං රූම්ස් ඉදිකර තිබෙන්නේ කූඩාරම්වල බවටත් වොෂ්රූම්ස් පිහිටා තිබෙන්නේ එම කූඩාරම්වලින් මීටර් 500ක් දුරින් බවටත් පෙන්වා දෙමින් මේ නිසා ක්‍රීඩකයින්ට සැහීමකට පත්විය නොහැකි තත්ත්වයක් නිර්මාණය කර ඇතැයි ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) ආසියානු කවුන්සල රැස්වීමේදී ජපාන ඔලිම්පික් නිලධාරීන්ට කියා තිබෙන්නේ ජපානයේ තිබෙන මේ පහසුකම් හා සැලසුම් පිළිබඳව BCCI හා ACC සතුටු නොවන බව ද ඔවුන්ට දන්වමින්.

ACC රැස්වීමෙන් පසුව BCCI නිලධාරීන් ක්‍රිකට් තරග පැවැත්වෙන ක්‍රීඩා පිටිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම පිණිස ඉන්දියානු ඔලිම්පික් සංගමය (IOA) හා ආසියානු ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුව හමුවී ඇති බවට වාර්තා වනවා. ක්‍රීඩාවක තාක්ෂණික අංශයක් පිළිබඳව IOA ට කිසිම කාර්යභාරයක් නැති බැවින් සංවිධායක කමිටුව අමතන ලෙසට ඔවුන් එහිදී BCCI ට උපදෙස් දී තිබෙනවා.

අත්හදා නොබැලූ හයිබ්‍රිඩ් තණතීරුව සහ බවුන්ස් අවදානම

ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන්නේ කොරොගි ක්‍රීඩා උද්‍යානයේ. නැවත සකස් කර ඇති මේ බේස්බෝල් පිටියේ තවමත් එම ක්‍රීඩාවේ පිචර්ගේ පස්ගොඩැල්ලක් එලෙසම තිබෙනු දක්නට ලැබෙනවා. මේ ස්ථානය ක්‍රිකට් ක්‍රීඩාව සඳහා සූදානම් කෙරුණේ මේ වසරේ මාර්තු තරම් මෑත කාලයේ.

පුද්ගලයින් 2,000කට පමණ සිටිය හැකි තාවකාලික මණ්ඩපයක් තිබෙන ක්‍රීඩා පිටියට ස්වභාවික තණකොළ වැඩියෙන් යුත් හයිබ්‍රිඩ් තණතීරු හතරැස් කොටුවක් තිබෙන අතර එහි කුඩා කොටසකට පොලිතින් කෙඳි ඇතුල් කර තිබෙනවා.

‌මේ උද්‍යානය මැයි මාසයේදී විස්සයි20 ලෝක කුසලාන නැගෙනහිර අසියා-පැසිෆික් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සත්කාරකත්වය දැක්වූවා. නිවර්තන සුළි සුළඟ ජපානය ට සාමාන්‍යයෙන් පැමිණෙන සැප්තැම්බර් මාසයේදී මේ තණතීරුවේ පන්දුව බවුන්ස් වීමට ඉඩ තිබෙන බව කොරොගි ක්‍රීඩා උද්‍යානයේ ආසියානු ක්‍රීඩා මෙහෙයුම් කළමනාකරු එදා පවසා තිබුණා.

ක්‍රීඩකයින්ට නවාතැන් පහසුකම් සැපයෙන නගොයා නගරයට ක්‍රීඩාංගණයේ සිට තිබෙන කිලෝමීටර් 20ක පමණ දුර ප්‍රමාණය පිළිබඳව ද ක්‍රිකට් පාලක මණ්ඩල ඔවුන්ගේ සැලකිල්ල යොමු කර තිබෙනවා.

ක්‍රීඩා ගම්මානයක් නැතිව හෝටල් කාමරවල හිරවුණු ක්‍රීඩකයෝ
මීට කළින් පැවති ක්‍රීඩා උළෙල මෙන් නොව මේ ආසියානු ක්‍රීඩා උළෙලට සම්ප්‍රදායානුකූල ක්‍රීඩා ගම්මානයක් නැහැ. ඒ වෙනුවට 15,000ක් පමණ වන සහභාගිවන්නන්ට නවාතැන් පහසුකම් ලැබෙන්නේ සුඛෝපභෝගී නැවක්, සංචාරක නිවාස හා හෝටල යනුවෙන් තුන් ආකාරයෙන් බෙදීයන ලෙසටයි.

ක්‍රිකට්, බැඩ්මින්ටන්, පාපන්දු හා සැහැල්ලු පන්දු ක්‍රීඩකයින් නගොයා නුවර හෝටලවල නතර කෙරෙනු ඇතැයි ආසියානු ඔලිම්පික් කවුන්සලය ප්‍රකාශ කර තිබෙනවා.

ක්‍රීඩකයින්ගේ තනි ක්‍රීඩා බෑගය හා ගමන් මලු සමග පුද්ගලයින් දෙදෙනෙකුට බෙදා ගැනීමට නෙහැකි තරමට මේ කාමර කුඩා බවට නිලධාරියෙකු කියා තිබෙනවා.

 “කාමර ඉතා කුඩා බැවින් මෙය සැබෑ ප්‍රශ්නයක්. එක ක්‍රීඩකයෙක් එයාගේ කිට්බෑගය විවෘත කළොත්, හිටගෙන ඉන්න තරම් ඉඩක් ඉතිරි වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න අපි උත්සාහ කරනවා” යනුවෙන් එම නිලධාරියා සඳහන් කරනවා.

ප්‍රධාන කණ්ඩායම් වෙනුවට 'B' කණ්ඩායම් එයිද?
ක්‍රීඩක පහසුකම් නියම තත්ත්වයට නැත්නම් තමන්ගේ දෙවැනි පෙළේ (බී) කණ්ඩායම් මෙම ක්‍රීඩා උළෙලට ඉදිරිපත් කිරීම පිළිබඳව ආසියාවේ ප්‍රධාන ක්‍රිකට් රටවල පාලක මණ්ඩල සාකච්ඡා පවත්වමින් සිටින බව ද වාර්තා වනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)

'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com
   

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...