මුම්බායි සහ වදෝදරාවේදී කණ්ඩායම් හයකින් යුත් තරගාවලියක් ලබන පෙබරවාරියේදී
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන කාන්තා ශූරයන්ගේ කුසලාන (ICC Women’s Champions Trophy) ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ඉන්දියාවට ලබාදීමට පියවර ගෙන තිබේ. ලබන 2027 වසරේ පෙබරවාරි 14 වැනිදා සිට 28 වැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත අතර, එහි සියලුම තරග ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි ක්‍රිකට් ක්ලබ් ඔෆ් ඉන්ඩියා (CCI) ක්‍රීඩාංගණයේදී සහ වදෝදරා හි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් තහවුරු කළේය.
සත්කාරකත්වය මාරුවීමට හේතු වූ කරුණු
මෙම ඓතිහාසික තරගාවලියේ සත්කාරකත්වය මුල් සැලැස්මට අනුව හිමිව තිබුණේ ශ්‍රී ලංකාවටයි. කෙසේ වෙතත්, පසුගිය ජූලි මාසයේ පැවති ICC වාර්ෂික මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) වෙත දැනුම් දුන් අත්‍යවශ්‍ය ව්‍යවස්ථාපිත සහ පරිපාලනමය ප්‍රතිසංස්කරණ තවදුරටත් ක්‍රියාවට නංවමින් පැවතීම සැලකිල්ලට ගෙන තරගාවලිය වෙනත් රටකට මාරු කිරීමට පාලක මණ්ඩලය තීරණය කර ඇත.
ශ්‍රී ලංකාව වෙනුවට විකල්ප සත්කාරකත්වය සඳහා බංග්ලාදේශය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් තුනෙහි පවතින යටිතල පහසුකම් හා සූදානම ඇගයීමට ලක්කිරීමෙන් අනතුරුව, සුදුසුම රට ලෙස ඉන්දියාව තෝරාගැනීමට ICC මණ්ඩලය පසුගිය සැප්තැම්බර් 1 වනදා ඒකමතිකව අනුමැතිය ලබාදී තිබේ.
තරග ආකෘතිය සහ සහභාගී වන රටවල්
තරග ආකෘතිය සහ සහභාගී වන රටවල්

විස්සයි20 ආකෘතියෙන් පැවැත්වෙන මෙම සමාරම්භක තරගාවලිය සඳහා ප්‍රමුඛ පෙළේ කණ්ඩායම් හයක් තරග වදියි. සත්කාරක ඉන්දියාවට අමතරව ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව ඊට ඇතුළත් ය.
තරගාවලිය ලීග් ක්‍රමයට (Round-robin league) පැවැත්වෙන අතර, සියලු කණ්ඩායම් එකිනෙකා සමඟ තරග වැදීමෙන් පසු ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක පෙබරවාරි 28 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත. වත්මන් එක්දින ලෝක ශූරියන් වන ඉන්දියාව සහ පසුගිය ජූලි මස එංගලන්තයේදී පැවති කාන්තා විස්සයි20 ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියාව ද මෙහිදී ප්‍රධාන අවධානයක් දිනාගන්නා කණ්ඩායම් වේ.
ICC සභාපතිවරයාගේ ප්‍රකාශය
මෙම තීරණය සහ ඉදිරි තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් ICC සභාපති ජේ ෂා සඳහන් කළේ, කාන්තා ශූරයන්ගේ කුසලානය ලෝක කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන බවයි. ලොව විශිෂ්ටතම කණ්ඩායම් එකම තලයකදී දැඩි තරගකාරිත්වයකින් යුතුව තරග වැදීම තුළින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මෙන්ම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට ඒමට ක්‍රීඩිකාවන්ට විශාල පෙළඹවීමක් ලැබෙන බව ද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
මෙම තීරණය සහ ඉදිරි තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් ICC සභාපති ජේ ෂා සඳහන් කළේ, කාන්තා ශූරයන්ගේ කුසලානය ලෝක කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන බවයි. ලොව විශිෂ්ටතම කණ්ඩායම් එකම තලයකදී දැඩි තරගකාරිත්වයකින් යුතුව තරග වැදීම තුළින් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මෙන්ම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට ඒමට ක්‍රීඩිකාවන්ට විශාල පෙළඹවීමක් ලැබෙන බව ද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
මුලාශ්‍රය :




