BREAKING
රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●
Top Ad
ක්‍රීඩා

දෙවසරක තහනමක්: ශ්‍රී ලංකාවට ඇවිත් ශිල්ප දැක්වූ ඉන්දියා කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයා වයස වංචා කරලා!

T

The Leader Desk

September 5, 2026 • 4:12 PM

දෙවසරක තහනමක්: ශ්‍රී ලංකාවට ඇවිත් ශිල්ප දැක්වූ ඉන්දියා කණිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයා වයස වංචා කරලා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකා සංචාරයේදී කැපී පෙනුණු රෝහිත් යාදව්ට උප්පැන්න සහතික තුනක්:
  • වයස් වංචා කළ බෙංගාල ක්‍රීඩකයින් 62කගේ ලැයිස්තුවක් එළියට: ලෝක කුසලාන දිනූ ක්‍රීඩකයින් ද ඇතුළුව දේශීය ක්‍රිකට් පිටියෙන් දෙවසරක තහනමක්.
  • ජූලි මාසයේ කොළඹදී ඉන්දියා යොවුන් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් මංගල ටෙස්ට් වරම් ලබමින් රෝහිත් පළමු ඉනිමේදී කඩුලු දෙකක් ද, දෙවැනි ඉනිමේදී කඩුලු හතරක් ද ලබා ගෙන ඉන්දියා අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 211ක ජයග්‍රහණයක් කරා ගෙන ගියා.
  • එහෙත් ඔහු ඔහුගේ උපතේ වෙනස් වර්ෂ තුනක් දක්වමින් උප්පැන්න සහතික තුනක් තබා ගෙන සිටි බව සොයා ගැනීමෙන් පසුව ඔහුට දෙවසකර ක්‍රීඩා තහනම පනවා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔස්ට්‍රේලියානු තරගාවලිය අභියසදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් දැඩි ක්‍රියාමාර්ගයක්.

වයස් වංචා කළ බෙංගාල ක්‍රීඩකයින් 62කගේ ලැයිස්තුවක් එළියට: ලෝක කුසලාන දිනූ ක්‍රීඩකයින් ද ඇතුළුව දේශීය ක්‍රිකට් පිටියෙන් දෙවසරක තහනමක්.

ඉන්දියා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම පසුගිය ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී කඩුලු හයක් ලබා ගෙන ඉන්දියාව ට අවසාන ටෙස්ට් තරගය ජය ගැනීමට උපකාර කළ රෝහිත් යාදව් නමැති පා-දඟ පන්දු යවන්නා ක්‍රීඩා කර තිබෙන්නේ ඔහුගේ වයස වැරදියට දක්වමින් බවට හෙළි වී තිබෙනවා.

මෙසේ තමන්ගේ වයස පිළිබඳව අසත්‍ය විස්තර සපයමින් නියම වයස වංචා කළ මේ බෙංගාලි ක්‍රීඩකයාට ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ දෙවසරක තරග තහනමක් නියම කළේ ඔස්ට්‍රේලියාව ට එරෙහිව ළඟ එන තරගමාලාව සඳහා වන ඉන්දියා අවුරුදු 19න් පහළ සංචිතයට ඔහු මීට සති කිහිපයකට පෙර තෝරා ගෙන තිබියදී.

ජූලි මාසයේ කොළඹදී ඉන්දියා යොවුන් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් මංගල ටෙස්ට් වරම් ලබමින් රෝහිත් පළමු ඉනිමේදී කඩුලු දෙකක් ද, දෙවැනි ඉනිමේදී කඩුලු හතරක් ද ලබා ගෙන ඉන්දියා අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 211ක ජයග්‍රහණයක් කරා ගෙන ගියා. එහෙත් ඔහු ඔහුගේ උපතේ වෙනස් වර්ෂ තුනක් දක්වමින් උප්පැන්න සහතික තුනක් තබා ගෙන සිටි බව සොයා ගැනීමෙන් පසුව ඔහුට දෙවසකර ක්‍රීඩා තහනම පනවා තිබෙනවා.

උත්තර් ප්‍රදේශයෙන් එන රෝහිත් යාදව් සංචාරක ඔස්ට්‍රේලියානු අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව මේ මාසයේ පසු දිනවල පැවැත්වීමට නියමිත එක්දින හා බහු-දින තරග සඳහා වන ඉන්දියා අවුරුදු 19න් පහළ සංචිතවලට ද ඇතුළත් කර තිබුණා.

රෝහිත් යාදව්ගේ වයසේ වෙනස අනාවරණය වුණේ ඔහුගේ ලියකියවිලි ශ්‍රී ලංකාවේදී පරීක්ෂා කළ අවස්ථාවේදීයි. රෝහිත් ට 2007, 2009 හා 2010 වශයෙන් වෙනස් උපත් වර්ෂ සහිත උප්පැන්න සහතික තුනක් තිබුණේ ඔහු වයස්-ඛාණ්ඩ ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩා කිරීමට සුදුසුකම් නැති කෙනෙකු බවට පත් කරමින්.

ඔහුගේ Aadhaar (ඉන්දියානු පදිංචිකරුවන්ට නිකුත් කෙරෙන ඉලක්කම් දොළහේ හැඳුනුම් අංකය) වාර්තාවලත් අසමානකම් පෙන්නුම් කරනවා. ඔහු බෙංගාල ක්‍රිකට් සංගමය සමග ලියාපදිංචි කළ අවස්ථාවේ ඔහුගේ උපන් වර්ෂය ලෙස සටහන් කර තිබුණේ 2007. එම වාර්තාවල 2017 හා 2020 වසරවලදී කළ යාවත්කාලීන කිරීමකින් පසුව උපන් වර්ෂය ලෙස දැක්වෙන්නේ 2006. පසුව, ඔහුගේ උපත 2009 වර්ෂය ලෙසින් 2021 වසරේදී වෙනස් කර තිබෙනවා.

බෙංගාල ක්‍රිකට් සංගමය මීට පෙර ඔවුන්ගේ කණිෂ්ඨ කණ්ඩායම්වලින් රෝහිත් ඉවත් කර තිබුණේ මේ වෙනස් වාර්තා නිසායි. පසුව ඔවුන් ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයට මේ බව දන්වා තිබෙනවා.

එම ක්‍රිකට් මණ්ඩලය දැන් ඔහුට දේශීය ක්‍රිකට් තරග සහභාගිත්වය වසර දෙකකට තහනම් කරමින් ඒ පිළිබඳව ඔවුන්ගේ සියලුම අනුබද්ධිත ප්‍රාන්ත සංගම්වලට දන්වා තිබෙනවා.

වයස වංචා කළ ක්‍රීඩකයින් 62ක්

ලියකියවිලි හා වයසේ වෙනස මත 2026-27 හා 2027-28 ක්‍රීඩා වාරයන් සඳහා ලියාපදිංචි කිරීමට හෝ වෙනත් ක්‍රීඩා සමාජයකට මාරු කිරීමට සුදුසුකම් නැති බවට බෙංගාල ක්‍රිකට් සංගමය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ක්‍රීඩකයින් 62 දෙනාගෙන් රෝහිත් ද කෙනෙක්.

‌මේ ලැයිස්තුවට හිටපු ඉන්දියා අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ජයග්‍රාහක රවි කුමාර් සහ පළමු පෙළ තරග තරග තුනක් හා ‘ඒ’ ලැයිස්තුවේ තරග දෙකක් ක්‍රීඩා කර ඇති වමතින් දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක විශාල් භාති ද ඇතුළත් වනවා.

2022 අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු වූ රවි පිළිබඳව බෙංගාල ක්‍රිකට් සංගම් වාර්තාවල මාස 45ක වයසේ වෙනසක් සටහන්ව තිබෙනවා.

තවත් වයස්-ඛාණ්ඩ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ වයස වෙනස් කිරීම් සැලකිය යුතු ප්‍රමාණයක් බෙංගාල ක්‍රිකට් සංගමය විසින් හඳුනා ගෙන තිබෙන අතර මින් සමහර වාර්තාවල වසර ගණනාවක වෙනසක් දිස්ව ඇතැයි වාර්තා වනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com  

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...