BREAKING
රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●
Top Ad
ක්‍රීඩා

ජපාන ආසියානු ක්‍රීඩා උළෙලට යන ඉන්දියානු ක්‍රීඩකයින් දැන් සිටම නිදාගන්නේ නැව් කන්ටේනරවල!

T

The Leader Desk

September 5, 2026 • 4:15 PM

ජපාන ආසියානු ක්‍රීඩා උළෙලට යන ඉන්දියානු ක්‍රීඩකයින් දැන් සිටම නිදාගන්නේ නැව් කන්ටේනරවල!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපානයේදී මුහුණ දීමට සිදුවන නවාතැන් හා ආහාර අභියෝග ජය ගැනීමට, ඉන්දියානු ක්‍රීඩකයින් සිය රට තුළදීම කන්ටේනර් කාමර සහ සුෂි ආහාරවලට හුරුවන අපූරු පෙර පුහුණුව.
  • 2026 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සූදානම් වන ඉන්දියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජපානයට යාමට පෙර අසාමාන්‍ය කටයුත්තක නිරත වෙමින් නැව් කන්ටේනර ඇතුළේ රාත්‍රිය ගත කරමින් සිටිනවා.
  • ඒ වෙනුවට, 17000කට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන්ට නවාතැන් සැපයෙන්නේ හෝටල, මුහුදු සංචාරයේ යෙදෙන නැවක හා තාවකාලික කන්ටේනර ශෛලියේ කුඩා ඒකකවලයි.
  • අඩි 40ක කන්ටේනර පුදුමාකාර ලෙස නවාතැන් ගැනීමේ ස්ථාන බවට වෙනස් කර ඇත්තේ එහි ඇඳන්, වායු සමීකරණය, නානකාමර, කුඩා මුළුතැන්ගෙයක් හා ගබඩා කිරීමේ ඉඩකඩ ද ඇතුළත්ව තිබෙන අයුරින්.
අකුරු ප්‍රමාණය (Font Size):


ක්‍රීඩා ගම්මානයක් නැති අයිචි-නගෝයා ආසියානු ක්‍රීඩා උළෙලට පෙර, නුපුරුදු පරිසරය ජය ගන්නට ඉන්දියාවෙන් වෙනස්ම ආකාරයේ මානසික හා කායික සූදානමක්.

2026 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සූදානම් වන ඉන්දියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජපානයට යාමට පෙර අසාමාන්‍ය කටයුත්තක නිරත වෙමින් නැව් කන්ටේනර ඇතුළේ රාත්‍රිය ගත කරමින් සිටිනවා.

මීට ඉතා හොඳ හේතුවක් තිබෙනවා.

සම්ප්‍රදායානුකූල ක්‍රීඩක ගම්මානයක් Aichi Nagoya ආසියානු ක්‍රීඩා උළෙලේ නැහැ. ඒ වෙනුවට, 17000කට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන්ට නවාතැන් සැපයෙන්නේ හෝටල, මුහුදු සංචාරයේ යෙදෙන නැවක හා තාවකාලික කන්ටේනර ශෛලියේ කුඩා ඒකකවලයි.

එබැවින් ඉන්දියාව ඔවුන්ගේ ක්‍රීඩකයින් ජපානය ට ළඟාවීමට පෙර සිටම ඔවුන්ට එහිදී බලාාපොරොත්තු විය හැකි තත්ත්වයන් පිළිබඳව දැනුමක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

නවාතැන් ගැනීමට හැකිවන පරිදි වෙනස් කරන ලද නැව් කන්ටේනර ඉන්දියාවේ ක්‍රීඩා අධිකාරිය ඔවුන්ගේ පටියාලා සහ බෙංගලුරු නගරවල තිබෙන මධ්‍යස්ථානයන් හි ස්ථාපිත කර තිබෙන අතර ක්‍රීඩකයින් මාරුවෙන් මාරුවට එහි නිදාගෙන අවදි වීමෙන් පසුව ඔවුන්ගේ සාමාන්‍ය පුහුණු චර්යා රටාවේ දිගටම නිරත වෙනවා.

අඩි 40ක කන්ටේනර පුදුමාකාර ලෙස නවාතැන් ගැනීමේ ස්ථාන බවට වෙනස් කර ඇත්තේ එහි ඇඳන්, වායු සමීකරණය, නානකාමර, කුඩා මුළුතැන්ගෙයක් හා ගබඩා කිරීමේ ඉඩකඩ ද ඇතුළත්ව තිබෙන අයුරින්.

 

ක්‍රීඩකයින් කන්ටේනරවල නිදාගැනීමේ ඉන්දියාවේ අවශ්‍යතාව

සීමිත ඉඩ ප්‍රමාණයකට හුරුවීම හැම කෙනෙකු ට ම පහසු දෙයක් වන්නේ නැහැ.

එක් කන්ටේනරයක රාත්‍රීන් දෙකක් ගත කළ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ලෝකඩ පදක්කම්ලාභී කවපෙත්ත විසිකරන ක්‍රීඩිකා සීමා කලිරාමන් පළමු රැය පහන් කිරීම තමාට ඉතාමත් අසීරු වූ බව කියනවා. කෙසේ වෙතත්, දෙවැනි රාත්‍රිය වන විට ඇය එයට හුරුවීමට පටන් ගෙන තිබෙනවා.

ආසියානු ක්‍රීඩා යගුලිය දැමීමේ දෙවතාවක ශූරයා වන ටජින්දර්පාල් සිං ටූර් ට වෙනත් පැහැදිලි ප්‍රශ්නයක් තිබෙනවා. ඒ, ඔහුගේ උස අඩි හයයි අඟල් හතරක් වීමයි.


විශේෂයෙන් තමන්ගේ පුහුණු උපකරණත් සමග සිටින ශරීරයෙන් විශාල ක්‍රීඩකයින්ට ඒ ඉඩ ප්‍රමාණය ගැටළුවක් වීමට ඉඩ තිබෙන බව පිළිගන්නා ටූර්, එහෙත් මේ තත්ත්වයන් පිළිබඳව දැන් ලබන අත්දැකීම ඔවුන් ජපානය ට ගිය පසුව ප්‍රයෝජනවත් වනු ඇතැයි විශ්වාස කරනවා.
 

ඉන්දියාව මේ නවාතැන් පහසුකම්වලින් නතර වෙන්නේ නැහැ
බෙංගලුරු හි ඉන්දියා ක්‍රීඩා අධිකාරි මධ්‍යස්ථානයේ ආහාර මෙනුවට ජපන් ආහාරත් හඳුන්වා දී තිබෙන්නේ ජපාන මසවුලක් වන සුෂි ද ඊට ඇතුළත් කරමින්. මෙයින් අපේක්ෂා කරන්නේ ජපානයේදී ලැබෙන ආහාර පිළිබඳව හොඳ දැනුමක් ක්‍රීඩකයින් තුළ ඇති කිරීමයි.

මෙය පමණට වඩා එහා ගිය සූදානම් වීමක් ලෙස පෙනෙන්නට ඉඩ තිබුනත් මේ පිටුපස තිබෙන්නේ ඉතා සරල අදහසක්. තමන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ ක්‍රීඩා ජීවිතවල එක් ලොකුම ඉසව්වකට පැමිණෙන විට ඔවුන් නිදාගන්නේ කොහේද හෝ ඔවුන් ආහාරයට ගන්නේ මොනවාද කියා වික්ෂිප්ත වනු දකින්න ඉන්දියාව ට අවශ්‍ය නැහැ.

2023 වසරේ චීනයේ Hangzhou නුවර පැවති පසුගිය ආසියානු ක්‍රීඩා උළෙලේදී ඉන්දියාව රන් පදක්කම් 28ක් ඇතුළුව වාර්තාගත පදක්කම් 107ක් දිනා ගත් අතර ඊටත් වඩා ඉදිරියට යාමට වෙර දරන මේ මොහොතේ නුපුරුදු නිදන කාමරයක් නිසා ක්‍රීඩකයින්ගේ සිත් අනවශ්‍ය ලෙස අවුල් නොවන බවට සහතික කළ හැකි තරමේ දුරකට ඉන්දියාව ඔවුන්ගේ සූදානම ගෙන ගොස් තිබෙනවා.
 
warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com  
  

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...