BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
ක්‍රීඩා

ජපාන ආසියානු ක්‍රීඩා සත්කාරක නගරය ජලයෙන් යටවෙයි: දැව කන්ටේනරවල සිටි ක්‍රීඩකයන් ආරක්‍ෂිත තැන්වලට

T

The Leader Desk

September 10, 2026 • 11:37 AM

ජපාන ආසියානු ක්‍රීඩා සත්කාරක නගරය ජලයෙන් යටවෙයි: දැව කන්ටේනරවල සිටි ක්‍රීඩකයන් ආරක්‍ෂිත තැන්වලට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වාර්තාගත වර්ෂාවෙන් නගෝයා නගරයට දැඩි බලපෑම්; ක්‍රීඩා ගම්මානයක් වෙනුවට තැනූ දැව කන්ටේනර මඩුවල සිටි ක්‍රීඩකයින් 400ක් ආරක්‍ෂිත උස් බිම් වෙත.
  • වැසි ජලය තරග පැවැත්වෙන සමහර ස්ථානවලට ද කාන්දු වූ අතර ඉදිරියේ තිබෙන්නේ වැසි සහිත කාලගුණයක් බව අනාවැකි පළව තිබෙනවා.
  • නගෝයා නගරයේ කොටසකට පෙරේදා පැයක් තිස්සේ මිලිමීටර් 104ක (අඟල් හතරක්) පමණ වර්ෂාව පතිත වුණේ නගරයේ ප්‍රදේශ කිහිපයක 3,500ක පමණ ජනතාවට ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් වන ලෙසට ඉක්මන් නියෝගයක් නිකුත් කිරීමට මහ නගර සභාවට සිදුවෙමින්.
  • නගරයේ Garden Pier පෙදෙසේ අටවා තිබෙන ලීයෙන් තැනූ කන්ටේනර මඩුවල නවාතැන් ගෙන සිටින 400ක් පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසට නගෝයා වරාය අධිකාරිය දැනුම් දුන්නා.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රවාහන සේවා අඩපණ වෙද්දී තරග බිම් කිහිපයකටත් ජලය කාන්දු වෙයි; සැලසුම් කළ පරිදිම තරග පවත්වන බවට නගෝයා පුරපතිගෙන් සහතිකයක්.



ජපානයේ අද ඇරඹෙන ආසියානු ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දක්වන අයිචි-නගෝයා නගරයට පෙරේදා ඇදහැලුනු වාර්තාගත වර්ෂාපතනයෙන් හටගත් ගංවතුර හේතුවෙන් සිය ගණන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන් නැවතී සිටි ස්ථානවලින් කෙටි වේලාවකට ඉවත් කර උස් බිමකට ගෙන ගියා.

වැසි ජලය තරග පැවැත්වෙන සමහර ස්ථානවලට ද කාන්දු වූ අතර ඉදිරියේ තිබෙන්නේ වැසි සහිත කාලගුණයක් බව අනාවැකි පළව තිබෙනවා.

නගෝයා නගරයේ කොටසකට පෙරේදා පැයක් තිස්සේ මිලිමීටර් 104ක (අඟල් හතරක්) පමණ වර්ෂාව පතිත වුණේ නගරයේ ප්‍රදේශ කිහිපයක 3,500ක පමණ ජනතාවට ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් වන ලෙසට ඉක්මන් නියෝගයක් නිකුත් කිරීමට මහ නගර සභාවට සිදුවෙමින්.

ජලගැල්මෙන් යටවී තිබූ මාර්ගවලින් අමාරුවෙන් ඉදිරියට යාමට මෝටර් රථවලට සිදුවීම නිසා ලොකු වාහන තදබදයක් හටගත් අතර උමං දුම්රිය ස්ථානවලට වැසි ජලය ගඟක් සේ ගලා ගියා.

ක්‍රීඩා ගම්මානය වෙනුවට තැනූ ලී කන්ටේනරවලටත් අනතුරු ඇඟවීම්

 

aichi
මේ වසරේ ආසියානු ක්‍රීඩා උළෙලට වෙන් කෙරුණු ක්‍රීඩක ගම්මානයක් නැහැ. ඒ වෙනුවට සංවිධායකයින් මුහුදු සංචාරයේ යෙදෙන නැවක්, තාවකාලික දැව කන්ටේනර හා හෝටල කෙරෙහි විශ්වාසය රඳවා තිබෙනවා.

නගරයේ Garden Pier පෙදෙසේ අටවා තිබෙන ලීයෙන් තැනූ කන්ටේනර මඩුවල නවාතැන් ගෙන සිටින 400ක් පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසට නගෝයා වරාය අධිකාරිය දැනුම් දුන්නා. ප්‍රදේශය හැර යන ලෙසට දුන් නියෝගය පැය දෙකකට පමණ පසුව ඉවත් කිරීමෙන් අනතුරුව ක්‍රීඩකයින් යළි පැමිණියා.

ආසියානු ක්‍රීඩා උළෙල සමාරම්භක උත්සවයකින් නිල වශයෙන් ආරම්භ වන්නේ සැප්තැම්බර් 19 වැනිදායි. එහෙත් ඉසව් කිහිපයක් ඊට පෙර ආරම්භ වනවා. බාස්කට්බෝල් තරගාවලිය බ්‍රහස්පතින්දා (අද) ආරම්භ වනවා.


තරග බිම්වලට හානි නෑ; සැලසුම් කළ පරිදිම තරග ඇරඹෙයි
 
තරග පැවැත්වෙන ස්ථාන කිහිපයකම වැසි ජලය කාන්දු වී තිබෙනු සොයාගෙන තිබෙන අතර එම ස්ථානවලට බරපතල හානියක් සිදුව නැති බවත් තරග කලින් සැලසුම් කළ පරිදි ම පැවැත්වෙනු ඇති බවත් නගෝයා පුරපති කියනවා. සමහර ගොඩනැගිලිවලට වහලෙන් ජලය කාන්දු වීම වැනි සීමිත බලපෑමක් සිදුව තිබුනත් 19 වැනිදා පැවැත්වීමට නියමිත සමාරම්භක උත්සවය අනතුරෙහි හෙළන තරමට තත්ත්වය දැනට බරපතල නැතැයි ඔහු පවසනවා.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 17,000කට වැඩි ප්‍රමාණයක් ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වනු ඇති බවට අපේක්ෂා කෙරෙන අතර මෙය ඔලිම්පික් ක්‍රීඩා උළෙලට වඩා වැඩි සංඛ්‍යාවක් වනවා.

නගෝයා හි උමං දුම්රිය හා බස් සේවා අඟහරුවාදා තාවකාලිකව ඇනහිටුනු අතර ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය ප්‍රදේශයේ ප්‍රධාන ගංගාවක් වෙනුවෙන් ඔවුන්ගේ ඉහළම ජලගැල්මේ අනතුරු ඇඟවීම නිකුත් කළා.

උස් බිමකින් පතිත වන දියඇල්ලක් මෙන් වැසි ජලය දුම්රිය මාර්ගයකට ගලන අයුරු රූපවාහිනී පටයකින් දර්ශනය වනවා.

උමං දුම්රිය ඇනහිටී; ඉදිරියටත් අධික වැසි අනාවැකි
 
600oop
නගෝයා නගරයේ තවත් ප්‍රදේශයක පදික වේදිකාවේ ඊයේ කාරයක් අත්හැර දමා ගොස් තිබුණා. වාහන තදබදය හේතුවෙන් හෝටල කාමරවල සිටි සංචාරකයින්ට නැවත ඔවුන්ගේ නිවෙස් බලා යාමට නොහැකි වූ බව පැවසෙනවා. සමහර හෝටල සේවකයින්ට රැකියාවට ඒමට පවා නොහැකි වී තිබෙනවා.

ජපාන කාලගුණ ඒජන්සිය ඊයේ අනතුරු ඇඟවීම් නිකුත් කරමින් දැඩි වර්ෂාපතනයක් හා නාය යාම් සිදුවනු ඇතැයි ප්‍රකාශ කර තිබෙන්නේ ආසියානු ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දක්වන අයිචි ප්‍රදේශය ඇතුළු රටේ විවිධ පළාත්වල අද (බ්‍රහස්පතින්දා) දවස පුරා විටින් විට වර්ෂාව ඇදහැලෙනු ඇති බවට අනාවැකි පළ කරමින්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com  

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...