BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

කොළඹ නීති පීඨය වජ්‍ර් ජයන්ති සැමරුම දෙසැ. 3-4

T

The Leader Desk

November 28, 2022 • 6:43 PM

කොළඹ නීති පීඨය වජ්‍ර් ජයන්ති සැමරුම දෙසැ. 3-4

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ විශ්වවිද්‍යාලයීය නීති පීඨය වර්ෂ 2022 දෙසැම්බර් 3 සහ 4 යන දිනයන්හී දී
  • ඒ අනුව, අන්තර්ජාතික සහ දේශීය නීතිවිශාරදයින්, ගෞරවනීය අධිකරණ සාමාජිකයින් සහ නීති වෘත්තිකයන්ගේ සහභාගිත්වයෙන් අන්තර්ජාතික මට්ටමේ අධ්‍යයන පර්යේෂණ සමුළුවක් කැඳවා ඇත.
  • නීති පීඨයේ වජ්‍ර ජයන්ති සැමරුම විද්වතුන්ට සහ උපාධිධාරීන්ට පීඨය මෙතෙක් ලබා ඇති සාර්ථකත්වයන් සහ ජයග්‍රහණ පිළිබඳ මෙනෙහි කිරීමට අවස්ථාවක් ලබා දේ.
  • ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි කථිකාචාර්යවරුන්, පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ වෘත්තිකයින් ලෙස ප්‍රමුඛ කාර්ය භාරයන් ඉටු කිරීමට ඉදිරිපත් වූ විශිෂ්ට වෘත්තිකයන් සහ විද්වතුන් පරම්පරාවන් මෙම පීඨය මගින් දායාද කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අන්තර්ජාතික අධ්‍යයන පර්යේෂණ සමුළුවක් පවත්වමින් සිය වජ්‍ර ජයන්තිය සමරයි.

ඒ අනුව, අන්තර්ජාතික සහ දේශීය නීතිවිශාරදයින්, ගෞරවනීය අධිකරණ සාමාජිකයින් සහ නීති වෘත්තිකයන්ගේ සහභාගිත්වයෙන් අන්තර්ජාතික මට්ටමේ අධ්‍යයන පර්යේෂණ සමුළුවක් කැඳවා ඇත.

 ප්‍රවීණ නීති විශාරදයෙකු වන ශ්‍රී ලංකාවේ ජපාන තානාපති වශයෙන් කටයුතු කරන Mizukoshi Hideaki මෙම සමුළුවේ මුඛ්‍ය දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.



මෙකී සමුළුවේ තේමාව වන්නේ  "අභියෝග අවම කිරීමෙහී ලා ඩිජිටල් පරිවර්තනය සහ නව්‍ය ප්‍රවේශයන්: නීති අධ්‍යාපනය, පර්යේෂණ සහ ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය න්‍යාය පත්‍රයක්" යන්නයි. මෙකී තේමාව පාදක කරගනිමින් මෙම සමුළුව එනයින් ම ඉලක්ක කරනුයේ ඩිජිටල් පරිවර්තන සහ අභියෝග අවම කිරීම සඳහා වන නව්‍ය ප්‍රවේශයන් මගින් ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය, නීති පර්යේෂණ සහ නීති ප්‍රතිසංස්කරණ ශක්තිමත් කළ හැකි ආකාරය ගවේෂණය කිරීමයි.



ඒ අනුව, ඉහල ඩිජිටල් සාක්ෂරතාවයක් සහ තාක්‍ෂණය හරහා මෙහෙයවනු ලබන ලෝකයක, කාලීන අවශ්‍යතාවයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය, නීති පර්යේෂණ සහ නීති ප්‍රතිසංස්කරණ සඳහා අනාගත දැක්මක් ප්‍රවර්ධනය කිරීමෙහි ලා මෙම සමුළුවේ සංවිධායකයින් කැපවී සිටිති.

මෙම අධ්‍යයන සමුළුවේ දී, නීති අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම; ආණ්ඩුක්‍රමව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, කෘතිම බුද්ධිය සම්බන්ධ සිවිල් වගකීම්; ඩිජිටල් යුගයක වෘත්තීමය වටිනාකම්; ජාත්‍යන්තර බේරුම්කරණ ක්‍රියා පටිපාටින් සහ සාගර නීතිය පිළිබඳ විනිශ්චක පර්ශද වැනි පුළුල් පරාසයක් ආවරණය වන පරිදි මාතෘකා ගණනාවක් ඔස්සේ විද්වතුන් සහ වෘත්තිකයන් ගණනාවක් විසින් අධ්‍යන පර්යේෂණ පත්‍රිකා 66ක් ඉදිරිපත් කෙරෙනු ඇත.

නීති පීඨයේ වජ්‍ර ජයන්ති සැමරුම විද්වතුන්ට සහ උපාධිධාරීන්ට පීඨය මෙතෙක් ලබා ඇති සාර්ථකත්වයන් සහ ජයග්‍රහණ පිළිබඳ මෙනෙහි කිරීමට අවස්ථාවක් ලබා දේ.



ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි කථිකාචාර්යවරුන්, පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ වෘත්තිකයින් ලෙස ප්‍රමුඛ කාර්ය භාරයන් ඉටු කිරීමට ඉදිරිපත් වූ විශිෂ්ට වෘත්තිකයන් සහ විද්වතුන් පරම්පරාවන් මෙම පීඨය මගින් දායාද කර ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය ශ්‍රි ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුල පවත්නා එකම නීති පීඨය වන අතර එය ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය තුළ නීතිය පිළිබඳ උපාධියක් පිරිනමන ප්‍රමුඛතම නීතිය ඉගැන්වීමේ ආයතනය වේ.



නීති පීඨය පසුගිය වසරේ දී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් නීතිවේදී උපාධි පාඨමාලාව හැදෑරීමට සිසුන් 325 දෙනෙකු බඳවාගෙන ඇත. නීති පීඨය විසින් පිරිනමනු ලබන නීතිය පිළිබඳ පශ්චාත් උපාධිය (LLM) දැනට ශ්‍රී ලංකාවේ  වැඩිම ඉල්ලුමක් පවතින නීතිය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාව වන අතර, නීතිය පිලිබඳ දර්ශනපති(MPhil) සහ නීතිය පිලිබඳ ශාස්ත්‍රපති (PhD) යන පර්යේෂණ උපාධි පාඨමාලා සඳහා ද  සැලකිය යුතු වෘත්තිකයන් සහ විද්වතුන් පිරිසක් බඳවා ගනු ලබයි.

 දශක තුනකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනයේ සහ අධ්‍යාපනයේ පුරෝගාමී ආයතනයක් වූ මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රය ඇතුළු ආයතන ගණනාවක් නීති  පීඨය සෙවණෙහි  පිහිටුවා ඇත. තවද පීඨයේ නීති ආධාර ඒකකයක් සහ පාරිසරික නීති සහ ප්‍රතිපත්ති මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන යනු ලබයි.

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...